Connect with us

Article

රටක පාලන බලය අතට දීමට සුදුසු වයසක් තිබේද?

තරුණ තරුණියන් පෙරමුණ ගත් අරගලයකින් පළමුවරට ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු පලවා හැරිමෙන්ම පසුව පත්වූ 75 හැවිරිදි අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ධූර කාලයේ අවසානය ළං වෙත්ම ඉදිරි ජනාධිපතිවරණ සටනට අවතීර්ණ විය හැකි විවිධ අපේක්ෂකයින්ගේ නම් කරලියට පැමිණ තිබේ.

දීර්ඝ දේශපාලන ඉතිහාසයක් හෝ දේශපාලන පරම්පරාවකින් පැවත එන හෝ ව්‍යවසායක හෝ ව්‍යාපාරික පසුබිමක් ඇති පුද්ගලයෝ ද ඒ අතර වෙති.

කෙසේ නමුත් රාජ්‍ය බලය ලබා ගැනීමට තරුණ නැගිටීම් හමුවේ කළ ආයුධ සන්නද්ධ කැරළි කිහිපයක්ම අසාර්ථක වු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත.

ලෝක තත්ත්වය අධ්‍යනය කිරීමේදී පෙනීයන්නේ වියපත් නායකයින් මෙන්ම තරුණ නායකයින් ද සිය ශක්තිය යොදවා රටවල් මෙහෙයවා ඇති බවකි.

බැලු බැල්මට තරුණ පාලනයක් හෝ වැඩිහිටි පාලනයක් සහිත රටවල පරිපාලන වෙනසක් හෝ ආර්ථිකමය වෙනසක් තිබේද යන්න වෙන් වෙන් වශයෙන් කීමට තරම් ප්‍රමාණවත් සාධක අප සතුව නැත.

එහෙත් දිගින් දිගටම ලෝකය පුරාම වියපත් පාලකයින්ට එරෙහිව තරුණ පිරිස් අතරින් සැලකිය යුතු විරෝධයක් මතුවෙමින් තිබේ.

ඒ අනුව මෙම ලිපියෙන් අපි විමසා බැලීමට උත්සාහ ගන්නේ පුද්ගලයෙකුගේ ‘වයස’ රටක පාලන බලය හෙඹවීමෙහිලා සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කරන්නේද යන්න විමසා බැලීමටයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරයට තරග කළ හැකි පුද්ගලයෙකු සැපිරිය යුතු මුලික සුදුසුම්කම් කිහිපයකි. එහි එක් සුදුසුකමක් ලෙස ‘වයස’ ද සැලකිල්ලට ගෙන තිබේ.

* නාම යෝජනා භාර දෙන දිනය වන විට වයස අවුරුදු 35 සම්පූර්ණ කර සිටිය යුතුය.

* ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුය.

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (1) වගන්තියට අනුව අවම සුදුසුකම් ඇති අයෙකුගේ නාම යෝජනාව පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ඔහු/ඇය දැනට මන්ත්‍රීවරයෙකු නම් හෝ කලින් මන්ත්‍රීවරයෙකුව සිටි අයෙක් නම් වෙනත් ඕනෑ ම දේශපාලන පක්ෂයක් හෝ ඕනෑ ම ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි අයෙකු හෝ ජනාධිපතිවරණය සඳහා අදාළ නාම යෝජනාව ඉදිරිපත් කළ හැකිය.


ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට බලපාන නුසුදුසුකම් මොනවාද?

* දෙවරකට වඩා ජනාධිපති වූවෙකු නොවිය යුතුය.

* ඒ අනුව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හට ජනාධිපතිවරණයට නැවත තරග කළ නොහැකිය.


* ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදිය නොහැකිය.

* සිහි විකල් වූ අයෙකු යැයි ශ්‍රී ලංකාවේ අධිකරණයකින් තීරණය කළ තැනැත්තෙකු

* දෝෂාභියෝගයකින් ජනාධිපති පදවියෙන් ඉවත් කළ අයෙකු

* ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාව අනුව ප්‍රජා අශක්නුතාවකට භාජනය වූ අයෙකු

* පසුගිය වසර හත ඇතුළත මාස හයක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටි අයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය නොහැකිය.

* නමුත් සිර දඬුවමට යටත්ව සිරගත වී සිටින විට කොන්දේසි විරහිත සමාවක් ලැබූ පුද්ගලයෙකුට මෙම තහංචිය බලපාන්නේ නැත.


* ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක විධායක ජනාධිපතිවරයා බෞද්ධ විය යුතුයි යන්න සඳහන් වී නොමැත.

“වයස හින්දා පාලනය කරන්න බැහැ, ගැහැණු කෙනෙක් හින්දා පාලනය කරන්න බැහැ, වෙනත් සමාජ ප්‍රජාවකින් ආපු හින්දා පාලනය කරන්න බැහැ, LGBT හින්දා පාලනය කරන්න බැහැ, ඒ වගේ තියෙනවානේ අපේ සමාජයේ සම්මතයන්. මම හිතන්නේ ඒ සම්මතයන් වැදගත් නැහැ. ශාරිරිකව ඒ අය යහපත් ලෙස නැතිනම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් හැබැයි වයස පාවිච්චි කරලා මේ‍කෙ වෙනස් කමක් කරන්න ඕනෙයි කියන එක මම පිළිගන්නේ නැහැ.” යි මහාචාර්ය ප්‍රේමකුමාර් ද සිල්වා පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අංශයේ මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි දේශපාලන ඥානය, අවංක භාවය, ඉවසීම හා සෘජු බව වැනි නායකත්ව නිර්ණායක සලකා බැලීම වඩා වැදගත් බවයි.

“රාජ්‍ය පාලනයට වැදගත් වෙන්නේ සෞඛ්‍ය සම්පන්න භාවයයි, බුද්ධිමත් භාවයයි, එයා කැත ද, උස ද, මිටි ද ද, කළු ද, ලප තියෙනවා ද, ඒවා අදාළ නැහැ.” යැයි සමාජ විද්‍යාඥ ප්‍රේමකුමාර් ද සිල්වා බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

‘ප්‍රතිපත්ති දේශපාලනයට යොමු වීම වැදගත්’

තරුණ, මහලු හෝ වෙනත් සාධක මත නොව පාලකයා තෝරා පත් කර ගත යුත්තේ ප්‍රතිපත්ති පිළිබඳව සලකා බලා යැයි මහාචාර්යවරයා අවධාරණය කළේය.

“ඒ ප්‍රතිපත්ති මහජනයා බොහෝම සාවධානව සලකා බලන්න ඕනේ. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කළ හැකි ඒවා දැයි බලන්න ඕනා. අපි ඕන තරම් ප්‍රතිපත්ති ප්‍රකාශන දැකලා තියෙනවානේ නිදහසෙන් පස්සේ ඉඳන්ම. ඒක ලොකු ලියවිල්ලක්, බැඳීමක් වෙන්න ඕනා. මහජනයා දිගින් දිගටම ඒ පිළිබඳව සාකච්ඡාවක් මතු කරන එක තියෙන්න ඕනා.”

ඔහු පවසන්නේ පොරොන්දු දේශපාලනය සම්පුර්ණයෙන්ම බැහැර කළ යුතු බව මෙන්ම පුද්ගල කේන්ද්‍රිය දේශපාලනය පසෙකලා ප්‍රතිපත්ති දේශපාලනයට යොමු වීම වඩා වැදගත් බවයි.

