ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හරහා ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
අදාළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට අද (02) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.