යාපනය ප්‍රදේශයේදී කඩු පහක් හා යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු ඊයේ(21) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යාපනය,නගරයේ පොලිස් නිළධාරීන් සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීමකදී සැකකරුගේ නිවස තුළ තිබි කඩු පහක් සොයාගත් බවයි.

සැකකරු කිසියම් අපරාධ වෙනුවෙන් අදාළ කඩු යොදාගෙන ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරමින් සිටින බවද පොලිසිය පැවසීය.

කඩු යොදාගනිමින් විවිධ අපරාධ සිදුකරන කල්ලි කිහිපයක් යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන බැවින් අදාළ සැකකරු එවැනි කල්ලි සාමාජිකයෙකුද යන්න සම්බන්ධයෙන්ද විමසීම් කරන බවද පොලිසිය සඳහන් කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(වවුනියාව මාධව කුලසූරිය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here