හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රුපියල් කෝටි දහයක් පමණ වටිනා රේන්ජ් රෝවර් රථය සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය, නිරූපිකාවක් වන පියුමි හංසමාලි ලබා ගැනීම සැක සහිත බවත්, ඒ හේතුව නිසාම ඇයගේ සියලු වත්කම් ගැන විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලා පසුගිය දිනෙක (17) ‘මගේ රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ ‘සංජය මහවත්ත’ සඳහන් කළේ, රංගන ක්ෂේත්රයේ හෝ නිර්මාණ කටයුතු සඳහා ‘කාර්යබහුල නොවන’ ක්‍රීම් වර්ග පමණක් අලෙවි කරන පියුමි හංසමාලි වැනි අයෙක්, හිටපු ජනාධිපතිවරයා භාවිත කළ වටිනා ජීප් රථයක් ඇය සතු කර ගැනීම ගැටලු සහගත බවයි.
‘අපට සැකයක් පහළ වෙලා තියෙනවා ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය හා නිරූපිකාවක් කියාගන්නා පියුමි හංසමාලි සම්බන්ධවත ඇය ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ රේන්ජ් රෝවර් රථය ගත්තේ කෙසේද කියා. එක්කෝ පියුමි හංසමාලි ගෝඨාභය රාජපක්ෂට මේ රථය දීලා තියෙනවා. නැත්තං ගෝඨාභය රාජපක්ෂ පියුමි හංසමාලිට මේ රථය දීලා තියෙනවා. මේ දෙකෙන් එකක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවෙලා තියෙනවා. ඒ වගේම පියුමි හංසමාලිට මේ වන විට ජීවත් වෙන්න අති සුපෝඛභෝගී මහල් නිවාසයක් තියෙනවා. ඇය සුපෝඛභෝගී විදියට තමයි ජීවත් වෙන්නේ. එතකොට අපට සැකයක් ඇතිවෙනවා මේ දේශපාලඥයන්ගේ කළු සල්ලි සුදු කිරීමක් ද කියා. ඒ සඳහා ඔවුන් පියුමි හංසමාලිව පාවිච්චි කරනවද කියා. ඒ නිසා තමයි අපි පියුම් හංසමාලිට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන්න කියලා නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් කළේ…’
‘කළු සල්ලි සුදු කරනවා නම් ඒක බරපතල වැරැද්දක්. දේශපාලනඥයන්ගේ කළු සල්ලි සුදු කරනවා කියන එක රටට කරන බරපතල වැරැද්දක්. මේ වෙලාවේ මේ කළු සල්ලි එළියට එන මොහොතේදී අප සියලු දෙනාම සීරු මාරුවට පරිස්සම් වෙන්න ඕනා.. ඡන්දයක් ළඟ තියෙද්දි ජන්ද ගුණ්ඩු සඳහා මේවා කරනවාද දන්නෑ. කව්ද මේ කළු සල්ලි වියදම් කරන්නේ. නීති විරෝධී ආකාරයට මුදල් වියදම් වෙනවා. අප කළ පැමිණිල්ලට අනුව ඉතා ඉක්මනින් සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා’
කෙසේ වෙතත්, මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනි ‘පියුමි හංසමාලි’ ද ප්‍රතිචාර දක්වා ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.
‘සංජය බොකවත්. නොහොත් රිලානන්ද, සල්ලි දුන්නොත් ඔිනම තැනක නයි අරිනවා. හැබැයි බොරු කිව්වා වගේ නෙවෙයි, සාප වෙනවා අයියා. මම නම් සාප කරනව මයි. කුවේණිගේ සාපෙට වඩා වඩා දරුණුයි මගේ සාපේ…’
‘මඟ ඇවිදගන්න පණ නෑ. මගේ වත්කම් හොයන්නලූ. රුපියල් 50,000කට පිනට කැහැලා! ඊයේ කෑවද අයියා රෑට කුකුල් මස්, ඒ සල්ලිවලින්. සල්ලි නෑ කිව්වා නම් ඔයාට ජීවිත කාලෙට ම මම කන්න දෙනවා. ඔයාට කොහොමත් බිම බඩ ගාන් යන්න දෙනවා මං බොරු කියනවට. වහින වෙලාවට එළියට බහින්න එපා. මම සාප කරනවා!!’