‘ශරිර යෝග්‍යතාවය, මානසික යෝග්‍යතාවය කියන දෙකම ඉතාම වැදගත්’

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්නි සිල්වා පෙන්වා දෙන්නේ යෝග්‍යතාවය හා පරිණත භාවය අනුව ගතහොත් අවුරුදු 50 සහ 65 අතර වයසේ පුද්ගලයන් රටේ පාලන තන්ත්‍රයට සුදුසු විමේ හැකියාව වැඩි බවයි.

“ශරිර යෝග්‍යතාවය, මානසික යෝග්‍යතාවය කියන දෙකම ඉතාම වැදගත් වගකිව යුතු තනතුරක් දරන්න. මොකද ඒ යෝග්‍යතා දෙක අඩු වීම තමන්ට වගේම තමන්ගේ යටතේ පාලනය වෙන හෝ තමන් යටතේ සිටින කණ්ඩායමටත් බලපානවා.”

“පරිණත භාවය, යෝග්‍යතාවය සහ අත්දැකිම් කියන මේ ඔක්කොම ගොඩක් වෙලාවට පුද්ගලයෙකුට ඒකරාශිවෙන සුදුසුම වයස තමයි සමාන්‍යයෙන් අවුරුදු 50 – 65 වගේ අතර කාලේ. ඒ කාලේදී යෝග්‍යතාවය කියන එක පුද්ගලයෙකුගේ ප්‍රශස්ත මට්ටමින් තියෙන්න පුලුවන්. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ 50ට අඩු අයටත් මේක නැහැ, 65ට වැඩි අයටත් නැහැ කියලා.” යැයි කථිකාචාර්යවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය.

‘මහින්ද හා රනිල් දේශපාලනයට ආවේ ඉතාමත් තරුණ වයසේ දී’

දැනට පාලනය හොබවන මහජන නියෝජිතයන් අතර සිටින තරුණ පිරිස් ගැන ද ඇය එහිදී විස්තර කළාය.

“අපිට තරුණ වුණාට වැඩක් නැහැ. අපි තරුණ කියන එකෙන් අදහස් කරන්නේ මේ තියෙන දෘෂ්ටිවාදිමය වෙනස්කම්. වයසයි කියන එකෙන් අදහස් කරන්නේ වයසම නෙමෙයි ඒකෙ වෙන දේශපාලන ඇඟවුමක් තියෙනවා.”

“මහින්ද දේශපාලනයට එන්නේ ඉතාමත්ම තරුණ වයසේ දී, රනිල් දේශපාලනයට එන්නේ ඉතාමත්ම තරුණ වයසේ දී, නමුත් ඔවුන්ගේ දෘෂ්ටිවාදිමය කෑල්ල වෙන එකක්. ඒක ඇතුලේ තිබුණේ අර පාදඩ දේශපාලනය සහ ලංකාවේ ඇති වෙච්ච හරිම අසංස්කෘතික ක්‍රමය. ඒක යුන්පී ද, පොහොට්ටුව ද, සජබ ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද කියලා නැහැ; ඒ මුළු ඔක්කොම ඇතුලේ තිබුණේ එකම දෘෂ්ටිවාදීමය දේශපාලනයක්. ඒ දේශපාලනය තමයි ඉවත් කළ යුත්තේ. ඒක වයසින් නෙමෙයි අයින් කරන්න ඕනේ ඇත්තටම ඒ කණ්ඩායමෙන් අයින් කරන්න ඕනේ.” යැයි කථිකාචාර්යවරිය කියා සිටියාය.

ලිබරල් ආර්ථික ක්‍රමය තුළ තරුණයක්ගේ ඉලක්කය වී ඇත්තේ රැකියාවක් සොයා ගැනීම සහ ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් ලබා ගැනීම බව ඇය අවධාරණය කළාය.

“ලිබරල් ආර්ථිකය ඇතුළේ දේශපාලනය කියන්නේ තවදුරටත් මධ්‍යම පාන්තික සහ පහළ මධ්‍යම පාන්තික දරිද්‍ර තරුණයන් අතර ආකර්ෂණීය කේෂ්ත්‍රයක් නෙමෙයි.

මොකද මේ කේෂ්ත්‍රය ඇතුළේ ඒ සමාජ කණ්ඩායම්වලට අවශ්‍ය කරන වටපිටාවක් නැහැ දේශපාලනය ඇතුලේ ස්ථාවර වෙන්න. තරුණ කණ්ඩායම්වලට අවශ්‍ය මේ ලිබරල් වෙළඳ ආර්ථිකය ඇතුළේ ඒගොල්ලන්ගේ ටාගට් එක තමයි, ජොබ් එක්ක සොයාගන්න එක සහ ඒක ඇතුළේ තමන්ගේ පැවැත්ම හදාගන්න එක. ආර්ථික දෘෂ්ටියක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ.”

ලංකාව තුළ ඇති දේශපාලන ප්‍රවාහයට පහළ මධ්‍යම පාන්තිකයෙකුට ඇතුළත් වීමට ඇති අවස්ථාව අඩු බව මෙන්ම ඔවුන්ට මහත්මා දේශපාලනයෙන් ඉදිරියට පැමිණිය නොහැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිෂ්නි සිල්වා එහිදී අවධාරණය කළාය.

ලෝක තත්වය : තරුණයින් ද වැඩිහිටි පාලකයින්ද ?

2024 වසර යනු ලොව පුරා ජනතාවගෙන් අඩකට වඩා ඡන්ද පොළට යන ‘සුපිරි මැතිවරණ වසරකි’. එනම් ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන වසර බවට මෙම වසර පත්වේ. ලොව වැඩිම අවදානයක් යොමුවන මැතිවරණ ඇතුළු මැතිවරණ ගණනාවක් ඊට අයත්ය. මේ වන ලොව මැතිවරණ වේදිකා උණුසුම් වී ඇති අතර ප්‍රමුඛ පෙළේ අපේක්ෂකයින් මෙන්ම නැවත පත්වූ නායකයින් බොහොමයක් දෙනා 70 විය සැපිරුවන් වීම නිරීක්ෂණය කළ හැකි විශේෂත්වයකි.

ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ පාලක ජෝ බයිඩන්ගේ වයස අවුරුදු 80 ව ඉක්මවා ඇති අතර එරට ජනාධිපතිවරණ සටනට යළි පිවිසීමට සූදානම් වන හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වයස අවුරුද 78කි. මේ අතර ජෝ බයිඩන්ට ජනපති සටනට නැවත පිවිසීමට පෙර තම මානසික ශක්‍යතාව පරික්ෂා කර ගන්නා ලෙස දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාවේ මෑතකදී අවසන් වූ මැතිවරණයෙන් 73 හැවිරිදි නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා නැවත තම ජය තහවුරු කර ගත්තද, පිය උරුමයෙන් දේශපාලන ගමන ආරම්භ කළ නැගී සිටින ප්‍රමුඛ පෙළේ තරුණ දේශපාලන නායකයෙකු ලෙස ඉන්දියානුවන්ගේ ජනාදරයට 54 හැවිරිදි රාහුල් ගාන්ධි කෙමෙන් පාත්‍ර වන ලකුණු එම මැතිවරණ ප්‍රතිඵල වල පැහැදිලිවම අඩංගු විය.

