පිහිනුම්, බයිසිකල් ධාවන සහ ධාවන තරඟ ඇතුලත් යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම තරඟාවලිය ඉරිදා (29) දින ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව් තාවුල්ල අසල දි පැවැත්විනි.

යුද්ධ හමුදාධිපති ගේ අධික්ෂණය යටතේ මේජර් ජෙනරල් කපිල දොලගේ යූඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධ හමුදා තුන්ප්‍රයාම ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කළ මෙම තරඟාවලිය මීටර් 750 ක පිහිනුම් ඉසව්වකින්, කිලෝමීටර් 20 ක බයිසිකල් ධාවන ඉසව්වකින් සහ කිලෝමීටර් 5 ක ධාවන ඉසව්වකින් සමන්විත විය. මේ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ අනාගතයේ ඇතිවන අභියෝග ජය ගැනීම සඳහා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත සුවිශේෂී කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදි.

තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදා තුල්ප්‍රයාම ක්‍රීඩා කමිටුවේ සභාපති,ශ්‍රී ලංකා වෛද්‍ය බළකායේ කර්නල් සේනාවිධායක, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කපිල දොලගේ ජේෂ්ඨ නිලධාරී, තුන්ප්‍රයාම ක්‍රීඩා කමිටුවේ ලේකම් මේජර් එම් ජේ සල්ගාදු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිළිගනු ලැබු අතර තරඟාවලිය පුරාවට විශේෂ දක්ශතා දක්වමින් සමස්ත තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව දිනාගත් අතර අනුශුරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here