රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාරගත් දා සිට දිවා රෑ නොබලා රට ගොඩනැගීම වෙනුවෙන් කැපවුණා. ඒ කැපවීම්වල ප්‍රතිඵල අද භුක්ති විඳින්නේ මේ රටේ සමස්ථ මහජනතාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
අද කිසිකෙනෙක් පෝලිම්වල දුක් විඳින්නේ නැහැ. කිසි කෙනෙක් පෝලිම්වල මිය යන්නේ නැහැ. ඉතින් මෙවැනි පෙරළියක් කෙටි කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයාට අපේ රටේ සියලුම මහජනතාව කෘතගුණ දැක්විය යුතු යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.