පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමේ අරමුණින් මේ වනවිට ස්ථාපිත කොට ඇති විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධව ස්ථාපිත කොට ඇති විශේෂ පොලිස්‌ කණ්ඩායමක් මගින් විදේශ රටක සිටින රැවුල් කුමාර නමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කොළඹ නගරය හා දිවයින පුරා කේරල ගංජා බෙදා හරින ඔහුගේ ප්‍රධාන අනුගාමිකයෙකු කේරල ගංජා කිලෝ 25ක් සමග ඊයේ සවස කඩුවෙල වැලවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණින.

දෙමටගොඩ චාමර නිරෝෂන් නමැති 47 හැවිරිදි මෙම සැකකරු කොළඹ නගරය හා තදාසන් න ප්‍රදේශවලට තොග වශයෙන් ගංජා බෙදා හරින බවට බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත කඩුවෙල වැලවිට නගරයේ වෙනත් පුද්ගලයකුට ලබාදීම සඳහා කේරල ගංජා කිලෝ දෙකක් ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.එහිදී ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව කඩුවෙල වැලවිට ප්‍රදේශයේ තේ නිවසේ තිබී තවත් ගංජා කිලෝ 23 පොලිස් සිය විසින් සොයා ගන්නා ලදී.සැකකරු විසින් මෙම නිවස රුපියල් 35000 කට කුලි පදනමට මෙම නිවස ලබාගෙන මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ.

කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විසින් රැවුල් කුමාරගේ ගංජා ජාවාරම ම කොළඹ නගරය හා දිවයිනේ විවිධ ප්‍රදේශවලට තොග වශයෙන් බෙදා හැර ඇති බවයි.

මෙම ගංජාවල වටිකාකම ලක්ෂ 70 පමණ වේ.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැදවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරිමට නියමිතයි.

(සම්පත් කුලරත්න- කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here