Connect with us

Article

රුපියල ශක්තිමත් වීම පුරවැසි ඔබට බලපාන්නේ කොහොම ද?

මේවන විට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවන අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව

ශ්‍රී ලංකා රුපියලේ අගයද කැපීපෙනෙන ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

රටේ උද්ධමනය 1.5% ක අගයකට පහළ වැටී ඇත.

වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් පෙන්නුම් කරයි.දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ (මැයි 09 වැනිදා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේය.

මේවන විට ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවන අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයද  කැපීපෙනෙන ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි.

මීට වසර දෙකකට අධික කාලයක සිට ශ්‍රී ලංකාවේ දිනපතා පුවත් නිර්මාණය කළ ඇමෙරිකානු ඩොලරයේ අගය වැඩි වීම, වර්තමානය වන විට ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පවතියි.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය ඉහළ යාම වැනි බොහෝ ආර්ථිකමය කාරණා හේතුවෙන් විවිධාකාරයෙන් ජනතාවට පීඩනයක් එල්ල කරන ලදි.

විශේෂයෙන් ම ආනයනය ක්ෂේත්‍රයට අදාලව එය සෘජුව බලපෑම් එල්ල කළ අතර, එනිසාම වර්තමානය දක්වාත් ක්‍රියාත්මක වන ආනයන සීමා රැසක් ද ක්‍රියාත්මක කෙරුණි. ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේ පවා ගෙන්වීමට බාධා ඇති වූ අතර, දිවයින පුරා දැවැන්ත පෝලිම් ප්‍රමාණයක් ද නිර්මාණය විය.

කෙසේ නමුත් වර්තමානය වනවිට රුපියල වෙනත් මුදල් ඒකක සමග සැසදීමේදී සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත.

රුපියල ශක්තිමත් වීම නිසා ආනයන භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකට පහළ යාමක් මේ වන විට දකින්නට ලැබෙන බව පාර්ලිමේන්තුවේදී පෙන්වාදුන් ජනාධිපතිවරයා ගෑස්, ඛනිජ තෙල්, කිරිපිටි ආදී භාණ්ඩවල මිළ පහළ දැමීම සඳහා රුපියල ශක්තිමත් වීම හේතු වූ බව පැවසුවේ ය. එසේම පොළී අනුපාතය පහළ යාම නිසා ව්‍යවසායක අංශයට ද වඩාත් පහසුවක් ඇතිව තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

රුපියල ශක්තිමත් වීම යනු කුමක් ද?ආර්ථිකයේ මෙම සුබවාදී ප්‍රතිලාභ සාමාන්‍ය මහජනතාව වෙත ලැබෙන්නේ ද? මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් මහාචාර්ය අමින්ද මෙත්සිල සමඟ පැවැත් වූ සාකච්ඡාවේ දී මතුකරගත් කරුණු මෙතැන් සිට කියවන්න.

රුපියල ශක්තිමත් වීම කියන්නේ මොකක්ද?

රුපියල ශක්තිමත් වීම යනු අප විදේශ විනිමයන් සඳහා ගෙවිය යුතු මුදල අඩු වීම බව මහාචාර්ය අමින්ද මෙත්සිල පැහැදිලි කළේ ය. “සරළව ම අපිට ඇමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ගණන අඩු වෙනවා. අපි මීට කලින් ඩොලර් එකක් වෙනුවෙන් රුපියල් 360ක් ගෙවුවා නම් දැන් ගෙවන්නේ 300යි අපට රුපියල් ඉතිරි වෙලා තියෙනවා,” ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ අනුව භාණ්ඩ ආනයනයේ දී ශ්‍රී ලංකාවෙන් වැය කළ යුතු මුදල අඩු වන බව ඔහු පවසයි. “රුපියල අවප්‍රමාණ වුණාම අපට ආනයන වලට වැඩියෙන් රුපියල් ගෙවන්න වෙනවා. නමුත් ශක්තිමත් වුණාම සිදුවන්නේ ඒකෙ අනිත් පැත්ත. එතකොට රුපියලේ අගය වැඩිවෙලා අපි ආනයනයේ දී ගෙවිය යුතු මුදල අඩු වෙනවා.”

ආනයනයට සහ අපනයනයට බලපාන්නේ කොහොමද?

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ආනයනයේ දී අඩු පිරිවැයක් දැරීමට සිදුවනවා මෙන් ම අපනයනයේ දී අඩු ආදායමක් ලැබීමට ද සිදුවන බවයි. “කලින් කිවුවා වගේ ම අපට ආනයනයට වැය වන මුදල අඩු වෙනවා. එතැන අපට වාසියක් තිබෙනවා. කලින් අපි වැය කළ තරමට ම අපට ආනයන වලට මුදල් වැය කරන්න අවශ්‍ය නෑ. නමුත් අපනයනයේ දී තත්ත්වය වෙනස් වෙනවා.”

“අපනයනයේ දී ඔබට කලින් එක් ඇමරිකානු ඩොලර් එකකට රුපියල් 360ක් 370ක් ලැබුණා නම් ඔබට දැන් ලැබෙන්නේ රුපියල් 300යි. අපනයනයේ දී මෙහෙම දෙයක් වුණත් ආනයනයේ දී සිදුවන වාසිය නිසා වක්‍රාකාර වාසියක් තිබිය හැකියි,” මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

‘වසර දෙකකදී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 25ක් රට හැර ගිහින්; ඩොලර් මිලියන 10,000ක් ශ්‍රී ලංකාවට එවලා’

සාමාන්‍ය ජනතාවට ලැබෙන වාසිය මොකක්ද?

“ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රධාන පරිභෝජන ද්‍රව්‍ය සියල්ල පිටරටින් ආනයනය කරන දේවල්. හාල්, සීනී, පිටිවල සිට පෙට්‍රල්, ඩීසල්, ගෑස් දක්වා සියල්ල ආනයනය කරනවා. පසුගිය කාලයේ රුපියල අවප්‍රමාණ වුණ එකත් එක්ක අපට ආනයනයේ දී ඩොලර් එකක් වෙනුවෙන් ගෙවන්න සිදුවුණ අධික රුපියල් සංඛ්‍යාව නිසා භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. නමුත් දැන් එය පහළ යමින් තිබෙනවා.” මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ තවම ජනතාවට දැනෙන ආකාරයේ වාසිදායක තත්වයක් නිර්මාණය වී නැතත් ඉදිරියේ දී භාණ්ඩ මිල අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවය. “වෙළඳපොළේ ගෑස් මිල යම් තරමකින් අඩු වෙලා තිබෙනවා. සමහර භාණ්ඩ වල මිලත් ඒ විදිහමයි. වෙළඳපොළේ තවම පරණ තොග සඳහා වෙළඳාම් සිදුවෙනවා. නමුත් අලුත් තත්ත්වය සමඟ ආනයනය කළ පසු භාණ්ඩ මිල අඩුවීමක් ජනතාවට ලැබෙනවා,” ඔහු පැවසුවේ ය.

“ගෙදර කෙනෙක් පිටරටක ඉඳන් සල්ලි එවනවා නම් ඒ එන මුදල අඩු වීමක් වෙන්නත් පුළුවන්.”

ව්‍යාපාරික ඔබට බලපාන්නේ කොහොමද?

ඔබ ව්‍යාපාරයක නියැලෙන්නේ නම් පසුගිය කාලයේ දැරීමට සිදුවූ වූ අධික පිරිවැය ඔබගේ ව්‍යාපාරයට නිසැකවම බාධකයන් වූ බව නොඅනුමානයි. එසේ ම ආනයන සීමා හේතුවෙන් ඇතිව තිබූ අමුද්‍රව්‍ය හිඟයට ද ඔබ මුහුණ දී තිබීමට හැකියි.