ඉහත බොහෝ අවස්ථාවන්ට වෙනස්ව මෑත කාලීනව වැඩි කතා බහට ලක්වූ තරුණ නායකත්වයන් අතර කැනඩාවට නායකත්වය දෙන 52 හැවිරිදි ජස්ටින් ටෲඩෝ සහ ප්‍රංශයට නායකත්වය දෙනු ලබන 46 හැවිරිදි එමානුවෙල් මැක්‍රොන් සහ එහි අගමැති ධුරය හොඹවන 34වැනි වියේ පසුවන ගේබ්‍රියෙල් අතාල් වේ. කෙසේ නමුත් ඉදිරි දින කීහිපයේදී දැනට පැවැත්වෙමින් ඇති මැතිවරණයෙන් පසුව ප්‍රංශ දේශපාලන පිටියෙහි සැලකිය යුතු වෙනස්කමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර වයස අවුරුදු 37 දී නවසීලන්තයේ ලාබාලතම අගමැති බවට පත් වූ ජසින්ඩා ආර්ඩර්න් කොවිඩ් වසංගත සමයේ අතිශය කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළ ලෝක නායිකාවක ලෙස සැලකීමට භාජනය වූ අතර තම පළමු ධුර කාලයෙන් පසුව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළාය.

ජසින්ඩා ආඩන් ඉල්ලා අස්වෙයි: ‘මගේ ටැංකියේ තවදුරටත් දුවන්න තරම් ප්‍රමාණවත් [ඉන්ධන] නැහැ’

‘වෘත්තීයමය විඩාවට පත් වීම’ හේතුවෙන් අග්‍රාමාත්‍ය ධූරයේ ඉල්ලීම් ඉටු කිරීමට තමාට ‘තවදුරටත් ප්‍රමාණවත් ධාරිතාවක් නොමැති බව’ එහිදී පවසා සිටි ඈ ‘ යන්න ඕනි වෙලාව දන්න’ නායකයෙකු ලෙස තම භාවිතාව සලකුණු කිරීමට කැමති බව එහිදී කියා සිටියාය. මෑත දේශපාලන ඉතිහාසයේ එය අතිශය සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.

උපුටා ගැනීම – BBC සිංහල සේවය)


Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Article

නාමල්ගේ දේශපාලන බුද්ධිය – (එරන්ද ගිනිගේ)

“නාමල්ට හොඳ දේශපාලන බුද්ධියක් සහ රට ලෝකය ගැන අවබෝධයක් තියෙනවා, අපිට වඩා,” යැයි හිරු සලකුණ වැඩසටහනටසහභාගී වෙමින් ගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා. එය වැදගත් ප්‍රකාශයක් වන්නේ “අපිට වඩා” එනම් එතුමාටත් වඩා දේශපාලන බුද්ධියක් සහ ලෝක අවබෝධයක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට තිබෙන බව රණතුංග මහතා පිළිගත් නිසා පමණක් නොව, තමන්ට වඩා වයසින් බාල වුවත් දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය අතින් තමන්ට වඩා උසස් අයෙකු ලෙස පිළිගැනීමට තරම් නිහතමානීත්වයක් ප්‍රසන්න රණතුංග මහතාට තිබෙන නිසාය.

තාවකාලික පින් ඇමතිකම්වලින් ඔළුව උදුම්මවා ගත් ඇතැම් දේශපාලන මැර බාලයන් විසින් අප වැනි සාමාන්‍ය පුරවැසියන්ට මරණ තර්ජනය කර අඩම්තේට්ටම් කර අපගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වළක්වන්නට හදන අතරතුර ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඒ ආකාරයට නොහැසිරී නිහතමානීව තමාට වඩා දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය ඇති අයට ප්‍රසිද්ධියේ ගරු කිරීම වටිනා ගුණාංගයකි. ඒ වෙනුවෙන් රණතුංග මහතාට මාගේ ස්තුතිය පුද කරමි.

ප්‍රසන්න රණතුංග මහතා නාමල්ගේ දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය ගැන කියූ කතාවට මමද එකඟ වෙමි. දේශපාලන බුද්ධිය අතින් සැබැවින්ම නාමල් මට වඩා පොහොසත්ය. ඔහුට වසර පහළොවක පමණ දේශපාලන අත්දැකීම් තිබේ. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමීපයේ ඔහුට ලැබුණු දේශපාලන අත්දැකීම්ද තිබේ. ලෝක අවබෝධය පැත්තෙන් මා දකින්නේ නාමල්ට බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවය. ඔහු අවට ලෝකය වේගයෙන් සහ උනන්දුවෙන් කියවා ගන්නෙකි. එහෙයින් ඔහුට අනන්‍ය වූ ලෝක දැනුමක් තිබේ. ඇතැම් විට ඒ පුළුල් දැනුම නිසා ඔහු කතා කරන්නට ගිය විට නිමක් නැත. සිදුවීම් සහ අදහස් ගලාගෙන පැමිණේ. නමුත් ඔහු දන්නා සියල්ල විවෘතව නොකිව යුතුය යන්න මාගේ අදහසයි. ධර්මය ඇසුරෙන් නාමල්ට ලෝක අවබෝධය ඇති දැයි මම නොදනිමි. ඔහු බොහෝ භික්ෂූන් වහන්සේලා ඇසුරු කරයි. එබැවින් එම අවබෝධයද ඔහුට තිබිය හැකිය.

අපට වඩා බුද්ධියෙන් සහ අවබෝධයෙන් වැඩි අය කියන දේ අප නිහතමානීව පිළිගත යුතුය. එය අපගේ යහපත පිණිස වේ. දේශපාලනය කරන බොහෝ අයට වෙන්නේ එලෙස තමන්ට වඩා බුද්ධියෙන් සහ අවබෝධයෙන් වැඩි අය කියන දේ අහන්නේ නැතුව තමන්ගේ මෝඩකමට වැඩ කරන්නට ගොස් අසාර්ථක වීමයි. දේශපාලනය පමණක් නොව වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක වෙන්නෙත් එයයි. එසේ නම් ප්‍රසන්න රණතුංග මහතා කියන ආකාරයට ඔහුට වඩා දේශපාලන බුද්ධිය සහ ලෝක අවබෝධය ඇති නාමල් රාජපක්ෂ නමැති දේශපාලනඥයා කියන දේ අප විවෘත මනසකින් ඇසිය යුතුය.

නාමල් නිතරම කියන්නේ අපේ මාතෘභූමියේ වටිනාකම් හඳුනන, අපේ සංස්කෘතික ගුණධර්ම හඳුනන, අපේ ජනතාවගේ දහදිය සුවඳ හඳුනන, නූතන තාක්ෂණික දැනුම මත පදනම් වන, එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හර පද්ධතිය පිළිගන්නා සහ අපගේ පාක්ෂිකයන්ගේ අභිමානයට ගරු කරන අයෙකු පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා විය යුතු බවය. ධර්මය ඔබට මග වේවා!

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ

Continue Reading

Article

“තුනෙන් දෙක” ලැබුණට වෘත්තීය ගුරුවරයෙක් වෙන්නෙ නැහැ – (කුසල් පෙරේරා)

වික්‍රමසිංහ ආණ්ඩුව විධායක ශ්‍රේණයට වැඩි කළ රුපියල් 25,000 ක දීමනාව සමස්ථ රාජ්‍ය සේවාවටම ඉල්ලා වෘත්තීය සමිති දුසිම් කිහිපයක් පසුගිය සතියේ දෙදිනක වර්ජනයක් දියත් කළහ. 

ඒ වනවිට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඔවුන්ගේ වැටුප් විෂමතා වෙනුවෙන් “ඉතිරි තුනෙන් දෙක” ඉල්ලා උද්ඝෝෂණ සංවිධානය කර තිබූණි. රුපියල් 25,000 සටනින් ගුරු – විදුහල්පති තුනෙන් දෙකේ සටන මුළුමනින් සෝදා පාලුවට ගියේය. අවසානයේ කිසිවකුට කිසිදු වැටුප් වැඩිවීමක් නොලැබුණු සටන් ලෙස සියලු උද්ඝෝෂණ හැකිලින. ගුරු සංගම් නායකයින් කියන්නේ ඔවුන් ඉල්ලන්නේ වැටුප් වැඩිවීමක් නොවේ යැයි කියා ය. ඔවුන් විසඳුම් සඳහා ඉල්ලන “සුභෝධිනි වාර්තාවේ” වැටුප් නිර්දේශ වලින් තුනෙන් පංගුවක් 2022 ජනවාරියේ සිට ඔවුන්ට ලැබේ. දැන් ඉල්ලන්නේ තුනෙන් ඉතිරි දෙක ය. 

