Hot News

යුද හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූලව ඉවතට

යුද හමුදාව ප්‍රකාශයට පත්කළ පොදු සමා කාලයේදී නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 15667 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කර තිබෙනවා.

යුද හමුදාවේ දීර්ඝකාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත්වීමට මාසයක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අප්‍රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වායි. එම කාලසීමාව තුළ යුද හමුදාවේ නිත්‍ය හා ස්වෙච්ඡා සාමාජිකයින් 15294 දෙනෙකුට ඔවුන් අයත් රෙජිමේන්තු මගින් නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීමට කටයුතු සලසා දී තිබෙනවා.

මෙම කාලසීමාවට අයත් නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින් 373 දෙනෙකුට ද නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත්වීමට කටයුතු සලසා දී ඇති බවයි යුද හමුදා මූලස්ථානය පවසන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version