Hot News

යකාගේ පිහි පහරින් අයෙක් මරුට 

යකා නැමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකුගේ පහරට ලක්වූ කටුගස්තොට, ගොහාගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.   

කටුගස්තොට පොලිස් වසමේ ගොහාගොඩ බාන්වැල්ගොල්ල ප්‍රදේශයේ දී 29 දින රාත්‍රියේ 08ට පමණ පැරැණි කෝන්තරයක් මත කදිරන්ගෙදර ජයන්ත සේනාරත්න නොහොත් යකා නැමැති පුද්ගලයා විසින් සනත් බන්දුල අබේකෝන් නැමැති පුද්ගලයාට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කොට ඇති අතර ප්‍රදේශවාසීන් විසින් තුවාල ලද පුද්ගලයා පේරාදෙනිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.

මෙම මිනීමැරුමේ සැකකරු හෙවත් යකා නමින් හැඳින්වෙන පුද්ගලයා මීට ප්‍රථම මෙම ප්‍රදේශයේ කල කෝලාහල කීපයක්ම සිදුකොට ඇති බවත් තම බිරිඳ සමග අමනාපව පදිංචිව සිටි  නිවසට පවා ගිණි තැබූ පුද්ගලයකු බවත් පොලිසියට තොරතුරු ලැබී තිබේ.  

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කටුගස්තොට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජයසිංහ යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

(කමල් සුරවීර – මහනුවර)   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version