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දෙන ආකාරයට ඉහත කී අතිරේක වියදම් අඩු වීමක් රුපියල ශක්තිමත් වීම නිසා සිදුවේ. “අමුද්‍රව්‍ය ආනයනයේ දී වියදම් අඩු වීම අනිවාර්යයයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හට වාසිදායක තත්වයක්. ඒ වගේම ඉන්ධන මිල අඩුවීමත් ඔවුන්ට වාසිදායකයි. ඔවුන්ගේ වැඩිවෙලා තිබුණු නිෂ්පාදන වියදම් අඩු කරන්න රුපියලේ ශක්තිමත් වීම බලපාලා තිබෙනවා,” මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

කෙසේ නමුත් සංචාරක කර්මාන්තය සහ අපනයන ව්‍යාපාරිකයන් හට යම් අවාසිදායක තත්ත්වයක් ද මෙයින් නිර්මාණය වන බව මහාචාර්යවරයා පවසයි. “උපයන විදේශ විනිමයට ලංකාවේ දී ලැබෙන්නේ අඩු රුපියල් ප්‍රමාණයක් නිසා අපනයන ව්‍යාපාරිකයන්ට යම් ආදායම් අඩු වීමක් වෙන්න පුළුවන්. කලින් ඔවුන්ට ලැබුණු රුපියල් ප්‍රමාණය දැන් ක්‍රම ක්‍රමයෙන් අඩු වේගෙන යනවා. ඒ වගේ ම සංචාරක කර්මාන්තයේ නියැළිලා සිටින අයටත් මේ විදිහටම මේ ප්‍රශ්නය බලපානවා.”කෙසේ නමුත් සංචාරක කර්මාන්තය සහ අපනයන ව්‍යාපාරිකයන් හට යම් අවාසිදායක තත්ත්වයක් ද මෙයින් නිර්මාණය වන බව මහාචාර්යවරයා පවසයි. “උපයන විදේශ විනිමයට ලංකාවේ දී ලැබෙන්නේ අඩු රුපියල් ප්‍රමාණයක් නිසා අපනයන ව්‍යාපාරිකයන්ට යම් ආදායම් අඩු වීමක් වෙන්න පුළුවන්. කලින් ඔවුන්ට ලැබුණු රුපියල් ප්‍රමාණය දැන් ක්‍රම ක්‍රමයෙන් අඩු වේගෙන යනවා. ඒ වගේ ම සංචාරක කර්මාන්තයේ නියැළිලා සිටින අයටත් මේ විදිහටම මේ ප්‍රශ්නය බලපානවා.”

තත්ත්වය මෙසේ වුවත් සමස්තයක් වශයෙන් වැඩි බරක් තැබිය හැක්කේ වාසිදායක පැත්තට බව මහාචාර්ය අමින්ද මෙත්සිලගේ මතයයි.

“අපනයන හා සංචාරක ක්ෂේත්‍රවල ඉන්න අය උපයන රුපියල් ප්‍රමාණය අඩු වුණත්, ආනයනයේ දී සහ වෙනත් රටවල් වලට සිදු කරන ගෙවීම් වලදී ලැබෙන වාසිය නිසා ලොකු පාඩුවක් සිදුවන්නේ නෑ. එනිසා මේ තත්ත්වය පොදුවේ රටට හොඳ තත්ත්වයක් විදිහට සලකන්න පුළුවන්.””අපනයන හා සංචාරක ක්ෂේත්‍රවල ඉන්න අය උපයන රුපියල් ප්‍රමාණය අඩු වුණත්, ආනයනයේ දී සහ වෙනත් රටවල් වලට සිදු කරන ගෙවීම් වලදී ලැබෙන වාසිය නිසා ලොකු පාඩුවක් සිදුවන්නේ නෑ. එනිසා මේ තත්ත්වය පොදුවේ රටට හොඳ තත්ත්වයක් විදිහට සලකන්න පුළුවන්.”

උද්ධමනය සමඟ ඇති සම්බන්ධය

එහි දී බීබීසී සිංහල විසින් මහාචාර්යවරයාගෙන් විමසා සිටියේ රුපියල ශක්තිමත් වීම සහ එයින් උද්ධමනයට ඇති බලපෑම කුමක් ද යන්නයි. එහි දී මහාචාර්යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“උද්ධමනය එහෙමත් නැතිනම් අපේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගියේ ඩොලරයට වැඩි රුපියල් ගණනක් ගෙවන්න සිදුවුණ නිසා. ආර්ථිකට කඩාවැටෙන්න පෙර පෙට්‍රල් ලීටරයකට රු. 140ක් ගෙවුවත් වර්තමානයේ අපි රු. 350ක් ගෙවනවා. එකට හේතුව තමයි ඒ දවස් වල රු. 180ට තිබුණ ඇමෙරිකානු ඩොලර් එකකට අද රු. 300ක් ගෙවීම. මිල මට්ටම් වල මිල වැඩිවීමට හේතුව අපි උද්ධමනය කියලා හඳුන්වන විට, ඒකට හේතුව ඩොලරයේ අගය වැඩිවීම කියල අපට කියන්න පුළුවන්,” මහචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

“ඒ කියන්නේ ඩොලර් එකේ මිල අඩු වෙනවා කියන්නේ අනිවාර්යයෙන් ම භාණ්ඩවල මිල අඩු වෙන්න ඕනෑ. ගිය මාසයේ වාර්තා බලනකොට සමහර අංශවල උද්ධමනය සෘණ අගයක තියෙන්නේ. කලින් 70%ක පමණ ඉහල ගිය උද්ධමනය වර්තමාන්යේ තනි ඉලක්කමකට ඇවිත් තියෙනවා. ඒකට හේතුව තමයි රුපියල ශක්තිමත් වීම. ඒ කියන්නේ පැහැදිලිවම උද්ධමනය අඩු වෙන්න රුපියල ශක්තිමත් වීම බලපානවා.”

(BBC සිංහල සේවය)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Article

මාලිමා බොරුව සහ ජවිපෙ කෙරැවාව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

මාලිමා වෙස් මුහුණ පැළඳ ගත් ජනතා විමුක්ති පෙරමුණ, ගතවූ පනස් තුන් වසරක කාලය තිස්සේ රටේ බලය ඇල්ලීමට යොදා ගත් උද්යෝග පාඨ හා ක්‍රියාකාරකම් රටේ පවත්නා දේශපාලනික හා සාමාජික අපේක්ෂාවන්ට පටහැනි විය.

ජෙප්පන්ට කිසි විටෙක තම අරමුණු සම්බන්ධව කිසිවෙකු සමග ප්‍රසිද්ධියේ වාදයකට පැමිණීය නොහැකි වුණේ ඒ නිසාය. 1970 මැයි මාසයේ තුනෙන් දෙකක ජනතාව පෙළ ගැසී පත් කළ ආණ්ඩුවට දොළොස් මසක් ඉක්මවීමට පෙර, බණ්ඩාරනායක අගමැතිනිය ජීවග්‍රහයෙන් අල්ලා ඝාතනය කොට, රටේ බලය ගැනීමට කළ ජන මතයට, යථාර්ථයට පටහැනි 1971 අප්‍රේල් කැරැල්ල නම් ජවිපෙ ආරම්භක තක්කඩිකම ඊට දිය හැකි හොඳම උදාහරණය වේ. ජවිපෙ ඉතිහාසය පුරා රටට හෝ රටේ ජනතාවට අවංක වුණේ හෝ ආදරය කළේ නැත.

විශිෂ්ට ජයග්‍රහණයකින් පසුව, එළඹෙන පළමු අලුත් අවුරුද්ද සැමරීමට බලා සිටි ප්‍රජාතන්ත්‍රවාදි රටක්, එක් රැයකින් උඩුයටිකුරු කොට, බිය ගන්වා තුවක්කු බෝම්බ පෙන්වා විනාස කළ බව රහසක් නොවේ. එකී ප්‍රතිගාමි තක්කඩිතමට නායකත්වය දුන් විජේවීර පසුපස ගොස් සිය තරුණ ජීවිත වලින් වන්දි ගෙවූ දූ දරුවන්ගේ මා පියන් නැගූ විලාපය සදාකාලිකව උතුරේ දමිළ අම්මලාගේ සාපයට දෙවෙනි වෙන්නේ නැත. ඒ විනාසයෙන් වසර 17කට පසුව, 1988දී ඡන්ද පොළට එන් මුල් දස දෙනාට වෙඩි තබමින් නැවත රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සුපුරුදු මරණ වරෙන්තු නිකුත් කොට තවත් තරුණ ජීවිත හැට දහසක් පමණ රටට අහිමි කිරීම යනු අවලාදයක් මඩක් නොව ඉතිහාසයේ ලියැවුණ සහාසික අපරාධයකි. එකී අපරාධයන්ට වගකිව යුතු විජේවීරගේ උන්මාදනීය විප්ලවීය ධජය අතට ගත් අනුර කුමාර දිසානායකලා ලාල් කාන්තලා, මාලිමා වෙස් මුහුණ දමාගෙන වර්තමානයේ මැතිවරණ ඉල්ලා වීදි සටන් කරමින් බුලට් එකෙන් බැලට් එකට මාරුවීමේ ප්‍රහසනයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුතුව තිබේ. ලාල්කාන්තගේ විග්‍රහය අනුව මාලිමා පාලනයකදී වර්ජන අරගල වලට කිසිදු ඉඩක් නැත.

