රට දැන් බංකොලොත් භාවයෙන් එළියට පැමිණ තිබෙන බව සියලු දෙනාටම පැහැදිලි බවත්, ඒ අනුව රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව උදාවී තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන අතර, එම කාරණය ජනපති 26 වැනිදා රටට ප්‍රකාශ කරනු ඇතැයි ඔහු සඳහන් කරනවා.
ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජූනි මස 26 වැනිදා ජාතිය අමතන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ජාතිය අමතමින් ජනාධිපතිවරයා ඉදිරි සැලසුම්, වැඩ පිළිවෙළ සහ ඉලක්ක ගැන රටම දැනුම්වත් කරන බවයි ඔහු පැවසුවේ.