

Politics
රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවන අයවැයක් ඉදිරිපත් කළා
රටේ දරුණු ආර්ථික අර්බුදයක් අනාගතයේ නැවත ඇති නොවීමට විධිමත් ආර්ථික කළමනාකරණයක් සහිත අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට ලක්වූ ජන කොටස් වෙත සහන සැලසීමට මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමට ද මෙවර අයවැයෙහි විශේෂ අවධානයක් යොමු කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2024 අයවැය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (20) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.
මෙවර ඉදිරිපත් කළ අයවැය හරහා ආර්ථිකයේ බොහෝ අංශවල වර්ධනයක් ලබා ගත හැකියි. ආර්ථිකයේ වර්ධනයක් ඇති කිරිමට නම් අර්බුදයට පෙර තිබූ ආර්ථික මට්ට්ම වෙත රට ගෙන ඒමට අවශ්‍යයි. ඒ සඳහා ගියවර අයවැය මඟින් පදනම සකස් කළා. මෙවර අයවැය මඟින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. මේ වන විට රටේ ආර්ථික ස්ථාවරත්වය කොතෙක් දුරට සාර්ථක කර ගෙන තිබේද යන්න මහ බැංකු දත්ත නිරීක්ෂණය කළ විට තහවුරු කර ගත හැකියි.
2023 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන අවස්ථාව වන විට රට පැවතියේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට හැකි වාතාවරණයක නොවෙයි. ඒ අවස්ථාවේ විශාලතම ආර්ථික කඩාවැටීමක් මෙන්ම දේශපාලන – සමාජයීය අස්ථාවරත්වයත් සමඟ රට සංධිස්ථානයකට පැමිණ තිබුණා.
නමුත් මේ වන විට ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය 2023 වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ ප්‍රතිඵල බව පැවැසිය යුතුයි. ඒ වගේම ලබන වසරේ දී 1.8%ක ආර්ථික වර්ධනයක් රජය බලාපොරොත්තු වෙනවා. නමුත් අප සැලසුම් කර තිබෙන්නේ එම ප්‍රමාණය 2%ක් හෝ ඊට වැඩි වර්ධනයක් වෙත ගෙන යාමටයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මෙරට ණය හිමියන් සමඟ ඇති කර ගත් එකඟතා ද මෙවර අයවැය ලේඛනය සැකසීමේදී සැලකිල්ලට ගනු ලැබුවා. විශේෂයෙන්ම අප කොතෙක් දුරට ණය තිරසභාවයක් ඇති කර ගන්නවා ද යන්න ඉතාම වැදගත් වෙනවා. එබැවින් අයවැය යෝජනා සකස් කිරීමේ දී ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙන්ම තවත් බොහෝ කරුණු පිළිබඳව අවධානය යොමු කළා.
මූලික වශයෙන් අප මේ ආර්ථික අර්බුදය තුළ දැඩි පීඩනයකට හසු වූ ජන කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
රාජ්‍ය සේවකයන් කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළා. වසර ගණනාවක් තුළ රාජ්‍ය සේවයට වැටුප් වැඩි වීමක් සිදු ව නැහැ. ඒ අනුව රුපියල් 10, 000 ක අමතර දීමනාවක් ලබාදීමට රජය කටයුතු කළා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්, වකුගඩු රෝගීන්, ආබාධිත දීමනාව ලබන කණ්ඩායම්, වැඩිහිටි දීමනාව ලබන කණ්ඩායම් කියන මේ සියලු දෙනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ හරහා මිලියන 3 කට අසන්න පවුල් ප්‍රමාණයක් ප්‍රතිලාභ ලැබීමට නියමිතයි.
ඒ වගේම ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ද දැඩි පීඩාවකට පත් වුණා. ඔවුන් යථාතත්ත්වය පත් කිරිම සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියන 30 කට අධික ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. තනි ඉලක්කමක අගයක් සහිත සහන පොළියකට ඔවුන්ට ණය පහසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. පෞද්ගලිකව භාවිත කරන වාහන හැර මෙතෙක් පැවති ආනයන සීමාද අද ඉවත් කර තිබෙනවා.
Politics
ගුවන් විදුලිය හා රූපවාහිනිය පොදු සමාගමක් වෙයි

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවා.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277 ක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වනවිට රුපියල් මිලියන 457 ක්ද අලාභ ලබා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම මාධ්‍ය නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමට අපහසු බවත්, ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටිනවා.
Politics
සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යන ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (28) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.
Politics
සමගි ජන බලවේගයේ ප්‍රබල ආසන සංවිධායකවරයෙක් ඉවතට

සමගි ජන බලවේගයේ පස්සර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News1 day ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?