වර්ජනයේ නිරත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.

මහින්ද සිරිවර්ධන මහතා මෙහිදී තවදුරටත් සඳහන් කර සිටියේ, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම, පවතින අයවැය ප්‍රතිපාදන මත මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති බව පවසා සිටියා.

භාණ්ඩාගාර ලේකම්වරයා තවදුරටත් අවධාරණය කළේ, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මඟින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට  අපේක්ෂා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here