ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින නිලධාරි හා සෙසු නිළයින් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා වූ මසක කාලයක් පොදු සමා කාලයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව, පොදු සමා කාල සිමාවේ පලමු සතිය අවසානයේ, එනම් 2024 අප්‍රේල් මස 20 දින සිට අප්‍රේල් මස 27 දින දක්වා කාලය තුල, 2023 දෙසැම්බර් මස 31 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකරන ලද යුද්ධ හමුදා සාමාජිකයින් 7143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් තාවකාලික අස්කිරීම් කටයුතු සිදුකර ඇති බවයි යුද්ධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here