පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දුන් බවට මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂගේ පුත් නිලුපුල් රාජපක්ෂගෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි ලෙස ඉල්ලා එන්තර වාසියක් යොමු කර තිබෙනවා.
එමගින් තම කීර්ති නාමයට හානියක් සිදු ව ඇති බවත්, ඒ අනුව දින 14ක් ඇතුළත අදාළ මුදල නොගෙවුවහොත් නඩු පවරන බවට එම එන්තර වාසියෙන් දැනුම් දී තිබෙනවා.
පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව තමන්ට පහරදුන් බවට පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යුද හමුදා රෝහලට ඇතුළත් වී තිබුණා.