පසුගිය දිනෙක කුරුණෑගල ප්‍රදේශයේ පාසල් සිසුවියක් ‘අබිරහස් ලෙස ගැබ් ගැනීමක්’ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක්වූවා ඔබට මතක ඇති. (මෙම පුවත ඇතැම් වෙබ් පිටු පළ කර තිබුණේ ‘වෛද්‍යවරු අන්ද මන්ද වූත්, විශ්මයට පත්වූත් අවස්ථාවක් ලෙසයි.)
මෙම සිසුවිය ‘කිසිදු ලිංගික කටයුත්තක්’ සිදු නොකළ බවත්, ‘මාස දෙකක කළලයක් පිහිටීම’ අදහාගත නොහැකි බවත් වෛද්‍යවරයා හමුවේ සඳහන් කොට තිබුණා.
සැබැවින්ම, යම් හෙයකින්.. කිසිදු ‘ලිංගික’ ගනුදෙනුවකින් හෝ තොරව එවැනි ‘අහඹුවක්’ සිදු විය හැකිද? (එනම් එවැනි අද්භූතජනක ලෙසින් දරුවෙකු පිළිසිඳ ගත හැකිද?)
ඉන් එහා…. ‘කන්‍යාවියන් ගැබ් ගැනීම’ ගැන ‘කතාබහක්’ දැනටමත් සමාජ මාධ්‍යයේ ඇති වී තිබෙනවා. (ඒ සඳහාම වන විවිධ අනුමානයන් සිදු කර ඇති අයුරු ද අපට නිරීක්ෂණය වූවා)
සත්‍ය වශයෙන්ම ‘දරුවෙකු පිළිසිඳ ගැනීමට’ නම් ලිංගික ක්‍රියාවලියක යෙදීම අත්‍යවශයම නොවේ. අන් ක්‍රමයකින් හෝ ‘යෝනි මාර්ගයට’ ශුක්‍රානු ඇතුළත් වීමෙන් මෙය සිදුවීමට හැකියාව පවතිනවා.
සැබැවින් ම ඒ කෙසේ ද?
බොහෝ දෙනෙක් තවමත් නොදැනුවත් මෙම ‘ආන්දෝලනාත්මක කරුණ’ සම්බන්ධයෙන් වන වෛද්‍ය කමල් එස්. ජයසේකරගේ ‘පැහැදිලි කිරීම’ පහතින් බලන්න.
‘ගැබ් ගැනීම කියන්නෙ ඔසප් වීම නතර වීමම නොවෙයි. ඔසප් නතර වූ සැණින් ඒකට ගැබ් ගැනීමක් කියන්නෙ නෑ. ගැබ් ගැනීමක් කියන්නෙ, සරු ස්ත්‍රී ඩිම්බයක්, සරු ශුක්‍රාණුවක්, පුරුෂ බීජයක් සමඟ එකතු වෙන එක. එහෙම එකතු වෙලා තමයි කළලයක් බවට පත්වෙන්නෙ. ලක්ෂ සංඛ්‍යාත මිලියන සංඛ්‍යාත ශුක්‍රානු නිකුත් කරනවා, ඩිම්බ එකයි.. හැබැයි මේ ඩිම්බ එක්ක එකතු වෙන්නෙ එක ශුක්‍රානුවක් විතරයි. හැබැයි…. සක්‍රීයම ශුක්‍රානුව තමයි ගැබ් ගැනීම සඳහා අදාළ වෙන්නෙ. මේ සක්‍රීයම ශුක්‍රානුව දේහයට යම් විදිහකින් ඇතුලු වෙන්න පුළුවන්ද? බොහෝ වෙලාවට අපි කරන (සන්තෝස වෙන්න කරන) කාරණාවලදී අපි නොදැනුවත්වම යෝනි මාර්ගයට ශුක්‍රානුවක් ඇතුල් වීමේ හැකියාව පවතිනවා. යම් ආකාරයකින්… (මේක බොහෝම අඩු අවස්ථාවක් තියෙන්නෙ..) ඉතා සරු බීජයක් යෝනි මාර්ගයට ඇතුළු වුණොත්, ඒක සක්‍රීය නම් ඒකට පුලුවන් ඉහළට පිහිනගෙන ගමන් කරන්න. බොහෝ වෙලාවට ස්වං වින්දන ක්‍රියාවලදී ‘ලිහිසි ද්‍රව්‍ය’ පිටවෙනවා. ඇතැම් විට ඒ ‘ලිහිසි ද්‍රව්‍ය’ තුළ ඒවායේ සක්‍රීය ශුක්‍රානු තිබීමේ හැකියාව තියනවා. ලිංගය ඇතුළත් නොකළත් සිදු කරන අවදානම් ක්‍රියාවක් කරනවා. ඒ තමයි යෝනියේ පුරුෂ ලිංගය ස්පර්ශ කිරීම… ඒ වෙලාවට තමාට නොදැනුවත්ව සුලු ශුක්‍රානු නිකුත් වීමේ හැකියාව පවතිනවා. ඇතැම් අය යෝනිය ආසන්නයේ ශුක්‍රානු හලා දමනවා. ඒකත් බොහෝම අවදානම් සහගත දෙයක්. සමහර අවස්ථාවල ස්වං වින්දනයේ යෙදුණු අය ශුක්‍රානු තැවරුනු අතින් යෝනිය ස්පර්ශ කරනවා. අන්න ඒකත් බොහෝම අවදානම් සහගතයි. ශරීරයෙන් පිටතතදී ශුක්‍රානුවකට විනාඩි කිහිපයක් ජීවත් වීමේ හැකියාව පවතිනවා….’
මේ සියල්ල අනුව පැහැදිලි වන ‘කරුණ නම්’ තවදුරටත් ‘ලිංගික අධ්‍යාපනය’ අතින් අප රට අතිශය කණගාටුදායක තැනෙක ‘පැළපදියම්ව’ සිටින බවයි. දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන මෙවැනි ඛේදජනක සිදුවීම් හමුවේ මීට එහා ‘කර්තතව්‍යයක්’ (එවැනිම වූ දැනුම්වත් කිරීම්) අදාළ ‘වගකිවයුත්තන්’ විසින් සිදු කළ යුතු නොවේද?