මේ අවුල් ආරම්භ වන්නේ 1994 නොවැම්බර ජනාධිපතිවරණයේදී අපේක්ෂිකාවන් දෙදෙනා අතර තිබූ තරගයේදී වාසි ගැනීමට සිතා හදිසියේ පිහිටවු ගුරු සේවය හේතුවෙනි. ඒ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් දෙවරකට ගොනු කෙරුණි. පළමුවැන්න විදුහල්පති සේවාවට සිදුවූ අසාධාරණය නිවැරදි කිරීමට විය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත විදුහල්පති සේවයේ වැටුප් වැඩි කරන්නට සිදු වූයෙන් එය තවත් අවුලකට හේතු විය. ශ්‍රී ලංකා අධ්‍යාපන සේවයට සිදුවූ අසාධාරණකම් හේතුවෙන් ඔවුහුද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා වලට 1995 බී.සී. පෙරේරා වාර්තාවේ නිර්දේශද හේතු වූයෙන් 2006 දී සම්මත කෙරුණ රජයේ සේවාවේ සියලු ශ්‍රේණි සහ තනතුරු ආවරණය කෙරෙන “ජාතික වැටුප් ප්‍රතිපත්තිය” මගින් එය අවලංගු කෙරුණි. ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවය සඳහා වන වැටුප් සංශෝධනයක් 2006 අප්‍රේල් 25 වන දින රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 6/2006 මගින් ක්‍රියාත්මක කෙරුණි. විෂමතා ගැන කතා කරන්නට බී.සී. පෙරේරා නිර්දේශ පදනම් වූ සුභෝධිනි වාර්තාවද දැන් අදාල නැත. දැන් අවශ්‍ය වන්නේ වල් වැදුණු, විනාශ වන පාසල් අධ්‍යාපනය ගොඩ ගැනීමට විසඳුම් සාකච්ඡා කිරීම ය.

ඒ වෙනුවෙන් අවධානය යොමු කළ යුතු සාධක කිහිපයක් ඇත. පාසලේ සිසු සංඛ්‍යාව හා පහසුකම් සම්බන්ධ සාධකය ඉන් ප්‍රධාන වන්නකි. ගුරු මණ්ඩලයේ සංයුතිය සහ සුදුසුකම් දෙවැන්න ය. විදුහල්පති වගකීමට යටත් පාසල් පරිපාලනය තවකකි. දෙමාපිය සහයෝගයේ ස්වරූපයද එවගේම වැදගත් වන්නකි. එවැන්නක් ගැන සිතන්නවත් නොහැකි, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ලොකු බලපෑම් සමග ප්‍රධාන නගරවල නඩත්තු වන අති ජනප්‍රිය යෝධ පාසල් සමූහයක් ඇත. ළමුන් හය හත්දායක් ඉන්න, ගුරු මණ්ඩලයේ දෙතුන් සීයක් ඉන්න ඒවායේ විදුහල්පති සහ ගුරු මණ්ඩල අතර හෝ අන්‍යෝන්‍ය සම්බන්ධයක් පවත්වා ගැනීම උගහටය. වෙනත් දිස්ත්‍රික්කවල පදිංචි දෙමාපියන් සමග යහපත් නිරන්තර සහසම්බන්ධයක් පවත්වා ගැනීමට ගුරු මණ්ඩලයට නොහැකිය. ඒවා පැවැත්මෙන් හා සංඛ්‍යාත්මකව බරවා රෝගී පාසල්ය.

ළමුන්ගේ දැනුම, සමාජ අවබෝධය හා කුසලතා වර්ධනය සමග පෞරුෂ වර්ධනය ගැන සැළකුවහොත් වඩාත් සාර්ථක අධ්‍යාපනයක් සඳහා පාසලක ළමුන් 1,000 ට වඩා නොසිටිය යුතුය. පළාත් පාලන ආයතන මගින් පාසල් පාලනය කෙරෙන්නේ නම් වඩාත් හොඳය. එවිට දෙමාපියන් පළාත් පාලන ආයතනයේ ඡන්දදායකයින් වීමත් වාසියකි. ඒ ප්‍රදේශයෙන්ම නැතිනම් ඒ දිස්ත්‍රික්කයෙන් ගුරුවරුන් පත්කර ගැනීමටද හැකිය. අපේ සමාජ සම්පත් හා වත්කම් තත්ත්වයන් අනුව, මා ගණන් බලන අයුරු, ගුරු දෙගුරු හවුලක් සමගින් වූ අධ්‍යාපනික ක්‍රියාවලියක් සඳහා පාසලක උපරිම වශයෙන් තබා ගත යුත්තේ ළමුන් 1,500 කි. ඒවායේ සංගීත, නැටුම්, චිත්‍ර, ශාරීරික අධ්‍යාපනය වැනි විශේෂ විෂයන් සඳහා වන ගුරු සංඛ්‍යාව අතහැර, පාසලේ ගුරු සංඛ්‍යාව විය යුත්තේ 60 ක් පමණය.  

එවැනි පාසල් කොපමණ තිබේද? ළමුන් 1,000 ත් 1,500 ත් අතර වන පාසල් ඇත්තේ 393 කි. ගුරුවර ගුරුවරියන් 25 ත් 50 ත් අතර සේවය කරන පාසල් ඇත්තේ 1,677 කි. මේ පාසල් වල තබා මීට වඩා කුඩා පාසල්වල පවා ඉගැන්වීම් හා ගුරු දෙගුරු සහසම්බන්ධයත් විදුහල්පතිගේ පාසල් පරිපාලනයත් ප්‍රායෝගිකව හා නිවැරදිව ඇගයීමට ලක් වන්නේ නැත. එබැවින් පවතින පාසල් අතුරින් වැදගත් අධ්‍යාපනයක් ඇති ආකෘතියක් සොයා ගත නොහැක. අනාගතය වෙනුවෙන් පාසල් පරිපාලනය, ගුරු වෘත්තිය සහ පාසල් විෂය ලේඛන සමග පාඨමාලා අලුතින්ම සකස් කර සංවිධානය කිරීම එබැවින් සමාජ අත්දැකීම් මත සාකච්ඡාමය ක්‍රියාවලියකින් සිදු විය යුත්තකි. එහිදී ගුරු සේවාව දුර දිග යන පරිවර්තනයකට බඳුන් කළ යුතු වන්නේය. දෛනික අත්දැකීම් අනුව, රාජ්‍ය සේවාවේ සියලු වෘත්තීන් අතුරින් වඩාත්ම දූෂිත නොවුනත් වඩාත්ම පිරිහුණු පසුගාමී සේවාව, වත්මන් ගුරු සේවාව වන්නේය.

හැම ක්ෂේත්‍රයකම, හැම වෘත්තියකම වැදගත් දායකත්වයක් ලබා දෙන, තම වගකීම් ඉටු කරන පුද්ගලයින් තවමත් ඉතිරිව ඇත. එළෙසින්ම, ගුරු විදුහල්පතිවරුන් අතරත් සේවයට කැපවුනු එවැන්නෝ තවමත් ඉන්නාහ. දක්ෂ ගුරුවරුන් වූවත් තම පාසලේ සිදුවන අසාධාරණ අකටයුතුකම් ගැන ඔවුන් කතා කරනවා ඇසෙන්නේ නැත. අධ්‍යාපනයේ බිඳ වැටීම ගැන හඬක් නොනගන ඔවුන්ගේ පුද්ගලික සේවා දායකත්වයෙන් අධ්‍යාපනයේ පිරිහීම නැවතිය නොහැකි බව අවධාරණය කළ යුත්තකි.

