හැටන් නගරයේ රජයේ පාලන මිලට වඩා අධික මිලකට සම්බා සහල් අලෙවි කල වෙලෙදුන් දෙදෙනෙකුට එරෙහිව මේ මස (26) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල බව නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ දිස්ත්‍රික් භාර නිලධාරි අමිල රත්නායක මහතා පැවසිය.
හැටන් නගරයේ ඇතැම් වෙලෙදුන් ආහාර ද්‍රව්‍ය රජයේ පාලන මිලට වඩා අධික මිලකට අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත ඉකුත් (12) දින සිදු කල වැටලිමකදි මෙම වෙලෙදුන් දෙදෙනා රු 230 මිලකට අලෙවි කල යුතු සම්බා සහල් කිලෝවක් රු 250-270 වැනි මිලකට අලෙවි කරමින් සිටි බවයි අමිල රත්නායක මහතා කියා සිටියේ.
මෙවැනි වැටලිම් නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා අඛණ්ඩව සිදු කරන බවද අමිල රත්නායක මහතා වැඩි දුරටත් පැවසිය.