Connect with us

Politics

මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ රැසක මිල පහළ දමනවා

මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක සහ භාණ්ඩ රැසක මිල පහල දමන ලෙස ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බව හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් (04) දින කියා සිටියේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය රාජ්‍ය ආයතන රැසක් එක් කර ගනිමින් නාවලපිටිය නගරයේ සංවිධානය කර තිබු රන්මිණි දියවර සංස්කෘතික කලා මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මෙවර අයවැයෙන් වැඩි කිරිමට රජය තිරණය කර තිබියදි ඇතැම් රාජ්‍ය සේවකයන් වෙනත් දේශපාලන පක්ෂවල උවමනාව මත වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරත වන බවයි.

එම උද්ඝෝෂණ වල නිරතව සිටි වැඩි පිරිසක් උපාධිදාරින් බවත්, එම උපාධිදාරින් උපාධි පත්විම ලබාගෙන වසර ගණනාවක් රැකියාවක් නොමැතිව සිටියදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ රජයෙන් ඒ අය සදහා රජයේ රැකියාවන් ලබාදුන් බවයි.

උද්ඝෝෂණය කිරිමේ අයිතිය ජනතාවට තිබුණද එම උද්ඝෝෂණ සිදු කල යුත්තේ දේශපාලන වාසි ලබාගැනිමට නොව සැබැ අයිතින් දිනා ගැනිමට පමණක් බවයි.

උද්ඝෝෂණවලට බිය වි රජයක් සිදුකරගෙන යාමට නොහැකි බවත්, උද්ඝෝෂණය කිරිමේ අයිතිය ජනතාව මත තබා මෙවර අයවැයෙන් පසු ලබන වසර රටේ ජනතාවට සහනදායි වසරක් වශයෙන් පත් කිරිම තම රජයේ අරමුණ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

ඉන්ධන මිල වැඩි කිරිම නිසා මේ වන විට රටේ ඉන්ධන පරිභෝජනය අඩු වි ඇති බවත්, එමෙන්ම විදුලි බිල වැඩි කිරිම නිසා විදුලි පරිභෝජනයද අඩු වි ඇති බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)                      

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Politics

ඉවත්කළ වීදි ආහාර අලෙවිසැල්වලට වෙනත් තැනක් ලබාදීමට මම බැඳිලා නැහැ

මහාමාර්ග නීතිය යටතේ මාර්ගවල කඩ දැමීමේ හැකියාවක් නොමැති බවත් ඔවුන්ට වෙනත් තැනක් ලබාදීමට තමන් බැඳී නොමැති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

තලවතුගොඩ කිඹුලාවල පිහිටි වීදි ආහාර (Street food) අලෙවිසැල් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට එය ඉවත් කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි.

Continue Reading

Politics

ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන ගියා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙන බවත්, අද ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලුම රටවලට මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මෙසේද පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස අපට පසුගිය වසරේ සිට විශාල කාර්යභාරයක් පැවරී තිබුණා. පසුගිය සමයේ ඇති වූ යම් යම් සිදුවීම් නිසා ඇතැම් විදෙස් රටවල් සමඟ අපේ සම්බන්ධතා පළුදුව තිබුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙනවා. ඒ වගේම අද ශ්‍රී ලංකාව ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගනිමින් සිටිනවා.

එක් පාර්ශ්වයකට සීමා නොවී, සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කිරීම රජයේ අරමුණ බව කිවයුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ සියලුම රටවල් සමග මිත්‍රශීලි සබඳතා ගොඩනගා ගැනීමයි. කිසිවකු සමඟ අමනාප නොවීමටත්, කිසිදු කඳවුරකට ගැති නොවීමටත් එහිදී වගබලා ගනු ඇතියි.

