පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය අභිමුව ගංවතුරට හසු වී මියගිය කුකුළන් සුද්ද කර, පැකට් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එබැවින් කුකුළු මස් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් ඉතා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටිනවා.

වෙළඳපොළේ ඇති කුකුළු මස් සුදු පැහැති වර්ණයක් ගන්නා බවත් මෙම කුකුළු මස් රතු පාටට හුරු වර්ණයක් ගන්නා බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, කොපමණ උෂ්ණත්වයට තැම්බුවත් මෙම කුකුළු මස්වල විෂබීජ මැරෙන්නේ නැති බවයි.

මේ සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් වහාම පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දෙන ලෙසයි ඔහු සඳහන් කරනවා.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here