නිවාස බිඳින්නකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“රත්මලානේ බුරියා” නැමැති මොහු ලක්ෂ 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගෙන ඇති බවයි පැවසෙන්නේ.

එම භාණඩ අතර පවුම් 11 1/2 ක් බර රන් තැල්ලක්, මාලයක්, වළලු දෙකක් හා මුදුවක් වන බව පොලිසිය පැවසුවා

ගල්කිස්ස පොලීසිය පැවසුවේ මේ සොරකම මීට දින පහකට පමණ පෙර සිදුක‍ර ඇති බවයි.

ප්‍රශ්න කිරීමෙන් පසුව සොරා ගත් රන් මුදුවක් රත්මලානේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට රුපියල් 90,000 උකස්කර තිබියදී සොයාගැනීමට සමත් වුණා.

සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here