මෙම මිත්‍රශීලි සබඳතා තුළ රට වෙනුවෙන් ‌ෙඑතිහාසික පියවර ගණනාවක් ගැනීමට අප සමත්ව තිබෙනවා. අඩු ආදායම් ලබන රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සමාජය තුළ යම් යාන්ත්‍රණයක් තිබෙනවා. නමුත් අඩු ආදායම්ලාභී රටවල්වලට වඩා ඉහළින් සිටින රටක් වශයෙන් අපේ රටට අදාළව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. එනිසා අපටම ආවේණික වූ යාන්ත්‍රණයක් සකස් කිරීමට සිදු වුණා. එහිදී පැරිස් සමාජයෙන් පිටත සිටින ඉන්දියාව චීනය සහ ජපානයේ ද සහාය ලැබීම හේතුවෙන් පැරිස් සමාජය තුළින් යම් යම් උපකාර ලබා ගැනීමට අපට හැකි වුණා.

ඒ අනුව මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය ලබාදීමට පසුගිය මාසය වන විට සියලුම රටවල් එකඟත්වය පළ කළා. මේ නිසා අනිකුත් රටවල්වලට සාපේක්ෂව අප රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම දෙසැම්බර් 12 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමට ඉන් අනතුරුව අපට හැකියාව ලැබෙනවා.

මෙම දෙවැනි වාරිකය ලබා ගැනීමට සමත්වීම තුළ ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියකට ගමන් කරන බවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තරයේ පිළිගැනීම වී තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ඉන්දියාව, චීනය මෙන්ම බටහිර රටවල් සහ මැද පෙරදිග රටවල් ඇතුළු සියලුම රටවල ණය හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීමට ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ ඉවහල් වූ බව කිවයුතුයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් පසු අපේ රට බංකොලොත්භාවයෙන් මිදුණු රටක් බවට ලෝකයට ප්‍රකාශ කිරීමට අපට හැකියාව ලැබෙනවා. මෙරට ජනතාව ඉතා අසීරු කාලයක් පසු කළා. නමුත් අද වන විට ක්‍රම ක්‍රමයෙන් රට එම තත්ත්වයෙන් මුදවා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ණය ගෙවීමේ ප්‍රමාණය අඩු කර ගැනීම සහ පොළිය අඩු කර ගැනීම තුළින් අපට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක සහනයක් රටට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. රටට ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට නම් නව ආයෝජකයන් අවශ්‍යයි. ඒ සඳහා වූ වැඩපිළිවෙල දැන් අප ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුව වන විට රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ඉහළ නංවා ගැනීමට හැකිවෙයි කියා අප විශ්වාස කරනවා.

Continue Reading

Politics

වතු කම්කරුවන්ගේ වැඩි කරන වැටුප් ප්‍රමාණය ගැන දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන්න

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමග අද (08)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එම ඉදිරි කටයුතු සඳහා කමිටු පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ අතර වතු කම්කරු ජනතාවගේ නිවාස අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීමට එක් කමිටුවක් පත් කිරීමටත්, වතු කම්කරුවන් සහ වැවිලි සමාගම් නියෝජනය කරමින් තවත් කමිටුව පත් කිරීමටත් මෙහිදී යෝජනා විය.

රටේ ආර්ථික දියුණුව ඇති කිරීමේ දී අපනයන ආර්ථිකයක් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව මෙහිදී සදහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවද කියා සිටියේය.

ඉදිරියේදී ආසියාතික රටවල ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යනු ඇති බවත් ඒ සමඟ වැඩිවන ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් මෙරට අපනයන ආර්ථිකය සූදානම් කළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරු සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement
Hot News7 mins ago

Watch : මිහින්තලේ හිමියන්ගේ දිවි තොර කිරීමේ සැලැස්මක්

Hot News21 mins ago

නාවික හමුදාවේ 1877කට උසස්වීම්

Hot News24 mins ago

කොළඹට අද පැය 16ක ජල කප්පාදුවක්

Hot News29 mins ago

හබරාදූව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Weather33 mins ago

අද සවසත් හොඳටම වැස්ස සැරවෙයි

Hot News11 hours ago

සමාජයට වැඩදායී දෙයක් වෙනුවෙන් විනාඩි 5 ක් වෙන් කරන්න සෞඛ්‍ය ඇමතිගෙන් මාධ්‍යයට ඉල්ලීමක්

