මීගමුව දිවුලපිටිය මාර්ගයේ මීට මාස තුනකට පෙර අවුරුදු විසි හතරක තරුණයෙක් රිය අනතුරකට ලක්වී කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
එම රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ අනතුරට ලක්වූ තරුණයාගේ ජීවිතය බේර ගත නොහැකි බවයි.
මාස තුනක් තිස්සේ රිය අනතුරට පත් වූ තරුණයාගේ පියා මේ පිළිබඳව දුකෙන් සිටී බව ඥාතීන් පවසයි.
දවස් තුනකට පෙර රිය අනතුරට පත් වූ තරුණයාට ශල්‍යකර්මයක් කර ඇති බව වාර්තාවේ.
මෙම ශල්‍යකර්මය එක කරන අවස්ථාවේ දිවුලපිටිය දූනගහ පල්ලියපිටිය ප්‍රදේශයේ තරුණයාගේ පියා ජීවත්ව සිටි නිවසේ ගෙල වැළඳාගෙන මියගොස් ඇති බව දිවුලපිටිය පොලිසිය අප කළ විමසීමකදී පවසයි.
මිය යන විට පියාගේ වයස අවුරුදු හතළිස් අටක් බව ඥාතීන් පවසයි.
තාත්තගේ මියයාමෙන් පසු පුතාට සිහිය ආව බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
(මිනුවන්ගොඩ දමිත් තිසර)