රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් හෙට (24) උදෑසන සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසනවා.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම්දීමත් සමඟ මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ.
ජනවාරි මාසය සඳහා සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වැඩ කටයුතු සූදානම් කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.