Hot News11 hours ago

Watch : බදුල්ල -කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

Hot News12 hours ago

අපේක්ෂා රෝහලේ විකිරණ තාක්ෂණවේදීන්ගේ වර්ජනය අවසන්

Hot News13 hours ago

මාස 06කින් ලන්ච් ෂීට් භාවිතය තහනම්

Politics13 hours ago

ඉවත්කළ වීදි ආහාර අලෙවිසැල්වලට වෙනත් තැනක් ලබාදීමට මම බැඳිලා නැහැ

Politics13 hours ago

ජනපතිගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන ගියා

Politics13 hours ago

වතු කම්කරුවන්ගේ වැඩි කරන වැටුප් ප්‍රමාණය ගැන දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන්න

Hot News15 hours ago

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් වෙනස් වෙයි

Hot News15 hours ago

බිත්තර රැක්කවීමට චීනයෙන් අලුත්ම යන්ත්‍රයක්

Hot News16 hours ago

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

Hot News17 hours ago

හැටන් කොළඹ මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරේ

Hot News17 hours ago

කැලණිය විශ්ව විද්‍යාලය ලබන සඳුදා යළි විවෘත කෙරේ

Hot News17 hours ago

අපේක්ෂා රෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වර්ජනය තවදුරටත්

Hot News17 hours ago

නිවුන් දරුවන් විකුණූ සිද්ධියේ කාන්තාවන්ට ඇප – මව දරුවන් බාරගන්න බෑ කියයි

Hot News17 hours ago

සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර

Politics18 hours ago

මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට නව තනතුරක්

Hot News18 hours ago

තරුෂි හිටපු ජනපති හමුවෙයි

Hot News18 hours ago

හරක් කටා සහ කුඩු සලිඳු තවත් දින 90ක් රඳවා ගැනීමට CIDයට අවසර

Hot News19 hours ago

දමිළ ඩයස්පෝරාව මල්වතු අස්ගිරි නාහිමිවරු බැහැ දකිති

Hot News19 hours ago

මාතර – රත්නපුර මාර්ගයේ නායයෑමක්

Hot News20 hours ago

කළුතර මහාධිකරණයෙන් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම

Hot News20 hours ago

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Hot News21 hours ago

තම පුතාගේ මනාලිය වෙන්න සිටි දැරිය අපයෝජනය කළ පියා රිමාන්ඩ්

Hot News21 hours ago

කෝප වූ කපුවා දේවාලයට පැමිණි පුද්ගලයාව එළොව යවයි

Politics21 hours ago

“හිමාලයා ප්‍රකාශනය” ජනපතිට පිළිගන්වයි

Sports1 month ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News4 weeks ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports4 weeks ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Local1 month ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local1 month ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 weeks ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 weeks ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Sports1 month ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World1 month ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World2 weeks ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 days ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Sports1 month ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News1 month ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Weather2 months ago

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Hot News22 hours ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News1 month ago

ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

World4 weeks ago

ඇමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 5 දෙනෙක් ජීවිතක්ෂයට

World2 weeks ago

ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්

Hot News1 week ago

මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට

Hot News2 weeks ago

Watch : බටගොඩ කම්පා කරමින් නිවසේ සිටි 15 හැවිරිදි සිසුවා අකුණු සැර වැදී අවසන් ගමන් යයි

Hot News1 month ago

සතොස කිරිපිටි මිල පහළට

World2 weeks ago

Binance ලොක්කා වරද පිළිගෙන ඉල්ලා අස්වෙයි

Hot News3 weeks ago

පාසල් සිසුවෙක් වස පානය කර පාසලට පැමිණෙයි

Hot News1 month ago

Watch : ලක්මව රනින් සැරසූ තරුෂිව රාජා ජුවලර්ස් රනින් සරසවයි

Hot News2 months ago

වලල්ලාවිට ප්‍රාදේශීය සභා හිටපු ජ.වි.පෙ. මන්ත්‍රිවරයකු දියේ ගිලි මියයයි

Hot News3 weeks ago

Watch : මින්නේරිය වැවේ දිය නෑමට ගිය දියණියන් දෙදෙනා සහ මව දියේ ගිලෙයි

Hot News1 month ago

Watch : අතුරු තහනම් නියෝගයත් එක්ක අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යයි

Hot News1 month ago

Watch : අර්ජුනගේ කමිටුවට ඇයි විජේදාසගේ පුතාව දැම්මේ ?