මේ අප ඉන්නේ හැම ක්ෂේත්‍රයකම කාර්යශූර, සේවයට කැපවුනු බහුතර සේවක පිරිස් සිටි 1950 – 60 දසක වල පැවති පරාර්ථකාමී සමාජයේ නොවේ. මේ 80 දසකයෙන් ආරම්භ වූ සිල්ලර අවශ්‍යතා තොරම්බල් කෙරුණු අතිශය හිස්, ආත්මාර්ථකාමී සමාජ පැවැත්මක් තරගෙට වැළඳගන්නා, කුහක සමාජයක් හැදුනාවූ යුගයකි. මෙය මහ ජාතිය, ආගම, කුලයද අත නොහැර වාහනයේ වර්ගය, ප්‍රමාණය, මිල මත සමාජ තත්ත්වය ගණන් හදන යුගයකි. මෙය නිවසෙහි කාමර ගණන, උඩුමහල් සංඛ්‍යාව, අඳින ඇඳුමේ මිල අනුව සමාජ පිළිගැනුම තීන්දු කෙරෙන යුගයකි. මෙය අවට සමාජයේ සියල්ලන්ට දැකිය හැකි ලෙස ඉදිරියෙන් සිටීම සඳහා පාරිභෝගික තරගයක හති ලමින් දුවන සමාජයකි. අසීමිත ආදායම් සොයන පාරිභෝගික ණයකාරයින් හදන ක්‍රෙඩිට් කාඩ් පත්, වාරික හා කල් බදු, බැංකු ණය සමගින් සුසුම්ලන සමාජයකි.

මේ සමාජයේ කඩා වැටීම, ආර්ථික පිරිහීම සමග සදාචාරය, විනය, සමාජ වටිනාකම් සහ හර පද්ධතීන්ද සෝදා පාලු වූ සමාජ පිරිහීමකි. ඒ හේතුවෙන් මුදල්මය දූෂණ වංචා වලට අමතරව, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර දැරිවියන් දූෂණය හා ලිංගික අතවර කිරීම්, ළමා අපචාර හා ලිංගික හිංසන, කප්පම් ගැනීම්, කොන්තරාත් මිනීමැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සාමාන්‍ය ජන ජීවිතයේ අංග බවට පත්ව ඇත.

පසුගිය 2023 වසරේ සැප්තැම්බර මාසය අවසන් වන විට ඒ මාස 09 තුල බාල වයස්කාර ස්ත්‍රී දූෂණ සම්බන්ධව පැමිණිලි 168 ක් පොලිසියට ලැබී තිබිණ. ඉන් 22 කු ගැබ් ගෙන තිබිණැයි වාර්තා විය. ඊට අමතරව ළමා ආරක්ෂක අධිකාරයට 2021 වසරේ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 11,000 ක් ලැබී ඇත. ඉන් සියයට 41 ක් ලිංගික හිංසන සේ සළකනු ලැබිණ. කවුරුත් දන්නා පරිදි, ස්ත්‍රී දූෂණ, බාල වයස්කාර ස්ත්‍රී දූෂණ, විශේෂයෙන් පාසල්වල සිදුවන ළමා අපචාර හා ශාරීරික හිංසන සැළකිය යුතු සංඛ්‍යාවක් වාර්තා නොවන්නේය. දකුණු ආසියානු රටවල ස්ත්‍රී සහ බාල වයස්කාර දරුවන් සම්බන්ධ දූෂණ හා අපචාර සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන “ඉක්වොලිටි නව්” සංවිධානය ගොනු කළ ලංකාවේ නිල දත්ත අනුව 2018 ස්ත්‍රී දූෂණ පැමිණිලි 1,792 ක්ද 2019 දී 1,779 ක්ද විය. එවගේම 2019 දී ළමා දූෂණ 1,490 ක්ද වාර්තාවී තිබිණ.

අප ගුරු වෘත්තිය ගැන කතා කරන්නේ අනෙකුත් අය මෙන්ම ගුරුවරුන්ද මේ දුෂ්ඨ, කුහක මහ ජාතිවාදී, ආගම්වාදී පිරිහුණු සමාජයෙහිම නිපැයුම් බැව් පිළිගනිමින්ය. ඒ අතර ගුරු වෘත්තිය රජයේ අනෙක් සේවාවන්ට වඩා පසුගාමී සමාජ ආකල්ප හා වැඩවසම්වාදී සිතුම් පැතුම් සමග පැවතීමටද හේතුවක් ඇත. ගුරු වෘත්තියට බහුතරයක් ඇතුළු වන්නේ ග්‍රාමීය සහ අර්ධ නාගරික සමාජයෙනි. අපගේ නගරය වෙළඳපලක් වන අතර ග්‍රාමීය සමාජය අසංවර්ධිත පැරණි සමාජයකි. එය නිදහස් වෙළඳපල ආර්ථිකයෙහිද අත හැරුණු සමාජයකි. අර්ධ නාගරික සමාජය, රෝස් නොකර තම්බාපු රෝස් පාන් ගෙඩියක් වැනිය. 

මේ පිරිස් සේවා ස්ථාන ලෙස තෝරා ගන්නේද ඔවුන්ට හුරු පුරුදු අව වර්ධිත ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ය. එනිසා බහුතරයක් ගුරුවරුන් ඉන්නේ ළිං කටින් පෙනෙනවාට වඩා ලොකු ලෝකයක් දකින්නට, ගසක අත්තකටවත් ගොඩ නොවූ ළිංමැඩියන් මෙනි. තමන් දන්නා හඳුණන තමන්ගේ හුදකලා පුංචි ලෝකයක ය. ඒ හේතුවෙන් ඊළග පරම්පරාව වසර 10 ට වැඩි කාලයක් පාසලේදී එකතුකර ගන්නේ, එවන් ගුරුවර ගුරුවරියන් එකතුකර ගත් සියලු පුද්ගලවාදී, නිස්සාර ආකල්ප හා නොවටිනාකම් ය. ඔවුන්ගේ යොවුන් පෞරුෂ හැදෙන්නේ නිරන්තරව ගොදුරුවන මේ පසුගාමී බොල් ආකල්පමය හැඩ කිරීම් සමග සමාජ වගකීම් නොහඳුණන, ආත්මාර්ථකාමයක් වැළඳ ගනිමින් ය. එබැවින් මේ පාසල් වලින් මේ ගුරුවරුන්ගෙන් හැදෙන තෙවන පරම්පරාව, ගුරු පත්වීම් ගෙන පාසල් වලට එන්නේ බාල ෆොටෝ කොපි වලින් ගත් ඊටත් වඩා බාල ෆොටෝ කොපි වශයෙනි.