ජවිපෙ කුප්‍රකට පන්ති විග්‍රහයට ඇතුළත් ඉන්දිය විරෝධය එදවස රුසියාවට ලෙන්ගතු ඉන්දියාව පිළිබඳ පැවති චීන විරෝධයට මුක්කු ගැසීමක් මිස, කලාපීය භූ දේශපාලනය පිළිබඳ යථාර්ථවාදි දැක්මක් නො වීය. විජේවීර තුළ කැකෑරුණ ඉන්දීය වෛරය, 1988-89දී 13 වෙනි සංශෝධනයට මුවා බොම්බයි ලූණු මයිසූර් පරිප්පු විකුණා ජීවත්වූ ගමේ සිල්ලර කඩ කාරයා මරා දැමීම විජේවීරගේ උම්මත්ක ස්වභාවයට උදාහරණයකි. බොම්බයි ලූණු ලොකු ලූණු හෙවත් බිග් අනියන් වුණේ ජවිපෙ ගල්කටස් භීතිය නිසාය. එහෙත් ජවිපෙ තහනම් ලැයිස්තුවට අයත් මයිසූර් පරිප්පු යනු ඉන්දීය නාමයක් නොවන බව කිසිවෙකු දැන සිටියේ නැත.

අඩ සිය වසක් පුරා මිනී මරමින් දේපල ගිනි තබමින් බල තන්හාවෙන් මහා විනාසයක් කළ ජවිපෙ වර්තමාන භාරය දරමින්, විසිවෙනි සියවස ලංකාවට අහිමි කළවුන්ට චෝදනා කරන අනුර කුමාරලා ජනතා විමුක්ති පෙරමුණ ඓතිහාසිකව සිදු කළ අපරාධ ගැන තවමත් පසුතැවිලි නොවන බව “ඔව්, අපි ආරක්ෂක හමුදාවලට ඔත්තු දුන් ග්‍රාම නිලධාරින් මැරුවා තමයි. හෙටත් එහෙම කරන්න පුලුවන්….” යනුවෙන් ඊයේ පෙරේදා ලාල් කාන්ත කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

අවුරුදු පහකට රට ඉල්ලන අනුර කුමාරලාගේ දැක්ම සහ ක්‍රමවේද තවමත් විසි එක්වෙනි සියවසේ ගෝලීය දැක්ම සමග පෙළ ගැසී නැත. ලංකාවේ ගණිකා වෘත්තිය නීතියෙන් තහනම් කර නැති බව දැන නො සිටි සමන්මලී ගුණසිංහ, මාලිමා පාලනයක් යටතේ, ගණිකා වෘත්තිය නීතිගත කරන බවට කළ ප්‍රකාශය, කිසිදු විමසීමකින් පැකිළීමකින් තොරව, ටිල්වින් සිල්වා ප්‍රතික්ෂේප කිරීම යනු, මාලිමාව කියන්නේ තවමත් ඉපැරණි ජවිපේ ගල් කටස් විධානයේ නාම කරණයක් පමණක් මිස ජන සම්මත කතිකාවක් නොවන බව පැහැදිලි ය.

සමන්මලී හා ටිල්වින් පරස්පරය පිළිබඳ දෙවැනි කියවීම වන්නේ නව පරපුරේ සමන්මලීලාගේ කඬේ යාම් කැප කිරිම් මෙන්ම ඔවුන්ගේ අදහස් කෙරෙහි කිසි විටෙක ජවිපෙ කරුණා සහගත නොවන බවය. එසේම 13 වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනය පිළිබඳ අදහස් දැක්වූ හරිනි අමරසූරියට බෙදුවේද සමන්මලී ගුණසිංහට බෙදූ පොල් කටු හැන්දෙන්මය. එසේම, හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධව, දෙරණ ප්‍රශ්න කළ අවස්ථාවේ ටිල්වින් සිල්වා විය නො හැකිවූ අනුර කුමාර දිසානායකගෙන් දිස් වුණේ, ජංගියේ චූ ගිය දරුවෙකුට සමාන පසුතැවිල්ලක් මිස වේදිකාවේ රඟන කයියනායක නම් විධග්ධ දේශපාලනඥයා නම් නොවේ. මේ සියල්ල එකට ගලපා ගත් කල්හී අතීතයේ ජවිපෙ රැල්ලට හසු නොවී පන බේරා ගත් ලාංකේය ජ්‍යෙෂ්ඨ පුර වැසියන් මාලිමාව දකින්නේ විනාසකාරි විජේවීරගේ අවතාරයට වඩා යමක් නොවේ.

මෙවැනි විග්‍රහයන් දුටු සැනින්, රළු භාෂා ශෛලියෙන් නාකියා කඬේ යන්නා යනුවෙන් බැන වැදීමට ටිල්වින්ලා අනුරලා මාලිමා ශ්‍රාවකයන් උපදෙස් දී ඇත්තේ සිය මතවාදී බංකොලොත් භාවය වසා ගැනීමටය.

වෙසක් සමයේ පේරුදුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව තෙක් දිවයින පුරා පැතිරී පැවති ශ්‍රී ලාංකේය දන්සැල් සංස්කෘතිය නිරූපිත වෛවර්ණ ලංකා සිතියම පිළිබඳ මතුගම පුර අපි නම් මුහුණු පොත් ගිණුම් හිමියා, “මුන් නම් අමුතු ජීවින් පිරිසක්. මෙච්චර ආර්ථික උද්ධමන ආර්ථික අපහසුකම් තිබියදී තම ධනය දෙන්න පුලුවන් කියන්නේ මුං ඔක්කෝටම අමු කැවිලද? යනුවෙන් කළ ප්‍රකාශය ඇසුරෙන්, උතුර දකුණ බැඳ තබන සංස්කෘතික උරුමයන් කෙරෙහි පවත්නා ජවිපේ වෛරය තේරුම් ගත හැකිය.

තවත් මාලිමා ශ්‍රාවකයෙකු “මුන් දන්සල් දෙන්නේ බලෙන් එකතු කරන සල්ලි වලින්….. ” යනුයෙන් ලියා තිබිණ. එය දුටු කෙනෙක්, “තමුසෙලා මැයි දිනේට යන්න ටිකට් වික්කෙත් ගෙවල් ගානේ ගිහින් මිනිස්සු බය කරලා නේද?” කියා අසා තිබිණ. මතුගම පුර අපි පොහොට්ටුවට සටහන් යෙදූ බොහෝ දෙනා අසා තිබුණේ දන්සල් දීම වරදක්ද කියාය. මේ අතර තිබූ තවත් සටහනක් මෙසේය. “රට පුරා මෙහෙම දන්සල් දුන්න කියලා දැන ගත්තාම මිනිස්සුන්ට හිතෙයි ඇත්තටම රටේ ප්‍රශ්න නෑ. පාලකයන් කියන්නේ ඇත්ත කියලා.” සත්‍ය වශයෙන්ම මාලිමාවට ඇති ප්‍රශ්නය එයයි. (එයින් බොරුවක් ඇත්තක් කිරීමට දරණ උත්සාහය දැකිය හැකිය.) ජෙප්පන් වඩාත් කැමැති මැරි මැරී ජිවත්වන ජන සමාජයක් දැකීමට විය හැකිය.
අලුත් අවුරුදු කාලෙත් අමාරුයි කී කෙනෙකු ගෙන්, “ඇයි ගෙදර වළඳක් ලිපේ තියන්න බැරි තරමට හිඳිලාද? පෙරළා විමසූ විට ලැබුණ පිළිතුර “නෑ අපට එහෙම අවුලක් නෑ. ඒ වුණාට රටේ මිනිස්සුන්ට අමාරුයිනේ”යන්නය. මේ කියන අනුන් වෙනුවෙන් පෙනී සිටින්නන් කරන්නේ අනුන්ගේ කාලකන්නිකම බෙදා හරිමින් සතුටක් ලැබීමය. රටේ මිනිස්සු දන්සල් දෙනවා දැකීම සතුටක් ලැබිය නො හැක්කේ රටේ තත්වය යහපත් යයි සිතීමටත් අකමැති නරුමයන්ට පමණකි.

