මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී අද උදෑසන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරණ රැළි මාලාවේ මොණරාගල දිස්ත්‍රික් රැලිය පැවැත්විණි.
එම රැලිය නිමා කර යලි යමින් සිටි පිරිසකට බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ මග රැක සිටි පිරිසක් විසින් පහර දී ඇති අතර පහරදීම නිසා පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරයි.
(ජයන්ත වීරසේකර – වැල්ලවාය)