රතු පස්වල නඩුවේ තීන්දුව ලබා දීම මැයි 17 වන දින දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා. ඒ පැමිණිලි පාර්ශවයේ සහ විත්තිකාර පාර්ශවයේ ලිඛිත දේශන ප්‍රමාදය හේතුවෙන්. අද (30) පස්වරු 01 ට මෙම නඩුව කැඳවු අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිවකුත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණා.