පෞද්ගලික අංශයට සමාන යාන්ත්‍රණයක් රාජ්‍ය සේවයේ ආරවුල් නිරාකරණය කිරීම සඳහා හඳුන්වා දීමේ අරමුණින් සමාජ කතිකාවත, උපදේශනය, සමථකරණය සහ බේරුම් කරණය යන සංකල්ප මත පදනම්ව, ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2020-11-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, සෞඛ්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවා ස්ථාන 04ක අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික මූල්‍ය සහාය ලැබී තිබේ.

එම නියමු ව්‍යාපෘතිය යටතේ නියමු සේවා ස්ථාන සංසද පිහිටුවා ඇති අතර, ඒවායේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අදාළ පාර්ශ්වයන් අතර සහයෝගිතාව වර්ධනය වී ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා පදනමක් නිර්මාණය වන බව තහවුරු වී ඇත.

එකී නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අත්කර ගනු ලැබ ඇති සාර්ථකත්වය මත පදනම්ව, පහත සඳහන් පරිදි කටයුතු කිරීම් පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here