මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව මියගොස් ඇති ධීවරයින් ගණන 5ක්.

තංගල්ල ධීවර වරායෙන් ඩෙවොන් 5 නමැති බහුදින ධීවර යාත්‍රාව පසුගිය 6 වනදා ධීවර කටයුතු සඳහා පිටත් වී තිබුණේ ධීවරයන් 6 දෙනෙකුද සමඟිනු යි.

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි අතරවාරයේ මුහුදේ පාවෙමින් තිබූ යම් බෝතලයක් ඔවුන්ට හමුවී ඇති අතර ඒවා මත්පැන් වර්ගයක් යැයි සිතා මෙම ධීවරයින් විසින් පානය කර තිබෙනවා.

අදාළ දියරය පානය කිරීමෙන් පසු එය විෂ වී යාත්‍රාවේ සිටි ධීවරයින් දැඩි ලෙස රෝගාතුරව ඇති බවයි වාර්තා වන්නෙ.

එහි සිටි ධීවරයෙක් ඒ අසල වූ තවත් ධීවර යාත්‍රාවකට රේඩියෝ පණිවිඩයක් ලබාදී මේ පිළිබඳව දැනුම්වත් කර තිබුණා.

මේ අතර, ඩෙවොන් 5 යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය ඔස්සේ සිංගප්පූරූ ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ”MV KOTA KAMIL” නම් වෙළෙඳ නෞකාව අද උදෑසන ආපදාවට පත් යාත්‍රාව වෙත සමීප වී තිබුණා.

කෙසේ වෙතත්, ඒ මොහොත වන විට අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් අයෙක් මියගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here