2018 වසරේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනු කෙරුණු මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතිසි නිකුත් කර තිබෙනවා.
පෙත්සම සම්බන්ධයෙන් මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.
ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 23 වනදා විභාගයට ගැනීමටද අධිකරණය තීන්දු කළ අතර පෙත්සම සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කර තිබුණො.
පෙත්සම්කරු පවසන්නේ, 2018 වසරේ ඔක්තෝබර් මස 26 වනදා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එවකට අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරුණු බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබියදී ඔහු ඉවත්කොට එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
ජනාධිපතිට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් එවකට ජනාධිපති ලෙස සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.