අධ්‍යාපනය ගොඩ දැමීමට නම්, මේ විනාසකාරී ගමන නතර කරගත යුතුව ඇත. එය යෝධ සමාජ වෙනසක් සමග සිදු විය යුත්තක් වන අතරම, ගුරු වෘත්තියෙහි වෙනසක් වෙනුවෙන්ද පියවර ගත යුත්තකි. කෙටියෙන් කිවහොත් ගුරු සේවය රැකියාදීමේ පහසුවට තබා ගත යුත්තක් නොවන බව සමාජයට කීමෙනි. ගුරු පත්වීම් දීමේ අවම සුදුසුකම් සමග නිශ්චිත පිළිවෙතක් තිබිය යුතුය. එය තෙවසරක දියුණු පාඨමාලා සමග අලුතින්ම සංවිධානය කළ යුතු නවීන ගුරු අභ්‍යාස විද්‍යා පීඨ වලින් සමත්වන වෘත්තිකයින්ට සීමා කළ යුත්තකි. විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට ගුරු සේවයට එන්නට අවශ්‍ය නම්, ඔවුන් ගුරු අභ්‍යාස විද්‍යා පීඨයක අවසන් වසර සම්පූර්ණ කර ගුරු වෘත්තීය සහතිකය ලබාගත යුතු යැයි නියමයක් තිබිය යුතුය. විශ්ව විද්‍යාල නීති පීඨයෙන් සමත්වන නීති උපාධිධාරීන්ට නීති වෘත්තියට ඇතුළු වන්නට නීති පාසලේ අවසන් විභාගය සමත් විය යුතු ලෙස ය.

එනිසා දැන් වහා අත ගැසිය යුත්තේ ගුරු සේවාව සැබෑ නූතන වෘත්තියක් ලෙස ස්ථාපිතකර ගැනීමේ එවැනි විසඳුමකට ය. ගුරු වෘත්තිය හැදීමට පටන් ගතහොත් අපට අධ්‍යාපනය ගොඩ දැමීම ගැන කතාවට අනතුරුව ගොඩ විය හැකිය. ලොකුම තුවාලය සනීපකර ගතහොත් අනෙක්වා සුවකර ගැනීම බරපතල ප්‍රශ්න නොවන්නාක් වැනිය.

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

Continue Reading

Article

ලාල් කාන්ත හිටපු ගමන් වර්ජනවලට එරෙහි වුණේ ඇයි ? – (රේණුකා දමයන්ති ගමගේ)

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත පවසා තිබේ. 

ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා අරගල සිදුකළ යුතු වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් සිදු කිරීම අනුමත කළ නොහැකි යැයි ද ඔහු පවසා ඇත. 

ලාල්කාන්ත මෙම “තරමක් අමුතු ප්‍රකාශය” කොට ඇත්තේ ඉකුත් 08 වන දා මහනුවර දී විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමිනි.

“කුමන ආකාරයේ වෘත්තීය අරගල සිදු කළත් මේ ක්ෂේත්‍රවල අඛණ්ඩ වර්ජන කරන්න ගියොත් අනිවාර්යයෙන් මහජන ප්‍රතිරෝධයක් එනවා. වෛද්‍ය වර්ජනයක් පැවැති අවස්ථාවේ ජනතාව වෛද්‍යවරුන්ගේ නිවෙස්වලට ගැහුවා. වාහන පවා කුඩු කළා. ඒ වගේම තමයි ළමයින්ට නිසි පරිදි අධ්‍යාපනය නොලැබුණොත් මවුපියන් ගුරු, විදුහල්පතිවරුන්ට එරෙහිව පාරට බහිනවා. දැන් අධ්‍යාපන අනධ්‍යයන සේවකයන් වගේම විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජන ආරම්භ කර තිබෙනවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බාධා එල්ල වෙලා. මේවා අපිට පිළිගන්න බැහැ. අපේ ස්ථාවරය අරගල කරන්න, උද්ඝෝෂණ කරන්න, ඒත් වැඩ කරන්න කියන එකයි” ඔහු පවසා තිබේ.

එහෙත්, මෙය ඔහු ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු ගෙන් එදා මෙදා තුර අසන්නට නොලැබුණු අන්දමේ දුලබ ප්‍රකාශනයකි.

” එසේ පැවසූ ලාල්කාන්ත ඒ සමඟම මෙසේ ද කියා ඇත.

“වැඩ වර්ජන නොමැතිව ඉල්ලීම් දිනා ගැනීමට ඕන තරම් ක්‍රම තියෙනවා. වැඩ වර්ජන පමණක්ම නෙවෙයි උත්තරය. අපි දරුවන් ගැන සිතා කටයුතු කළ යුතුයි. මේ රටේ දේශපාලන පක්ෂ අතර තිබෙන ගැටලුවලට වඩා වෘත්තීය සමිති අතර ගැටලු වැඩියි. මේ රටේ අලකලංචි, බෙදීම් මෙන්ම අර්බුද වැඩිම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේයි. ප්‍රගතිශීලී, විකල්ප, ජේ. වී. පී, යූ. ඇන්. පී, සජබ, ශ්‍රී ලංකා, සමසමාජ, කොමියුනිස්ට්, ස්වාධීන ඇතුළු තව කොයිතරම් නම් වෘත්තීය සමිති මේ රටේ තිබෙනව ද? මේවා සමගියෙන් කටයුතු කරනව ද? බෙදීම් තමයි තිබෙන්නේ. 

ලංකාවේ වෘත්තීය සමිතිවල වැඩ කරන්න ලෙහෙසි පහසු නැහැ. ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් එන අවස්ථාවේ වෘත්තීය සංගම් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න අරගල කරන එක සාමාන්‍ය දෙයක්. මේ අරගල කරන අය මැතිවරණ සටන් භූමියට එන්න එපා. අපි දැන් සියලු දෙනාම එකතු වෙලා අරගල කරන්න ඕනේ මැතිවරණ සටන් භූමියේ. මේ ඉන්න පාලකයෝ පන්නා දමන සටනට තමයි අපි දැන් සියලු දෙනා එකතු වෙන්න ඕනේ. මේ බංකොලොත් රටේ රාජ්‍ය සේවකයෝ සිදුකරන ඉල්ලීම් දෙන්න බැහැ කියලා අරගලකරුවෝ දැනගන්න ඕන. මේ ජාති ද්‍රෝහී කණ්ඩායම පන්නා දමා ජනතාවාදී පාලනයක් ස්ථාපිත කර මිස ජනතා ඉල්ලීම් දිනාගත නොහැකියි.’’

ලාල් කාන්තලා ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියේ දේශපාලන පක්ෂයක් බව පක්ෂ ව්‍යවස්ථාවේ මුල් කොටසේම සඳහන් ව ඇත. එය විද්‍යාත්මක සමාජවාදී දර්ශනයෙන් මඟ පෙන්වීම් ලබන බවත් පවතින ධනපති සමාජ ක්‍රමය නව සමජවාදී සමාජ ක්‍රමයක් වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට එය ක්‍රියා කරන බවත් පක්ෂ ව්‍යවස්ථාවේම සඳහන් ය. මේ ප්‍රතිපත්තිමය රාමුව තුළ රැඳී සිටීම සඳහා පක්ෂ සාමාජිකත්වයට බල කෙරෙන විශේෂ විධිවිධානයන් ද එම පක්ෂ ව්‍යවස්ථාවෙන්ම පනවනු ලැබ තිබේ. 

පොදු වාමාංශික දේශපාලන පක්ෂ නියමයන් පරිදි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයා පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන බවට දිවුරුමක් ද දී ඇති විද්‍යාත්මක සමාජවාදය පිළිබඳව අවබෝධයක් ලත්, දේශපාලනමය වශයෙන් සන්නද්ධ වූවෙකි. ඔහු දේශපාලනය පිළිබඳව කතා කළ යුත්තේ ද එම න්‍යායන් උල්ලංඝනය නොවන ලෙසිනි. 

