යාල ජාතික වනෝද්‍යානය තුළ සංචාරය සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් රැගෙන පිටත්ව ගිය සෆාරි ජීප් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් (20) සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ජීප් රථ රියදුරන්ට එහෙහි විනය පරික්ෂණ (22) කැදවීමට නියමිත බව උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා පැවසීය.

ඉකුත් (20) වන දින සවස් කාලයේ  යාල ජාතික වනෝද්‍යානය  තුළ පිහිටි තල්ගස්මංකඩ, කොමැවැව ප්‍රදේශයේදී සෆාරි ජීප් රථ දෙකක් මුහුණ මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි උද්‍යාන ආරංචි මාර්ග සදහන් කරයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ භාහිරින් පැමිණි ජීප් රථයක් සහ සංචාරක බංගලාවකින් පැමිණි ජීප් රථයක් බවද කියයි. උද්‍යානය තුළ සෆාරි ජීප් රථ  වේග සීමා මාපකය පැයට කිලෝ මීටර් 30ක මට්ටම පවත්වා ගත යුතු අතර, අධික වේගයෙන් උද්‍යානය තුළ ධාවනය කිරීම සපුරා තහනම් කර ඇති මෙවන් පසුබිමක මෙම අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් පැමිණිම හේතුවෙන් බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරින් ජීප් රථ දෙකේ ගමන් ගත් කිසිවකුට හානියක් සිදුවී නොමැති අතර, ජීප් රථ දෙකෙහි ඉදිරිපස කොටසට දැඩි අලාභ හානි සිදුව තිබුණි.  සිද්ධිය සම්බන්ධයෙන් මේ වන යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක තුමන් ඇතුලු පිරිසක් පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති අතර, අනතුරට පත් ජීප් රථ දෙකෙහිම ගමන් වාර සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් අනතුරට පත් ජීප් රථ රියදුරන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා ඔවුන්ව (22) වන දින උද්‍යානය වෙත කැදවා ඇති බවයි යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා පවසා සිටියේ. 

(පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන)

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here