යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ඊයේ (25) සීල් තබා තිබෙන බවට වාර්තා වනවා.
ඒ කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සම්බන්ධයෙන්.
කොකුවිල් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් මෙම මුදල වංචා කොට ඇති බවට යාපනයේ දුම්රිය නිලධාරීන් කෝපායී පොලීසියට පමිණිලි කර තිබූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ද මෙම වංචාව සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කළා.
දුම්රිය බලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථනාධිපතිවරයාගේ සේවය මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඒ සම්බන්ධයෙන්ද පොලිසිය වෙත පමිණිල්ලක් යොමු කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තබා එම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ට තමන්ට අවශ්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර යාපනය දුම්රිය ස්ථානයෙන් ලබා ගන්නා ලෙසටද දැන්වීමක් කොකුවිල් දුම්රිය ස්ථානයේ අලවා තිබෙනවා.
පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ මෙතෙක් අවසන් වී නොමැති අතර එම දුම්රිය ස්ථානයේ මුදල් වංචාවක් සිදුව ඇත්නම් දුම්රිය ස්ථානාධිපතිවරයා අත්අඅඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව කෝපායී පොලීසියේ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් පවසනවා.