හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව අද අලුයම 2.50ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි. 284 දරණ ගුවන් යානයෙන් ඔහු නවදිල්ලිය බලා පිටව ගොස් ඇති අතර එහි සිට වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ තවත් එම පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු මෙම ඇමෙරිකානු සංචාරය සදහා එක්ව ඇති අතර ඔවුන් ශ්‍රී ලාංකිකයන් සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමු කීපයක් එහිදී පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.