රටේ සෑම දරුවකුම ලක්ෂ 12ක ඒකපුද්ගල ණයබරතාවකින් පෙළෙන බවත් රට පාලනය කරන වැඩිහිටියේ දරුවන්ගේ එම කරුණ සගවන නමුත් දරුවන්ටත් තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති නිසා මේ ගැන දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (12) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 92 වැනි අදියර යටතේ බියගම ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.