යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි සාරි වෙළඳසැලක් වෙතට ඊයේ (26) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව සාරි වෙළඳසැලේ සිටි සේවකයින් හා අසල්වාසී අදාල යතුරුපැදිය පසුපස ලුහුබැඳ ගියද සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකි වී ඇත.
පෙට්‍ට්‍රල් බෝම්බ ප්‍රහාරය ඒල්ල කරන ලද පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය ඒල්ල වීමෙන් කිසිවෙකුටත් හානි නොවුනද දේපල වලට පමණක් සුලු හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි.
මෙම ප්‍රහාරය පෞද්ගලික හේතුවක් මත ඒල්ල කරන්නට ඇති බවටත් යාපනයේ ක්‍රියාත්ම ආයුධ කල්ලියක් විසින් මෙම ප්‍රහාරය ඒල්ල කරන්නට ඇතැයි සැකපල කරන බවටද පරික්ෂණ සිදු කරන නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
(වන්නි රෙමේෂ් මධුෂංක)