මීට මාස කිහිපයකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව අද වන විට ආර්ථික සහ මූල්‍ය වශයෙන් වඩා යහපත් මට්ටමක සිටින ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය දෙන බවට ලෝක බැංකුව සහතික වී තිබේ.
ලෝක බැංකුවේ අනුග්‍රහය සහිත ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම පිළිබඳ සහ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ප්‍රශංසා කරන බවද මෑත කාලයේ මුහුණදුන් අභියෝග පසෙකලා ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකා ක්‍රියාත්මක කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ පූර්ණ සහාය දෙන බවද ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා අවධාරණය කරයි.
අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරයේදී මේ දිනවල පැවැත්වෙන IMF/WB වසර මැද සමුළුවට සහභාගි වී සිටින මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.