එමෙන්ම පක්ෂ ව්‍යස්ථාවට හා පක්ෂ විනයට බැඳී සිටීම පක්ෂ විශ්වාසය කඩ නොකිරීම සාමාජිකත්වයේ වගකීම් ලෙස පක්ෂයේ ව්‍යස්ථාවේම සඳහන් කර ඇති පසුබිමක ලාල් කාන්ත මීට පෙර ද මෙවැනිම බරපතල කතාවක් කියා තිබේ. ඒ යූටියුබ් සාකඡාවක දී ය. එනම් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට සමාජවාදයෙන් බැහැරව හිඳින බවකි. 

ඒ අනුව දැඩි විධිවිධානයන් සහිත ව්‍යවස්ථාවකින් බැඳී සිටින ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සභිකයෙකු ජනතා විමුක්ති පෙරමුණේ මුඛ්‍ය අරමුණ වන සමාජවාදය අත හැරියායැයි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කිරීම පක්ෂ ව්‍යවස්‍ථාව බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව අතිශයින් පැහැදිලි ය. නමුත් එය ජනතා විමුක්ති පෙරමුණේ නිල ප්‍රකාශයක් සේම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දක් ද නොවන බව පෙනී යයි.

සාමාන්‍යයෙන් අප රටේ දේශපාලනඥයකු වෙතින් යමක් පැවසුණු විට එය එම පක්ෂයට අවාසිදායක නම් පක්ෂ ලේකම් වැනි වගකිව යුත්තකු කරන විශේෂ ප්‍රකාශයක් තිබේ. එනම් එය ඔහු ගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ නිල අදහසක් නොවන බවකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ යනු එසේ එක් එක්කෙනාට කටට එන එන දේවල් කිව හැකි පක්ෂයක් නොවේ. එවන් පසුබිමක් තුළ පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා පවා ලාල්කාන්තගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකිරීම තුළින් පෙනී යනුයේ ජනතා විමුක්ති පෙරමුණ නිල වශයෙන්ම දැන් ලාල් කාන්ත පවසන අන්දමට සමාජවාදය හැර දමා ඇති බවකි. 

මේ අතර ඔහු ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කළ ප්‍රකාශයක් ද අපගේ කරුණු දැක්වීමට එක් කර ගැනීමට මට සිතෙයි. 

“ටියුබ් එහෙක එහෙම අදහසක් එන විදියට කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා. ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා. සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන. රතු මැයි රැළිය නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියට. මොකද කාල්මාර්ක්ස් එංගල්ස්ලා ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජවාදය අවසන් වගේ එහෙමත්. දැන් කොහෙවත් පැරණි සමාජවාදය නැහැ. ඒ වගේ යථාර්ථය පිළි අරගෙන මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය තියෙන වෙබ් අඩවියෙනුත් ඔය තමන් මාක්ස්වාදී පක්ෂයක් කියන එක අත ඇරලා ඔය දෑකැත්තයි, මිටිය අයින් කරන්න. මොකද මේක පරිගණක යුගයේ චිප් යුගය. ඉතින් ඒකට සරිලන විදිහේ පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා නම් ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියාගෙන උඩින් තව එකක් කියන කියන ප්‍රමාණයට සැකේ, බිය වර්ධනය වීම තමයි වෙන්නේ. ලාල්කාන්ත මහත්මයා එහෙම එකක් කියලා තියෙනවා නම්, අපි ඉතාම සතුටුයි”

ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ හා බද්ධ වූ දේශපාලන සන්ධානයයි. 2019 දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් විසින්ම පිහිටුවා ගත් මෙම සන්ධානය දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන 28 කින් සමන්විත ය. මාලිමාව ලාංඡනය යටතේ මැතිවරණ සඳහා ඉදිරිපත් වන එය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සහ තවත් පක්ෂ 27 ක්, කම්කරු සංගම්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් සහ වාර්ගික ප්‍රජාවන්ගේ සාමාජිකයින් ගෙන් සමන්විත වූවකි. එහෙත් ජාතික ජන බලවේගය යනු ජනතා විමුක්ති පෙරමුණ මෙන් පූර්ණ සමාජවාදය වෙනුවෙන් කැප වූ සන්ධානයක් නොවේ. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නම් නව දේශපාලන සංකල්පය මත මත ස්ථාපිත වූවකි. 

ඒ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි බව පැවසීම ජනතා විමුක්ති පෙරමුණට කෙසේ වෙතත් ජාතික ජනබලවේග සංකල්ප වලට අනුරූප වූවක් ද විය හැක. 

ගත වූ කාල වලට සාපේක්ෂව එක් ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය විනය ආදී වශයෙන් වූ බිඳ වැටීම් දක්නට ලැබුණු අතර ඒ සම්බන්ධයෙන් පාසලේ ගුරුවරුන් ගේත් දෙමාපියන් ගේත් ආදි සිසුන් ගේත් පොදු අදහස වූයේ ඒ තත්වයට විදුහල්පති ගේ නොමනා ක්‍රියා හේතු වී ඇති බවකි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත පාසලේ විශේෂ ගුරු දෙගුරු හමුවක් සංවිධානය කොට තිබිණ. එහි දී විදුහල්පති ගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් දෙමාපිය පාර්ශවයෙන් දැඩි චෝදනා එල්ලවත්ම පාසලේ විදුහල්පති සහ ඔහුට හිතවත් ගුරුවරුන් කිහිපදෙනකු විසින් ඊට ප්‍රති ප්‍රහාර ද එල්ල වනු දක්නා ලදී. එවිට එම සභාවෙන් නැඟී සිටි එම පාසලේ ගුරුවරයකු දෙමාපියන්ගේ පාර්ශවය ගනිමින් විදුහල්පතිවරයා දැඩි විවේචනයට ලක් කරන ලද්දේ සැමගේ අවධානයට ලක්වෙමිනි.

”ඉතින් ඕවා මොකද? මෙතන දිග අරින්නේ ඇයි ඕවා ගැන ස්ටාෆ් මීටින් එකක දී එක වචනයක් වත් කතා නොකළේ; ”එසැනින් නැඟී සිරි විදුහල්පතිට හිතවත් ගුරුවරයෙක් ඇසීය. ”මට එහෙම කියන්න උවමනාවක් නෑ. මගේ දරුවා උගෙන ගන්නෙත් මේ පාසලේමයි. මම මේ කතා කරන්නේ දෙමව්පියෙක් හැටියට. ඇයි මට මගේ දරුවා වෙනුවෙන් මෙතන කතා කරන්න බැරිද?” ඒ ගුරුවරයා එසැනින් ඇසීය.

පසුගිය දිනයෙක අපට අසන්නට ලැබුණු ඒ කතාව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු සහ වෘත්තීය සමිති නායකයකු ද වන ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්තගේ සමාජවාදය අත හැරීමේ සහ වැඩ වර්ජන වලින් වැලකී සිටීමේ කතාවෙන් යළි සිහි ගැන්වුණු බව ඔහු වෙත ස්තුති පූර්වකව මෙහි ලියා තබමි.