පොදු දේපල විකිණීමට එරෙහිව මා සමග කියවා ගත් මිතුරෙකුට ක්‍රිකට් පුහුණුවට තෝරා ගත් 13 හැවිරිදි දියණියගේ කොළඹ යාමට සිදුවීම නිසා ඇපරල් රස්සාවෙන් අස්වී එදිනෙදා වියදම සඳහා නැතිබැරිකමට තාත්තා දුන් ඉඩම් කෑල්ලක් වික්ක මොනරාගල බට්ටිගේ අම්මා මෙන් රටක් හැටියට අවදානමකදී ශක්තිමත්ව මුහුණ දිය යුතු බව කී අවස්ථාවේ, “ලංකාවේ ආණ්ඩුවයි රටේ මිනිස්සුයි ආදර්ශයට ගන්න ඕනැ බට්ටිගේ අම්මාද ? කියා විමසීය. “එහෙනම් කළ යුත්තේ අනුන් ගෙන් පිනට කන අඳින අනුර කුමාරලාට රටේ පාලනය භාර දීමද? මගේ ප්‍රහාරාත්මක ප්‍රතික්‍රියාව හමුවේ මිතුරා මොහොතක් නිරුත්තර විය. “බට්ටිගේ අම්මා මාලිමා රැස්වීම් වලට ගියා නම් අර කෙල්ලට සිද්ධ වෙන්නේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්න නොවේ. මාලිමා පෝස්ටර් ගමේ අලවන්න” කී විට, මා දෙස රවා බැලූ සගයා තිත්ත කුණු හරුපයක් කියාගෙන යන්ට ගියේය.

දන්සල් සංස්කෘතියෙන් පිළිබිඹු වන්නේ අපට ආවේනික සංස්කෘතික හැසිරීමද නැතහොත් සුඛිත මුදිත ජන ජීවිතයක හරස්කඩක්ද යන්න විමසීම, මගේ මාතෘකාවට අදාළ කරුණක් නොවේ. එහෙත් විදුලිය ජලය වැනි අත්‍යාවශ්‍ය සේවා කිසිදු බාධාවකින් තොරව ජනතාව නිදහසේ භුක්ති 88-89 කාලවල, රටේ මිනිස්සු ලයිට් නිවා ලිප ගිනි නො දල්වා නිදි නැතිව බයෙන් ජීවත් වීමට සිදු වුණේත්, ඉන්ධන පරිවාහනය සේවා පැවතියදී මගී ප්‍රවාහනයට තහංචි දැම්මේත් සාමාන්‍ය මිනිසුන් නොව, ජවිපේ මිනීමරු උම්මත්තකයන් විසිනි.

මගේ රනිල් ආයෙත් පරද්දමු ලිපිය කියවූ මාලිමා ඉහළ මාලයේය නියෝජනය කරන්නෙක් වට්ස්ඇප් හරහා විමසා සිටියේ, “හැබෑටම රනිල් දිනයිද? කියාය. “එසේය ”යයි මා දුන් පිළිතුරු දුටු හෙතෙම, “එහෙනම් රනිල් පරද්දමු කියා ලියා තිබුණේ ඇයි ? දැයි විමසීය. මා ලේඛනයේදී රටේ පවත්නා යථාර්ථය මිස රැළි වලට එන සෙනග සැලකිල්ලට නො ගන්නා බව පසුව, සිය මාතෘකාව වෙනස් කළ මිත්‍රයාගේ සටහනේ මෙසේ විමසා තිබිණ.

“දන්නවාද මහනුවර නගරාශ්‍රිතව නිවෙස්වල දරුවන් විදෙස් ගතවීම නිසා බහුතරයක් මහලු වැඩිහිටියන් ජීවත් වෙන්නේ වැඩ කාරයන් සමග කියා….? මා පෙරළා, “ඒ කියන්නේ මාලිමා පාලනයක් යටතේ ලාංකිකයන්ට විදෙස්ගතවීම තහනම් කිරීම ෂුවර්... යනුවෙන් සිනහ ස්ටිකරයක් සමග මා මැසේජ් කළ විට, “අපි දෙන්නා කාලය නාස්ති නො කර ඉමු” කියා මගේ මිත්‍රයා, නිහඬ විය. මිත්‍රයා නම් නො කර මේ අදහස් හුවමාරුව මා උපුටා දැක්වන්නේ, තාර්කික කතාබහක් පවා මෙසේ මගහැර යන්නේ පුද්ගල නො හැකියාව නිසා නොව, වෛද්‍ය නලින්ද ජයතිස්ස තහවුරු කළ ආකාරයට, මාලිමාවට මුද්‍රිත (නිශ්චිත) ප්‍රතිපත්තියක් නැති නිසා ය.

රටේ දරුවන් විදෙස් ගතවීමෙන් වැඩිහිටියන් තනිවේවි යන්න මාලිමාවේ ඉසව්ගත ජාතික ගැටළුවක් නම් අනුර කුමාර ලෝකය වටේ යමින් පක්ෂයට අරමුදල් මුදල් එකතු කිරීම හිතට එකඟව නො කළ යුතුවේ. එසේම ඔහු එවැනි කිසිදු හමුවකදී දරුවන් විදේශ ගතවීමෙන් ලංකාවේ නිවෙස්වල තනිවූ වැඩිහිටි මව්පියන්ගේ අසරණ භාවය පිළිබඳ කතා කර නැත.

දේශපාලනඥයන්ගේ තක්කඩිකම යනු ජනතාව විසින් හඳුනා ගෙන පිළියම් කළ යුතු අසනීපයක් වන අතර, 2022 අප්‍රේල් වලදී බොහෝ තක්කඩින්ට ඊට නිසි මාත්‍රා ප්‍රමාණය සාධාරණව බෙදා දුන් බව පිළිගත් සත්‍යයකි. (තමා සාර්ථක පාලකයෙකු බව රටක් ගොඩ දැමීමෙන් තහවුරු කළ ජනාධිපති වික්‍රමසිංහ තම නායකත්වය තහවුරු කිරීමට එක දිගට අසමත්වීමද මෙහිදී අවධාරණය කෙරෙයි.)

ජයවේවා කියමින් මාලිමාවට සුබ පතන රාජ්‍ය සේවයේ බහුතරය තම බත් පතට හෝ අවංක නැත. ස්වකීය පැමිණීම සහ පිටවීම වාර්තා කිරීමට භාවිතා කළ පොත ඉවත් කොට, තාක්ෂණය යෙදීමට එරෙහිව වන්නේ වැඩ නො කර පඩි ගැනීමට හුරුවී ඇති නිසාය. එක දිගට පාඩු ලබන රාජ්‍ය ආයතන වලින් වාර්ෂික බෝනස්, 13 වෙනි මාසයේ වැටුප ආදි අහිමි දීමනා සඳහා අකුරට වැඩ කරමින් රටට වදයක් වන්නේ හිතේ කැතකම නිසාය. මෙකී හැසිරීම් හඳුනා ගෙන සිය රැකියාවට රටට වැටුප් ගෙවන ජනතාවට අවංක වීමට රාජ්‍ය සේවයට කියා නො දෙන මාලිමා ඔලු බක්කන් රටේ වංචා දූෂණ නැති කරනවා කීමත් රට රැවටීමකි.

එසේම ආපසු අය කර ගන්නවා කියන මෙතෙක් සොරා ගත් බව කියන, රජයට අහිමි වූ හැම කාසියක්ම දූෂිත දේශපාලනඥයන්ගේ සාක්කුවට යාමට රාජ්‍ය නිලධාරින් සිව් දෙනෙකු සහතික කිරීමේ මුදල් රෙගුලාසි අනුව, ආණ්ඩු පෙරළියකින් තොරව එක් රැයකින් රටේ දූෂණ වංචා නතර කරවීමට මාලිමාවට හැකියාව ඇතද, වෘත්තීය සමිති ශක්තියෙන් පාලකයන් සහ ජනතාව දඬු කඳේ ගැසීමට මිස රාජ්‍ය සේවයට අත තැබීමට මාලිමාවට ශක්තියක් සූදානමක් නැති බව රජයේ රස්සා නො කරන, මාසික වැටුප් නො ලබන හේනේ කුඹුරේ වැඩ පොළේ සාගරයේ දහදිය හෙලමින් ජීවිත සටන කරන රටේ බහුතර ජනතාව වටහා ගත යුතුවේ.

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) 

Continue Reading

Article

ලාල් කාන්ත කීවේ ඇත්තකි !

” මේක කෙලින්ම ගහල ඉවර කරන්න ඕනෙ කිව්වෙ අපියි,ජාතික හෙළ උරුමයයි විතරයි. අපි සමාජ මතය හදල ජනතාව පෙළගැස්සුව..ඕගොල්ලො ගැහුව.”

