අද (06) උදෑසන රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී පුද්ගලයින් පිරිසකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රිය අනතුරක් සම්බන්ධ නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

එහිදී එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙක්ද තුවාල ලබා ඇති තිබෙනවා.

ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පසුගිය වසරේ රත්නපුර සමන් දේවාලය අසල සිදු වූ මාරක රිය අනතුරේ ප්‍රධාන සැකකරු බව හඳුනාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාළ රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here