(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී

Continue Reading
Advertisement
Hot News6 mins ago

බාහිර පන්ති යන බවසා නිවසින් ගිය පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදහන්

Hot News51 mins ago

රුවන්වැල්ලේ සිව් හැවිරිදි දැරියව ළිඳට දැමූ මව අල්ලයි

Hot News59 mins ago

කුරුණෑගල හිටපු නගරාධිපතිගේ දඬුවම අවුරුද්දකට අඩු කරලා

Sports2 hours ago

ශ්‍රී ලංකා ඔලිම්පික් පිරිමි කණ්ඩායමේ නායකයා පැරිස් බලා පිටත්ව යයි

Hot News3 hours ago

සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි

World4 hours ago

ඕමාන මුහුදේ පෙරලුණු තෙල් නැවෙන් 9දෙනෙකු බේරා ගැනේ

Hot News4 hours ago

විජයදාසගෙන් මැතිවරණ කොමිසමට ලියුමක්

World5 hours ago

ජෝ බයිඩන්ට කොවිඩ් ආසාදනය වෙයි

Hot News5 hours ago

තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරකට ලක්වෙයි

Weather5 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

Politics17 hours ago

ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙනවා – ජනපති

Hot News17 hours ago

පාසල් ළමුන් පිරිසකට බඹරු විදී – ළමුන් 08 දෙනෙකු රෝහලට

Hot News17 hours ago

මහාවංශය ලෝක උරුමයක් බවට යුනේස්කොවෙන් සහතික කරයි

Hot News18 hours ago

සිය දුර්වලතාව බාධාවක් කර නොගෙන ගුවන ජයගත් තරුණිය

Hot News19 hours ago

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාවට ජනපතිගෙන් කමිටුවක්

Article19 hours ago

නාමල්ගේ දේශපාලන බුද්ධිය – (එරන්ද ගිනිගේ)

Hot News19 hours ago

විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුවේද සංශෝධනයක් – ජීවන් තොණ්ඩමන්

Hot News19 hours ago

පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්

Hot News20 hours ago

ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කෙරේ

Hot News20 hours ago

පොහොර මිල ලොකු ගාණකින් අඩු වෙයි

Hot News21 hours ago

මහින්දයි සිරිසේනයි මහජන බදු මුදල්වලින් ගියපු හෙලිකොප්ටර් ගමන් මෙන්න

Hot News21 hours ago

Watch : මහින්ද මහජන බදු මුදල් කාබාසිනියා කරපු හැටි, වසර 9කට පසු එළියට

Hot News22 hours ago

කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

Hot News23 hours ago

නිධානයක් ගන්න ගිය චීවරධාරියකු ඇතුළු හතරක් අත්අඩංගුවට

Hot News24 hours ago

ඩයනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

Hot News1 day ago

තෙල් නෞකාවක් පෙරළෙයි – ලාංකිකයින් තිදෙනෙක් අතුරුදන්

World1 day ago

ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන

Hot News1 day ago

සිනමා ශාලාවලට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කරන්න ඕන – ජයන්ත චන්ද්‍රසිරි

Hot News1 day ago

බස් දෙකක් හැප්පෙයි – අයෙක් මරුට

Hot News1 day ago

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අද මැතිවරණ කොමිසමට

Hot News4 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News7 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News4 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News5 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports9 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News8 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports8 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News7 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News6 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local9 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local9 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 months ago

කිරිපිටි මිල පහළට

Hot News4 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News7 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News8 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World6 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World8 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News5 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News7 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports9 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News6 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

World9 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News4 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News6 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News7 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News7 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News7 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 days ago

ක්ලබ් වසන්තගේ සිද්ධියට මැදිවුණු විශ්වවිද්‍යාල සිසුවිය කවුද?

Politics4 days ago

Watch : රටේ ජනතාවට සනත් නිශාන්ත නැති අඩුව අඩුවක් නැතුව පුරවපු බිරිඳ

Hot News4 days ago

Watch : කංජීපානි එක්ක ප්‍රංශ රටේ සවාරි ගහන වසන්ත ගැන ඔත්තු දීපූ පොලිස් ලොක්කාගේ රටම නොදන්න තිත්ත ඇත්ත මෙන්න

Uncategorized5 days ago

Watch : වසන්තගේ අවසන් මොහොතේ සංවේදී වූ මව හැමෝගෙම නෙතට කඳුලක් එක්කරයි

Hot News5 days ago

Watch : සමීපතමයින්ගේ දුක් සෝ සුසුම් මැද ක්ලබ් වසන්ත මෙලොවින් සමුගනී

Hot News7 days ago

Watch : ක්ලබ් වසන්තගේ අවසන් මොහොතේ දර්ශන එලියට

Hot News1 week ago

Watch : පැටීගේ සහ කංජිපානිගේ මීළඟ ඉලක්කය කවු ද ?

Hot News1 week ago

Watch : ටැටූ හිමිකරු පොලිසිය ඉදිරියේ සියල්ල වමාරයි | වසන්තට ගේම දුන් හැටි මෙන්න

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්ත එක්කම යන්න ගිය කේ.සුජීවා ළඟින්ම ඇසුරු කළ කවුද මේ මහනාම ???

Hot News1 week ago

Watch : ලක්ෂ 10ක් මගේ එකවුන්ට් එකට වැටුණා ටැටූ කඩේ හිමිකරු සියල්ල වමාරයි

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තට ගේම දුන්නෙ කංජිපානි ඉම්රාන්?

Hot News1 week ago

Watch : ක්ලබ් වසන්තටත් කලින් ටනිල් බණ්ඩාරට ජීවිතය අහිමි කළ, අතුරුගිරියේ සැලූන් එක ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Hot News1 week ago

Watch : වෙඩි වැදුණු කේ. සුජීවාගේ නවතම තත්ත්වය

Hot News2 weeks ago

Watch : නැන්දම්මා එළොව යවා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගත් ලේලී

Hot News2 weeks ago

Watch : 78 හැවිරිදි සිරියාවතීට 17ක් වයස කොලු ගැටයා සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය

Hot News2 weeks ago

Watch : මත්කුඩු මුදලාලි පදින පියුමි හංසමාලිගගේ නමට ලියාපදිංචි කරපු සුපිරි වන්ඩිය

Hot News2 weeks ago

Watch : ගමන් කරමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී වීසිවෙයි

Hot News2 weeks ago

Watch : හැමෝගෙම ආදරය දිනාගත් ගල්ගමුවේ චණ්ඩි අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : දයාසිරිගේ සෙට් එක මල් මාලා අරගෙන ඇවිත් නිදහස් පක්ෂය වට කරයි

Hot News2 weeks ago

Watch : අල්ටෙයාර් ගොඩනැගිල්ලේදී සිසුවාට සිසුවියට ඇත්තටම මොකද වුණේ ?

Hot News2 weeks ago

Watch : මුළු ගමම හඬවමින් ඩෙවෝන් 5 යාත්‍රාවේ ගිය 5දෙනා ගම්වාසීන්ගේ කර මතින් අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : ජීවිතයක් අහිමි කළ මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුර

Hot News2 weeks ago

Watch : ෆයිල් කන්දරාවක්ම අරගෙන පියුමි CIDයට

Hot News3 weeks ago

Watch : මුහුදේ පාවී ආ බෝතල් මත්පැන් යැයි සිතා බීපු ධීවරයින්ට වෙච්ච විනාශය

Sports3 weeks ago

Watch : මුග්ධ නිලධාරීන්ගේ මෝඩ වැඩ නිසා තරුෂිට ඔලිම්පික් වරම් අහිමි වෙයි ද ?

Hot News3 weeks ago

Watch : මාධ්‍යවේදී නිරෝෂ් මෛත්‍රීගේ නඩුවෙන් හිරු පරදී

Hot News3 weeks ago

Watch : විරෝධතාවයෙන් කොළඹ හෙල්ලෙයි ගුරුවරුන්ට රනිල්ගෙන් රජ සැලකිලි

Hot News4 weeks ago

Watch : 17 හැවිරිදි සිසුවියට තරුණයින් පිරිසක් එකතු වෙලා සිදුකළ අපරාධය

Politics4 weeks ago

Watch : බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි

Sports4 weeks ago

Watch : ඇයි මිනිස්සු මගේ මෑණියන්ව සිහි කරන්නේ , මම ගිහින් ක්‍රිකට් ගැහුවේ නෑනේ

Advertisement

Categories

Trending