ලාල් මේ අමතන්නේ රත්නපුර විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමුළුවටයි.

තමන් එදා ‘ඓතිහාසික වගකීමකට’ උර දුන් බව තවමත් විශ්වාස කරන පක්ෂයකට උතුරු-නැගෙනහිර යුධමය ප්‍රශ්නයේ සැබෑ ඓතිහාසික-දේශපාලන මූලයන් හෝ අදටත් එහි ශේෂ වී පැසවන තුවාලයන් ගැන පශ්චාත්තාපයක් හෝ ස්වයං විචාරයක් තිබීමට ඉඩක් නැත.

දෙමළ ජනයාගේ ඓතිහාසික ප්‍රශ්නය ගැන දේශපාලනිකව සංවේදී වූ සහ එය ලෙයින් යකඩයෙන් මර්දනය කළ සිංහල-බෞද්ධ රාජ්‍යය හා එහි මර්දන උපකරණය ගැන විවේචනාත්මක වූ අපගේ සංස්කෘතික-බුද්ධිමය මිතුරු පිරිවර අද ජාතික ජන බලවේගය නාමයෙන් නිහඩ කර ඇත. ඔවුන් අද ජාතික ජන බලවේගයේ අන්ධ බැතිමතුන් හෝ ප්‍රයෝගකාරී ආරක්ෂකයන් වී ඇත. ඇතැම් විට ලාල් කාන්තගේ ඉහත කතාව හුදෙකලාව විවේචනය කරන හීන් කෙදිරියක් පමණක් නැගෙනු ඇත.

ජවිපෙ/ජාජබ අද ගෞරවයෙන් කැදවන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යනු එදා 80 දශකයේ සිය සහෝදරත්වය සංහාරය කළ රාජ්‍ය උපකරණය බව ඔවුනගේ ඉතිහාස මතකයෙන් මැකී ගොස් ඇත.

ජවිපෙ ‘උතුරු-නැගෙනහිර ත්‍රස්තවාදය’ මර්දනය කිරීමට මතවාදී ශක්තිය සැපයූවා නම් ජේ.ආර්/‍රනිල් ආණ්ඩුව 80 දශකයේ කර ඇත්තේ ‘දකුණේ ත්‍රස්තවාදය’ මර්දනය කිරීමකි.

කුමක්ද වෙනස ?..

ජවිපෙ උතුරට කැදවූ මර්දනය නිවැරදි වී එජාපය දකුණට කැදවූ මර්දනය වැරදි වන්නේ කෙසේද ? ‘ත්‍රස්තවාදය’ පිළිබද නිර්වචනය සාධාරණීය වන්නේ තමන්ගේ පාර්ශවයේ මතවාදයට අනුව පමණද ?

‘පලස්තීනයේ නිදහස’ ප්‍රගතිශීලී වී ‘දෙමළ ජාතික නිදහස’ ප්‍රතිගාමී වන්නේ කෙසේද ? ‘හමාස් ත්‍රස්තවාදය’ හා ‘පලස්තීන ජනතාවගේ නිදහස’ අතර බෙදුම්කඩනය පැහැදිළි වී ‘විමුක්ති කොටි සංවිධානයේ ත්‍රස්තවාදය’ හා ‘දෙමළ ජනතාවගේ දේශපාලන නිදහස’ අතර බෙදුම්කඩනය පැහැදිළි නොවන්නේ කෙසේද ?

ඊශ්‍රායාලයට එරෙහිව ‘පලස්තීන නිදහස’ වෙනුවෙන් කොන්ද කෙලින් තබාගෙන හඩක් නැගීමට ජවිපෙ/ජාජබ අද අසමත් වී සිටින්නේ ද ඉදිරි මැතිවරණ ජයග්‍රහණයේ ගේමටත් වඩා ඔවුනගේ දේශපාලන ලෝක දැක්ම තුළ ඉහත වර්ගයේ බෙදුම්කඩනයක් නොමැති වන නිසාද වේ.

ලාල් ගේ ඍජු බසින් නොවුනද ජවිපෙ මතුපිට හමට යට ඇත්තේ සිය පැරණි සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදයම බව පැහැදිළිය.

ජවිපෙ/ජාජබ නියෝජිතයකු නොවීද ඊට ආණ්ඩු බලය මාරුවීම දෙස නිර්ප්‍රභූ අර්ථයකින් සුබවාදීව බලන අප වැනි අයට ද සිය ආස්ථානය පිළිබද යළි ස්වයං පරික්ෂාවක් කිරීමට අවස්ථා කිහිපයක්ම මේ වනවිට ජවිපෙ/ජාජබ විසින් සපයමින් තිබෙන බව පෙනෙයි.

(පෙනෙන විදියට ජවිපෙ/ජාජබ ආණ්ඩු බලය ගැනීමට සූදානම් වන්නේ දෙමළ ජනතා චන්දයෙන් තොරව දකුණේ බහුතර සිංහල-බෞද්ධ අනුමැතියෙන් විය යුතුය.)

(උපුටා ගැනීම විදර්ශන කන්නන්ගර ගේ ෆේස්බුක් පිටුවෙනි)

Continue Reading

Article

රනිල් ආයේත් පරද්දමු – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

පසුගිය අසීරු දෙ වසර අවසානයේ උද්ධමනය අඩු විය. රුපියල ශක්තිමත් විය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු විය.

විදේශ සංචිත තර විය. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සුලභ විය. පාසල් විවෘත විය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුහුදට විසි කොට අප්‍රෙල් අරගලය නිර්මානය කළ පීඩාකාරි යුගය මෙසේ තුනී වී යාම මග හැර යමින්, ”ඕවා කියලා වැඩක් නෑ රනිල් පරදිනවා” කියන මාලිමාව තම මුහුණු පොත් සහෘදයන් ලවා මාලිමාවට ජය වේවා කියවා ගත්තාට බංගාවේවා කියන උපන් නැකතක් හිමි ජෙප්පන් කවදාවත් දිනලාම නැත. 

දෝණි තම අම්මාටත් නො කියවන ඔසප් සංසිද්ධියට දේශපාලනික පෑඩ් ඇන්දවීමෙන් 2019 දීම සජිත් ප්‍රේමදාසත් අමු ජෝකරයෙක් විය. අනුන් දෙන දේ කමින් බොමින් යැපෙන, පිනට ලැඛෙන රෙදි කලිසම් වලින් විලි වසා ගන්නා කයියනායකලා වචනාර්ථයෙන් අපතයන් මිස යුගයක් නිර්මානය කිරීමට සමත් නො වෙති. එකට එකතුව රනිල් පරාද කළ හැකි වුණත් වඩාත් ගහ බැණ ගන්නේ මේ දෙ ගොල්ලමය. 

ගෝඨාට රැවටී දෙ කෝටි පනස් ලක්ෂයකට යන එන මං නැති කළ හැට නව ලක්ෂයෙන් එකියක් වූ නිවාස අධිකාරියේ නිලධාරිනියක් ගිය ගමන රනිල් පරද්දන්න ගෝඨාට දුන්නා. මේ ගමන මාලිමාවට දෙන්න ඉන්නේ. ඒත් බයත් හිතෙනවා. යනුවෙන් කීවේ පවත්නා දේශපාලන දෙ ගිඩියාව එළි දක්වමිනි. ඇයි සජිත් මොකද? එහි සිටි අයෙක් විමසූ විට ඇය කීවේ නිවාස අධිකාරියට එයා කළ විනාසය අපි දන්නවා කියාය. 

රටේ බහුතරය කතිර පාවිච්චි කළේ රට හදන්න නොවේ. රනිල් ගෙදර යවන්නය. දැන් සිදුව ඇත්තේ වෙනත් දෙයකි. 2015දී ඡන්ද 5098916ක් සහ මන්ත්‍රීන් 106ක් සමග රට කරවූ රනිල්, 2020දී ඡන්ද 249435ක් සහ එක් මන්ත්‍රී ආසනයකට සීමා කළේ එහෙමය. 2020දී සජිත් අප්පාවත් ජනාධිපති කරවූ එජාපයට හතුරු නො වුණා නම් රාජපක්ෂලාට තුනෙන් දෙකක් ගන්නේවත් රටට මෙහෙම වෙන්නේත්  නැත. 

රටක විපක්ෂ නායකයා අස්ථාවර රට භාර ගෙන අගමැති විය යුතු වුවද, 2022දී ලංකාවේ එහෙම නො වුණේ සජිත් බය වුණේ මැයි 9 වෙනිදා ගෝල්ෆේස්හිදී ඔලූවට එල්ලවූ පොලූ පාර නිසා විය හැකිය.

