Hot News

මොහුව සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි

ජාතික හැදුනුම්පත් දෙකක් සකස් කිරීම සදහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමක් හා ලේඛන අස්ථාන ගත වීමක් සම්බන්ධව 2013.03.28 වන දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව සිදු කල විමර්ශනයේදී පහත විස්තර සඳහන් පුද්ගලයා විසින් එම ව්‍යාජ ලේඛණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරුගේ විස්තර පහත පරිදි වේ.

නම :- වෑවලගේ රශ්මි නුවන්,
ලිපිනය :- අංක 141/1 වැල්ලවීදිය, මීගමුව

මෙම සැකකරු හඳුනා ගැනීම සඳහා ඔහුගේ ඡායාරූපයක් මේ සමඟ ඔබ වෙත එවනු ලබන අතර සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංකයන්,

  1. ස්ථානාධිපති විශේෂ විමර්ශන අංශ III – 071-8594915 011-2395371

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version