ඊයේ සවස පහයි තිහට පමණ රත්නපුර නව නගරයේදී සිදුවූ රිය අනතුරෙන් බරපතල තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ තරුණයන් පස් දෙනාගෙන් එක් අයෙක් මිය යයි.
මෙසේ මියගොස් ඇත්තේ කුරුවිට පදිංචි කවිඳු ගවේෂාන් නමැති අවුරුදු විස්සක අවිවාහක තරුණයෙකි.
අනෙකුත් හතර දෙනාද තවමත් බරපතල තත්වයේ පසු වෙයි.
යතුරුපැදි තුනක කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදි තුනේ ආ පස් දෙනෙක් බරපතල තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
ඊයේ(11) සවස කුරුවිට සිට රත්නපුර දෙසට ගමන් කරමින් තිබූ කාර් රථයක් රත්නපුර නව නගරයේදී රත්නපුරිසිට කුරුවිට දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදි තුනක මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදි තුනේ ගමන් ගත් පුද්ගලයින් පස්දෙනෙක් බරපතල තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
කාර් රථයේ පැමිණි රියැදුරු ඇතුළු පිරිස කාර් රථය එතන දමා පලා ගොස් ඇති අතර රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.