රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
පොදුජන පෙරමුණු පක්ෂයේ සභාපති අප අතහැර යද්දීත් අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල්ට බව තීරණය කළ බව කී බැසිල් රාජපක්ෂ මහතා අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වන බව කිව යුතුයැයි ප්‍රකාශ කළා.
එය කරන්නේ රට වෙනුවෙන් බවයි ඒ් මහතා ප්‍රකාශ කළේ.
27ක දේශපාලන දෙවිය සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝජිත අබේගුණවර්ධන මහතාගේ ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උළෙලට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.