17 වසරක් තම දේශපාලන ප්‍රතිවාදියාවූ රනිල් හාස්කමකින් මෙන් නිමේෂයකින් රටේ පාලකයා වීම රාජපක්ෂලාට අදටත් මදි පුංචිකමක් විය. සිද්ධ වුණේ රටට පවත්නා එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය හෙයින් ජනතාව ගෙදර යැවූ රනිල් පාර්ලිමේන්තු බහුතරය විසින් යළි කැඳවීමය. රනිල් එජාප ශෛලියෙන් අර්බුදයට මුහුණ දුන් ආකාරය දෙ කෝටි පනස් ලක්ෂයක් දෙනා විමසිල්ලෙන් බලා සිටිති.  

දිගු කලක් වැසී තිබුණ පාසල් පද්ධතිය රනිල් ජනාධිපතිවී පැය 48ක් තුළ විවෘත නො කළ නම්, සජිත්ට ස්කෝලවල රැස්වීම් තියන්ට ලැඛෙන්නේ නැත. ඉන්ධන හිඟවී ඇනහිට තිබුණ රට, රනිල්  පැය 48ක් තුළ කිව්ආර් කේතය යොදා සක්‍රිය නො කරන්නට, එදා අඳුරු මුඩුක්ක්කුවක් පැවති රට අදටත් එසේම පවතිනවා නිසැකය. 

රනිල් පාසල් විවෘත කිරිමේ වාසිය, ගුරු වර්ජන නිසා අදටත් පාසල් දරුවන්ට නො ලැබීම නම් අවාසනාවකි. දීමනා වැඩි කරන්නැයි විභාග රාජකාරි නවතා මහා මාර්ගය අවහිර කොට ගුරු වෘත්තිකයන් වරක් ඉල්ලා සිටි සාකච්ඡාව, උසස් පෙළ  ප්‍රතිපල නිකුත් කරන තෙක් ලබා නො දෙන බව තීන්දු කළ ජනාධිපති වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේදී නිකමා කී සජිත් ගැන රටේ සිසු පරපුර සිතන විදිය මරික්කාර්ලා බුද්ධිකලා නො දැන සිටියාට හර්ෂලා කබිර්ලා එරාන්ලා රෝහිණිලා තලතලා රෝහිණිලා හොඳින් දනිති.  

2022ට සාපේක්ෂව, රටේ ජන ජිවිතය සාමාන්‍ය වෙමින් පවතී. පැට්‍රල් ලීටරය රුපියල් 117ට ගෑස් සිලින්ඩරය රුපියල් 1250ට ජනතාවට දුන් යහ පාලන ආණ්ඩුව පරදවා 2020දී රටේ බලය අල්ලා ගැනීමට රාජපක්ෂලාට වඳ ෂාපි වඳ කොත්තු හා පාස්කු බෝම්බය මෙන්ම සජබ විගඩමද හේතු විය. ඒ පාඩම ඉගෙන ගත් ජනතාව ඉදිරි ජනාධිපති මැතිවරණයේදී කළ යුත්තේ කුමක්දැයි ජනතාව විසින්ම තීරණය කළ යුතුව තිබේ.

දේශපාලනිකව එජාපයටත් අමිහිරි අත්දැකීමක් වූ රනිල් වික්‍රමසිංහ අප්‍රේල් අරගලයෙන් ප්‍රතික්ෂේපවූ රාජපක්ෂලා, ප්‍රේමදාසලා, අනුර කුමාරලා, වාසුදේවලා විමල් වීරවංශලා වෙනුවට තේරුණ එකම විකල්පය වීම තිත්ත වුවද ශක්තිමත් සත්‍යය බව තහවුරු වී හමාරය. බටලන්ද සහ බැංකු මංකොල්ලය ගැන කියමින් රනිල් රටට එපා කරවා රටේ බලයට පත් රාජපක්ෂ සිදු කළ සුනාමි ගිණුම, එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දිය, සිරිලිය ගිණුම, එයාර් බස් ගණුදෙනුව ආදි අනේක චෝදනා යටපත් කළ විපක්ෂය, මේ පිටපොට ගසන්නේ යළි රනිල් ගෙදර යවා රටේ බලය ඇල්ලීමටය.

අල්ලස, දූෂණය, වංචාව රටේ බලය අල්ලන මන්ත්‍රය කර ගත් ජෙප්ප්න් සිය තුවක්කු දේශපාලනය ගිනි අවි පැහැර ගැනීමෙන් බැංකු කැඩීමෙන් මිනී මැරිමෙන් පටන් ගත් බව රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මතකය. 88-89 භීෂණය සමයේ කු ප්‍රකට බටලන්ද හමුදා කඳවුර යනු, වීජේවීර පන පිටින් පුලූස්සා ඔහුගේ දරු පවුල ආරක්ෂා කළ රාජ්‍යය විසින් රටේ ආරක්ෂාවට ගොඩ නැගූ ආරක්ෂක කුටියක් මිස, අධ්‍යාපන හා යෞවන කටයුතු ඇමතිව සිටියදී අනාගතය වෙනුවෙන් නිර්මානය කළ විද්‍යා පීඨ, යොවුන් කඳවුරු වැනි රනිල් වික්‍රමසිංහ පන්නයේ ව්‍යාපෘතියක් නොවේ. බටලන්ද කඳවුරේදී ඝාතනය වූ විජේදාස ලියනාරච්චි ආරක්ෂක අංශවලට කොටු කළේ ජවිපෙය වෙනුවෙන් ජිනීවා ගිය ලංකාවේ ප්‍රකට දකුණේ දේශපාලනඥයෙකු බව රහසක් නොවේ. 

ඊයේ පෙරේදා අනුර කුමාර දිසානායක, නවසිය හැත්තෑ අටේ සිට දෙ දහස් විසි දෙක වසර 44ක් තුළ විදේශ ආයෝජන වලින් ලංකාවට ලැබුණේ ඩොලර් බිලියන 22ක් පමණක් බවත් වියට්නාමය 2022දී පමණක් ඩොලර් බිලියන 22ක් රටට ගෙන්වා ගත් කී සැනින්, දෙරණ මාධ්‍යවේදියා ඊට තමුන්නාන්සේලාත් වගකිව යුතු නැතිදැයි පෙරළා විමසුවේ 88-89 කාලයේ බලය අල්ලා ගැනීමට මනුෂ්‍ය ඝාතනවලට අමතරව සාපරාධි ලෙස ජෙප්පන් රටේ  ආර්ථීකයට කළ විනාසය එල්ටීටීඊයටවත් කළ නොහැකි බව නො කියා කියමිනි. 

ඩොලර් බිලියන 22ක විදේශ ආයෝජන එක් වසරකින් උපයා ගත් වියට්නාමය ඊට ගුරු කොට ගත්තේත්, පිදෙල් කස්ත්‍රෝ කොමියුනිස්ට් කියුබාවට නිදහස් ආර්ථීකය හඳුන්වා දුන්නේත්, ශ්‍රී ලාංකේය අත්දැකීමට අනුගතවය. ලෝක ප්‍රකට කියුබානු සුරුට්ටු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට වරින් වර එවන තරමට ක්‍රැස්තෝ ලංකාවට ලෙන්ගතු විය. 

චීනය හා වියට්නාමය මෙන් කියුබාව සාර්ථක නො වීමට හේතු අනුර කුමාරලා පැහැදිලි කළ  යුතුවේ. මහ කොළඹ ආර්ථික කොමිෂමට අදාළ අණ පනත් වලින් නිදහස් වෙළඳ කලාප තුළ වෘතිය සමිති ක්‍රියාකාරිත්වයට යම් සීමා තහංචි පනවන ලද්දේ වර්ජන නිසා ශ්‍රී ලංකාව හැර ගිය ජාත්‍යන්තර ආයෝජකයවන් පිළිබඳ ව්‍යාපාරික ලෝකයේ පැවති බිය සැක තුනී කිරිමටය. වෘත්තීය සමිති අරගල සහ ඊනියා ජනසතු ව්‍යාපාර නිසා නවසිය පනස් ගණන්වල ලංකාව හැර ගිය බොහෝ ජත්‍යන්තර ආයෝජකයන් සිංගප්පූරුවට කැඳවා ගත් බව ලී ක්වාන් යූ කියා තිබේ.

