පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන සඳහන් කළේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන විමර්ශනයක් සිදු කළ යුතු බවයි.

‘නින්දෙන් නැගිටලා වගේ මෛත්‍රීපාල කියනවා, පාස්කු ප්‍රහාරය කරපු කෙනා දන්නවලූ. මේක රහසිගතව තියාගන්න ඔිනි කාරණාවක් නෙවෙයි විනිසුරුවරුන්ට. රටේ මිනිස්සු මේක දැනගත යුතුයි. මෛත්‍රීපාල සිරිසේන අත්අඩංගුවට අරගෙන මේ පිළිබඳව තොරතුරු අනාවරණය කරන්න කියලා අපි ඉල්ලනවා…’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here