පාර්ලිමේන්තුව අද (21) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2371/11 සහ අංක 2371/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සදහන් නියමයන් දෙකක් විවාද කිරීමෙන් තොරව අනුමත කර ගැනීමට නියමිතයි.

අනතුරුව පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2238/34 , 2303/23 සහ 2362/67 දරන ගැසට් පත්‍රවල සදහන් නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here