Hot News1 month ago

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි

Sports1 week ago

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Hot News7 mins ago

Watch : මිහින්තලේ හිමියන්ගේ දිවි තොර කිරීමේ සැලැස්මක්

Hot News11 hours ago

Watch : බදුල්ල -කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

Hot News1 day ago

Watch : යතුරුපැදි 2ක් මුහුණට මුහුණ ගැටෙයි 4ක් රෝහලේ එක් අයෙකුට බරපතලයි

Hot News2 days ago

Watch : කොස්ලන්දට ආ අලියා කොස් කන්න ගහට නැගපු හැටි මෙන්න

World2 days ago

Watch : උමං තුල සිටි හමාස් හමුදා නායකයන් රැසක් අවසන් ගමන් යවමින් ඊශ්‍රායල් හමුදාව පෙරට යයි

Hot News2 days ago

Watch : දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල නෙළුම් කුළුණේ දී විවෘත වෙයි

Uncategorized2 days ago

Watch : කාන්තාවකගේ අත් බෑගය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මංකොල්ලකා පලායයි

Hot News3 days ago

Watch : රටම ආදර්ශයක් දුන් වැල්ලවාය කොටවෙහෙරගල ගම්මානයේ මිනිස්සු

Politics3 days ago

Watch : මගේ අම්මයි තාත්තයි හොඳ සල්ලිකාරයෝ

Hot News3 days ago

Watch : බස් රථයක් ඇළකට පෙරළෙයි

Hot News3 days ago

කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

Politics3 days ago

Watch : තරුණ තරුණියන් එකතු කරගෙන ඩයනා අලුත් වැඩක් පටන් ගන්න යයි

Hot News4 days ago

Watch : දුම්රියේ වැදීමට ගිය සුරතල් බල්ලා බේරාගැනීමට ගිය මව කෝච්චියට බිලිවෙයි

Hot News4 days ago

Watch : බම්බලපිටියේ නමගිය අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරියට ඇප ලැබෙයි

Politics4 days ago

Watch : 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න – සිරිසේනගෙන් ඉල්ලීමක්

Hot News5 days ago

Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

Politics5 days ago

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – සජිත්

Hot News5 days ago

Watch : අභයාරාමයට ආපු ලයිට් බිල ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

World6 days ago

Watch : ඊශ්‍රායලය හමාස් යුද්ධය දරුණු අතට

Hot News6 days ago

Watch : මාළු බෝට්ටු වලින් ගෙනාපු ලිංගික උත්තේජන පෙති 31000ක් මාට්ටු 

Hot News6 days ago

Watch : තොවිලයට පැමිණි තරුණ පිරිසක් අතර ගුටි කෙලියක – නිවසකට දැඩි හානි

Hot News6 days ago

Watch : ක්‍රොන්ක්‍රීට් මික්ෂර් රථයක් ප්‍රපාතයට පෙරලෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

Politics6 days ago

Watch : ඊළඟ ජනාධිපතිවරණයේදී වෙන දේ ගැන අනුර කියයි

Politics6 days ago

Watch : සජිත්ගේ හැසිරීම නාමල් හෙළා දකී මෙන්න නාමල් සජිත්ට කිව්ව කතාව

Politics7 days ago

Watch : මට නම් තියෙන්නේ පරම්පරාවෙන් එන තට්ටයක්

Hot News7 days ago

Watch : පාතාලය මර්දනය කරන විදිය කතාවෙන් නෙමෙයි වැඩ කරලා පෙන්වන්නම්

Hot News7 days ago

Watch : මරණ පරීක්ෂණයකට ගිය පොලිස් නිලධාරීන්ට බඹර ප්‍රහාරයක්

Uncategorized7 days ago

Watch : ඩයනා, සුජිත්,රෝහණ සිද්ධියෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Politics7 days ago

Watch : රන්ජන්ගේ සහයත් අනුරට ද ?

Hot News1 week ago

Watch : රටටම ගෞරවයක් අරන් දෙන එක තමයි මගේ හීනය

Advertisement

Categories

Trending