නිරිතදිග ජර්මනියේ, මැන්හයිම් නගරයේ වෙළෙඳපොළ චතුරශ්‍රයකදී පුද්ගලයෙකු විසින් 6 දෙනෙකුට පිහි ප්‍රහාර එල්ල කරමින් බරපතළ තුවාල සිදු කර තිබෙනවා.

ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙක් මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය සඳහන් කරන්නෙ.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙක් (Michael Stürzenberger) වන බවත්, ඔහු යම් රැළියක් පැවැත්වීමේ සුදානමකින් සිටි බවත් අනාවරණය වනවා.

මෙම සිදුවීම යූ ටියුබ් නාලිකාවක සජීවීව විකාශය වී තිබෙනවා.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ උපත ලබා, ජර්මනියේ ජීවත් වන 25 හැවිරිදි තරුණයෙකු බවට පොලිසිය පවසනවා.

බලධාරින් ඔහු ගැන කලින් නොදැන සිටි බවට ද තොරතුරු හෙළි වී තිබුණා.

මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූ Michael Stürzenberger, තමාගේ ජීවිතය බේරූ අයට ‘ස්ත්‍රතිය’ පළ කරමින් සමාජ මාධ්‍යයේ සටහනක් ද තබා තිබුණා.

එමෙන්ම, තුවාල ලැබූවන් සඳහා ඉක්මණ් සුව ප්‍රාර්ථනා කරන බැව් ද ඔහුගේ සටහනේ වැඩිදුරටත් සඳහන්.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here