Connect with us

Hot News

ලංකාවට ඇටි කෙහෙල් කැවීම ! – වික්ටර් අයිවන්ගේ විග්‍රහය

දැන් ලංකාව එලබ තිබෙන්නේ මැතිවරණ වර්ෂයකටය.රටේ ඇති වූ ගෙවුම් ශේෂ අර්බුදයත් සමග ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව ගැන ලොකු කථාබහක් රටේ ඇති වී තිබුණි.

රටට අලුත් නායකයින් ගේ ද අලුත් දේසපාලන පක්ෂවල අවශ්‍යතාව ගැනව කෙරෙන ලොකු සංවාද තිබුණි. එහෙත් මේ වන විට දේසපාලන තළයේ පරන ඉතුරු බිතුරු හැර නව දේසපාලන නායකයින් හෝ දේසපාලන වියාපාර කිසිවක් ඇති වී නැත.

වෙනසකට පෙනෙන්නට ඇත්තේ පරණ ප්‍රධාන දේසපාලන පක්ෂ වලට තිබෙන පිලිගැනීම සැලකිය යුතු තරමකට බිඳ වැටී තිබීමත් පරණ එහෙත් ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා තත්වයක තිබුණ ජේවීපිය කිසියම් විශාල ප්‍රමාණයක වර්ධනයක් ඇති කරගෙන තිබීමත් පමණය.

ජේවීපියෙ වර්ධනය ඊලඟ මැතිවරණය කෙරෙහි ඇති කරන්නට යන බලපෑමේ තරම කුමක්ද කියා මම නොදනිමි.

එහෙත් ජේවීපියේ වර්ධනය රටට අයහපතක් මිස යහපතක් ඇති කිරීමට හේතු වනු ඇතැයි මම විස්වාස නොකරමි.

ජේවීපියේ පාර්ලිමේන්තු ඉතිහාසය අවුරුදු 30 ක් පැරණිය.2004 පාර්මේන්තු මැතිවරණයේදී ශ්‍රීලනිප සමග ඇති කගත් සන්ධානය නිසා ජේවීපිය හිමි කරගත් ආසන සංඛ්‍යාව 39 කි.යහපත් දේසපාලන පක්ෂයක පාර්ලිමේන්තු

පැවැත්ම (බලයට පත් නොවී) පමණක් වුවත් රටේ දේසපාලන ක්‍රමයේ යහපත් වෙනස් කම් ඇතිකිරීමට හේතු
විය හැකිය. සම සමාජ වියාපාරය රටේ බලය ලබා ගත්තේ නැතත් එම වියාපාරයේ බලපෑම නිසා රටේ ඇතු වූ යහපත් වෙනස් කම්වල ප්‍රමානය අති විශාලය.

කම්කරුවන්ට පැය අටේ වැඩ දිනයක් ලැබුනේ ඔවුන් නිසාය.

පොලිසියේදී ස්වභාෂාවෙන් පැමිනිලි ලියාගන්නා ක්‍රමයක් ඇති වුයේද, ගම්මුළාදෑනි ක්‍රමය අහෝසි වූයේ ද ඔවුන්
නිසාය. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇතිවීම කෙරෙහි ද ඔවුන්ගෙන් ඇතුවූ බලපෑම අති විශාලය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් දියුණු කරගැනීම සදහාද ඔවුන් විසින් ලබා දෙන ලද බුද්ධිමය දායකත්වයේ ප්‍රමාණය අති විශාලය.

එහෙත් ජවිපෙ මේ අවුරුදු 30 ක් තරම් දීර්ග කාලය තුළ යහපත් වෙනස්කම් සඳහා ඇති කර තිබෙන බලපෑම ආන්තිකය. අඩුම වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමය දුෂිත කිරීමට බලපා තිබෙන ප්‍රභල හේතුවක් වී තිබෙන මන්ත්‍රීවරුන් රජය සමග වියාපාර කිරීමේ නීති විරෝධි සම්ප්‍රදාය වලක්වා ගැනීමටවත් ඵලවායි බලපෑමක් කර නැත.

තමන් බලයට පැමිණි පසු මන්ත්‍රී වරුන්ට ඩියුටි ෆ්‍රී වාහන ලබා දෙන ක්‍රමය නතර කරන බවට පොරොන්දු වනවාට වඩා තමන් පක්ෂයේ මන්ත්‍රී වරුන්ට ලැබුණ ඩියුටි ෆ්‍රී වාහන ලබා ගැනීමෙන් වැලකී සිටින ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේ නම් එය වඩා ඵලදායි ලෙස එම එම වැරදි ක්‍රමය කෙරෙහි බලපාන්නට ඉඩ තිබුණි.

තම පක්ෂයේ මහජන නියෝජිතයින්ට ලැබෙන වැටුප් පක්ෂයට ලබා ගැනීමේ ක්‍රමයද සාධාරණ නොවන මහජන නියෝජිතයින් සිය පැවැත්ම රැක ගැනීම සදහා ගජ මිතුරන් මත යැපෙන තැනකට තල්ලු කරන දූෂිත ක්‍රමයකි.

දූෂණය පිළිබඳ විෂයේදී ද ස්තීර සාරභාවයක් පෙන්නුම් කිරීමට අසමත් වූ අවස්ථා දැකිය හැකිය.

2005 ජනාධිපතිවරණයට ලබා දෙන ලද අතිවිශේෂ සහයෝගය සලකා ජනාධිපති මහින්ද ජේවීපියට ලබා දෙන ලද විකාශන බලපත්‍රය හෝ දෙක ලබා ගැනීම හා ඒවා විකුණා මුදල් ලබාගැනීම ( බලපත්‍ර විකිනීමෙන් උපයාගත් ආදායම බැරකලේ පක්ෂයට වුවත්) දුෂිත ගනු දෙනුවක් ලෙස සැලකිය හැකිය.එය භාණ්ඩාගාරට ලැබිය යුතු ලොකු මුදලක් අයථා ලෙස පක්ෂයට ලබා ගැනීමක් ලෙස සැලකිය හැකිය. පක්ෂ මූලස්ථානය ඉදිකිරීමට ගිය දැවැන්ත ධනස්කන්ධය සොයාගත් අකාරය ද විනිවිදව දැකිය

හැකි පිරිසිඳු තත්වයක නොපවතී. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දේශීය වශයෙන් සේම ජාත්‍යන්තර වශයෙන්ද සැලකෙනුයේ ලංකාවේ අධිකරණය කාබාසිනියා කල අන්ත දූෂිත පුද්ගලයෙකු වශයෙනි.

එහෙත් ජවිපෙට ඔහු පෙනුනේ රට ගලවා ගැනීමේ වගකීම භාර දිය යුතු වීරයෙකු ලෙසය.2010 ජනාධිපති වරනයට ජවිපෙ මුලදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරි පත් කරන්නට තීරණය කර තිබුනේ සරත් නන්ද සිල්වාය නාගාද කොඩිතුවක්කු කියන අකාරයට ජවිපෙ නායකයින් නමට දේශපාලන පක්ෂ තුනක් ලියා පදිංචි කර ඇත් නම් එයද සැලකිය හැක්කේ දුෂනයක් ලෙසය.

ජවිපෙ ජනතාවගේ ධනය සොරකම් කල මංකොල්ල කෑ පක්ෂයක් නොවන බව කීවත් දