අද (14) දින මීටියාගොඩ, වැරැල්ලාන දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපැදියක් ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර, මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53ක් වන කළුගේ – හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.
පොලිසිය සඳහන් කරන්නේ, යතුරුපැදිකාරියගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
(මිනුවන්ගොඩ දමිත් තිසර)