ෂෙල්, කැල්ටෙක්ස්, එසෝ ආදි අමෙරිකා සමාගම් සතුව පැවති ඉන්ධන ව්‍යාපාර ජනසතු කොට පිහිටවූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අදටත් රාජ්‍ය භාණ්ඩාගාරයට වැය බරක් වී ඇත්තේ වෘත්තිය සමිති මාෆියාව මිස වංචා දූෂණ නිසා නොවේ. මේ ඛේදවාචකයට ලංකා විදුලි බල මණ්ඩලය මෙන්ම, එයාර් ලංකා සහ ටෙලිකොම් ආදි රාජ්‍ය ආයතනද බිලි විය. (ලංවිම 1994 තෙක් 17 වසරක් එක දිගට ලාභ ලැබීය.)

තුවක්කු පෙන්නා මංකොල්ල කෑමත් වර්ජන තර්ජන හරහා අමතර දීමනා ලබා ගැනීමත් හේතුවෙන් ආසන්න අඩ සියවසක් රාජ්‍ය ව්‍යාපාර විනාස වීමටත් විදේශීය ආයෝජකයන් නො පැමිණිමටත් වඩාත් හේතු වුණේ ජෙප්පන් මිස වාංචා දූෂණ නොවේ.

1965-1970 කාලයේ  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස සහ පසුව සෙනෙට් සභාවද නියෝජනය කළ එජාප හිතවාදි ඔස්කා ද ලිවේරා සෙනෙට් මන්ත්‍රීවරයෙකු වීමේ සතුට සැමරීමට පැවති සාදයේදී එජාප මන්ත්‍රීන් ඇතුළු හිතවතුන් හමුවේ කී කතාවක් මෙහිදී ඉතා වැදගත්ය. අධ්‍යක්ෂ ධුරය දරද්දී වරක් ඔහුගේ නමට නිකුත් කළ චෙක් පතක ගෙවීම ගැන එකී සමාගමෙන් විමසූ විට ඒ වාර්ෂිකව අධ්‍යක්ෂ වරයෙකුට හිමි කොමිස් මුදල දැන ගත් වහා ආයතනයේ ගණකාධිකාරි කැඳවා එකී චෙක් පත ආයතනයේ සුභ සාධක ගිණුමට බැර කිරීමට නියම කළ බව කී ඔස්කාර් ලිවේරා, කොහොමද ජනසතු ව්‍යාපාරවල ඇතුල් පැත්ත  බව කියා සිනාසිණ. 

මාසික වැටුප් ලබන්නන් විරැකියාවෙන් පෙළෙන්නන් සරසවි සිසූන් මිස, ගොවීන් ස්වයං රැකියා කරන්නන් ව්‍යාපාරිකයන් උද්ඝෝෂණ වර්ජන සඳහා කැඳවා ගැනීමට වර්තමාන දේශපාලන ක්‍රියාකාරින්ට නො හැකිව ඇත්තේ කෘෂි කාර්මික නිෂ්පාදන හා සේවා මිල ඉහළ යාමෙන් ග්‍රාමීය ආර්ථීකය  වඩාත් කාර්යක්ෂම වීමට සමාන්තරව, අර්ධ කාලීන රැකියා අවස්ථා වැඩිවීම හේතුවෙනි. සමහර බැංකු සේවකයන් පවා අර්ධ කාලීනව කුරියර් සේවා වලට බැඳි වැඩ කිරීම රහසක් නොවේ. ශ්‍රම දායකත්වයෙන් අවංක කැපවීමෙන් සාධාරණව උපයා ගත් දෙයින් ජීවත් වීමට හුරුවූ රටේ බහුතරයක් දෙනා හැමදාමත් ස්ව ශක්තියෙන් ගොඩ නැගුණා මිස එක එකා පසුපස ගමන් කළේ නැත. 

මෑතක රටට කිර්තිය ගෙනා ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වැඩිහිටියන්ද තවත් උදාහරණයකි. වැට් බදු නීතියට එරෙහිව කළ දැවැන්ත උද්ඝෝෂණ වලදී අස්වැන්න අඩුවීමෙන් කැරට් කිලෝව රුපියල් දෙදහසක් වීමත් පාලකයාට එරෙහි සටන් පාඨයක් කර ගත් වමේ බලවේග ගිය සතියේ දෙහි කිලෝවක් රුපියල් 2000ක් වීම ගැන කතා කළේම නැත. මාධ්‍යට මුණ ගැසුණ දෙහි ගොවීන්ට අනුව, ඉඩොරය හේතුවෙන් අස්වැන්න අඩුවීමෙන් දෙහි මිල ඉහළ යාමක්, වර්ෂාව සමග නැවත මිල පහත වැටීමත් හැමදාම සිදුවේ. තවත් තරුණ දෙහි ගොවියෙක්, සහනාධාර නොව අතිරික්ත අස්වැන්න කල් ලබා ගැනීමේ විද්‍යාත්මක ක්‍රම හඳුන්වා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙම ප්‍රකාශ වලින් තහවුරු වන්නේ අව්ව වැස්ස පවා තම වාසියට යොදා ගන්නා මුග්ධ දේශපාලනය ගැන ජනතාව වර්තමානයේ උනන්දු නොවන බවය. 

ව්‍යාපාරිකයෙකු හමුවූ රෝහල් සුළු සේවිකාවක් අමතර ආදායමක් ලැබිය හැකි අර්ධ කාලීන රැකියා ගැන විමසා තිබිණ. ලැඛෙන වැටුප මදිදැයි ව්‍යාපාරිකයා විමසූ විට, වැටුප් දීමනා වෙනුවෙන් වර්ජන කර රෝගීන්ගේ සාපයට ලක් වෙනවාට වඩා අමතර රැකියාවක් කිරීම පවුලටත් සහනයක් බව කියා තිබේ. ගතවූ දුෂ්කර කාලය සිහිපත් කළ උප තැපැල් ස්ථානාධිපතිනියක කීවේ, හම්බ කර ගත් දේ ඔහේ වැය කරමින් ගෙවූ නාස්තිකාර ජිවිතය කළමනාකරණය කර ගැනීමෙන් යමක් ඉතිරි කළ හැකි බව තේරුම් ගැනීම ආශිර්වාදයක් වූ බවය. මේ විස්තර කරන්නේ අප්‍රේල් අරගලයට මැදිවූ රටේ සාමාන්‍ය ජනතාව තුළ ඇතිවූ ආකල්පය වෙනසය.

දේශපාලනයෙන් බැහැරව ආර්ථීක අර්බුදය තේරුම් ගැනීම නිසා නව ආකල්ප වලින් ජන සමාජය ශක්තිමත්වීම නිසා දේශපාලන ක්‍රියාකාරකම් වලින් සාමාන්‍ය මිනිසුන් ඈත්වීමේ සම්භාවිතාව වැඩි බවය. මේ ආර්ථීක හා සාමාජික පරිසරය තුළ බොහෝ දේ සිදුවෙමින් පවතී. රට කැමති වුණත් නැතත් එකී වසර දෙක පුරා ක්‍රියාත්මක වන්නේ රනිල් වික්‍රමසිංහ විශ්වාසයෙන් කළ දේ පමණකි.

රටේ බලය ඉල්ලා කා කොටා ගන්නා අනුර සජිත් දෙදෙනාට උනුන් මුන ගැසී තම ආර්ථීක ප්‍රතිපත්ති ගැන කතා කිරීමත් රටේ හාස්‍යට ලක්වී හමාරය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක දිගට එක්ව වැඩ කිරීමට විපක්ෂයට ආරාධනා කළ ද, අදටත් රටට ඔබින එකම වැඩ පිළිවෙල හුදෙකලා රනිල්ගේ මත වාදය පමණක් බව පැහැදිලිය. මේ පසුබිමෙහි ළඟ එන ජනාධිපති මැතිවරණයේදී ආයෙත් 2019දී මෙන් ආයෙත් රනිල් පරද්දමු කියමින් මේ ලිපිය අවසන් කරමි.

