යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද මෙහෙයුම්වලදී සැකකරුවන් 910 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව එම සැකකරුවන් පිරිස අතරට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 676ක් සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 234ක් ඇතුළත් බවයි සඳහන් වන්නේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 676 දෙනා අතරින් සැකකරුවන් 17කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 01ක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 02ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 234 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 191ක්ද සිටින බව සඳහන්.
මෙම මෙහෙයුමේදී හෙරොයින් 65kg යි 300g, අයිස් 136g, ගංජා 12kg යි 600g, ගංජා පැල 51,146, මාවා 661g ක්ද, මදන මෝදක 157g සහ මත්පෙති 254 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.