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක

Continue Reading
Advertisement
Hot News6 hours ago

හෙල්මට්වලින් පහරදී ඝාතනය කළ පුද්ගලයාගේ දේහයේ සිරුරු කොටස් අතුරුදන්

Hot News7 hours ago

ප්‍රංශ සමුළුවට මාගේ පුත්‍රයා ගියේ පෞද්ගලික වියදමින්

Hot News7 hours ago

තේ ගස්වලට පොහොර දමමින් සිටි කාන්තාවන් පිරිසක් මතට ගසක් කඩා වැටේ – එක් කතක් මියයයි

Sports8 hours ago

පළමු පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

World8 hours ago

උඩු ගුවනේ දී පුපුරා ගිය උතුරු කොරියානු රොකට්ටුව

Hot News9 hours ago

තරුණියකගේ මළ සිරුරක් සීදූව කාණුවකින් හමුවෙයි

Sports9 hours ago

චීනයේ දී ලක්මවට ආඩම්බරයක් ගෙන දුන් අරුණ

Politics9 hours ago

වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදෙනවා – මනූෂ

Hot News9 hours ago

ග්‍රාම නිලධාරී සේවයේ ගැටළු විසඳිමට රජයේ අවධානය

Hot News9 hours ago

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අඛණ්ඩව සහන සලසන්න – ජනපති

Hot News10 hours ago

පුතත් අරන් ප්‍රංශයේ සමුළුවට ගිය ඇමති මහින්ද අමරවීර

Politics10 hours ago

මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නෑ – නාමල්

Politics10 hours ago

මව්බිම ජනතා පක්‍ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම ඉල්ලා අස්වෙයි

Politics11 hours ago

පොහොට්ටුව රජරටින් ඇරඹූ සටනට මට එන්න කිව්වේ නැහැ

Politics11 hours ago

විජයදාසට තවත් වාරණ නියෝගයක්

Politics12 hours ago

කඩා වැටුණු අපේ රට දියුණු කළ රනිල්ට කොපමණ ස්තුති කළත් ප්‍රමාණවත් නැහැ

Hot News13 hours ago

සමෘද්ධි බැංකු රජයේ විගණනයට

Hot News13 hours ago

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූවන්ට සුබ ආරංචියක්

Hot News14 hours ago

පාස්කු බෝම්බයට හසුව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් වසර 5කට පසු මොලොවින් සමුගනී

Politics14 hours ago

මැතිවරණය අවුරුදු 2කින් කල් දාන්න එජාපයෙන් යෝජනාවක්

Hot News14 hours ago

ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත අතරට

Hot News14 hours ago

ගාසාහි ළමා අරමුදල සමඟ එක් වූ සියලු පරිත්‍යාගශීලින්ට ස්තූතියි

Hot News15 hours ago

Watch : පොහොට්ටුවට සාප වේවා – සිවිල් ක්‍රියාකාරිකයින් පොහොට්ටුවට පොල් ගහයි

Hot News15 hours ago

CIDය තාඹුගලගෙන් කෝටි 30ක කප්පමක් ඉල්ලලා

Hot News16 hours ago

අනියම් බිරින්දෑවරු දෙදෙනාගේ බහට අවනත වූ නීත්‍යානුකූල බිරිඳව මරා ළිඳට දාලා

Hot News16 hours ago

රජයේ වැටුප් විෂමතා ගැන සෙවීමට කමිටුවක්

Hot News17 hours ago

මන්ත්‍රීවරුන්ගේ වාහන ඉල්ලීම මේ සතියේ ජනපතිට

Hot News17 hours ago

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Hot News18 hours ago

වැල්ලම්පිටියේ කුඩු රැජින පොලිස් දැලේ

Hot News18 hours ago

“කටුකුරුන්දේ ටෂීව ” අවසන් ගමන් යැවූ සැකකරු බන්ධනාගාරයේදී මියයයි

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News5 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports7 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News5 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local7 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local7 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News1 month ago

කිරිපිටි මිල පහළට

Hot News2 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News4 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News5 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News6 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News3 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News5 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports7 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News4 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World7 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World6 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News4 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News5 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News5 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News2 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News15 hours ago

Watch : පොහොට්ටුවට සාප වේවා – සිවිල් ක්‍රියාකාරිකයින් පොහොට්ටුවට පොල් ගහයි

Hot News1 day ago

Watch : පොලිස් සැරයන්වරයෙකුට තැලූ තවත් පොලිස් නිලධාරියෙකු අල්ලයි

World1 day ago

රාහුල් ගාන්ධිත් එක්කම වේදිකාවක් කඩාවැටෙයි

Politics2 days ago

Watch : “සටන අරඹමු රජරටින්” ලොකු සෙනඟක් එක්ක පොහොට්ටුව තලාවෙන් වැඩ අල්ලයි

Hot News3 days ago

Watch : වන්දනාකරුවන් රැගත් වෑන් රථයක් ගසක ගැටී දරුණු අනතුරක්

Hot News3 days ago

Watch : බිස්කට් එකක් අරන් එන්න කඩේට ගිය ආච්චි අම්මා පාලමෙන් ඇද වැටී අවසන් ගමන් යයි

Hot News4 days ago

Watch : සරණක් නැති බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන අපූරු දන්සල

Hot News4 days ago

Watch : ශ්‍රී පාද වන්දනා වාරය අවසන් – සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ වැඩම කෙරේ

Hot News5 days ago

Watch : ඉරාන ජනාධිපතිතුමන් නිවන් සුව පතා වැල්ලවායේ නූඩ්ල්ස් දන්සැලක්

Hot News5 days ago

Watch : ජෙනරේටරයක් දාගෙන නින්දට ගිය පිය පුතු දෙදෙනා නින්දේදීම අවසන් ගමන් යයි

Hot News5 days ago

Watch : වෙසක් පොහොදා විමල් වීරවංශගෙන් සුපිරිම ගීතයක් මේක නම් අහන්නම ඕන සින්දුවක්

Hot News6 days ago

Watch : විශ්‍රාම යන ලංගමේ රියදුරුට ගමේ මිනිස්සු දුන්න අමතක නොවන සමුදීම

Hot News1 week ago

Watch : එක්ස්කියුස් මී නොකියා පන්තියට පැමිණියාට උරණ වූ පාසලේ ගුරුවරයා සිසුවියට සිදුකළ නරුම වැඩේ

Hot News1 week ago

Watch : සජිත් දුන් දිනයකට අනුර එකඟ වෙයි

Hot News1 week ago

Watch : කසිප්පුකාරයෝ බේරන්නේ නැති නිසා ඇමතිට මළපැනලා

Hot News1 week ago

Watch : සනත් නිශාන්ත සිහි වූ බිරිඳ චමරි සංවේදී වෙයි

Hot News1 week ago

Watch : අධික වේගය කරපු විනාශයක් – බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Hot News1 week ago

Watch : Foxhill ඛේදවාචකයෙන් මියගිය 16 හැවිරිදි පුංචි සත්සරණීත් ගමක් හඬවමින් යන්නම යයි

Hot News2 weeks ago

Watch : රංගන ශිල්පී කාවිංග පෙරේරා යුඑන්පියට

Hot News2 weeks ago

Watch : සජිත්ටත් ඇලඩින්ගේ පුදුම පහන වගේ මේක එකපාර වෙනස් කරන්න බෑ

Hot News2 weeks ago

Watch : ට්‍රැෆික් නිලධාරියා මතට ගසක් කඩා වැටී දරුණු අනතුරක්

Hot News2 weeks ago

Watch : මිරිස්කුඩු වලින් සෙල්ලම් දාපු ඇමති ප්‍රසන්න ගුවන්තොටුපළේ සේවකයෙක්ට ගහලා

Hot News2 weeks ago

Watch : ආණ්ඩුවෙන් නිකන් දුන්න හාල් කාලා මැරුණ කුකුලන්ගේ ප්‍රශ්ණය පාර්ලිමේන්තුවට යයි

Sports2 weeks ago

Watch : වනිඳු ඇතුළු සිංහ පැටව් T20 ලෝක කුසලානයට පිටත්ව ගිය හැටි මෙන්න

Hot News2 weeks ago

Watch : කැරට් කැබැල්ලක් සිර වී දරුවෙකු ජීවිතක්ෂයට

Hot News2 weeks ago

Watch : දින 20කට පසු කොටු වූ සුසිත්ගේ පෙම්වතිය මුල සිට අගට සිදු වූ සියල්ල වමාරයි

Hot News2 weeks ago

Watch : මහ වැස්සේ දකුණු අධිවේගයේ අනතුරක්

Hot News2 weeks ago

Watch : කලු පාට වෙස්මුහුණු දාගෙන ආපු කල්ලියක් ව්‍යාපාරික ස්ථානයකට කඩා පනී

Hot News2 weeks ago

Watch : වැලිපැන්නෙන් ආයුධ ගබඩාවක් මතුවෙයි

Hot News2 weeks ago

Watch : සුසිත්ව නිහඬ කළ ඇත්ත හේතුව මේකද? සුසිත් ගැන අලුත්ම අනාවරණය මෙන්න

Advertisement

Categories

Trending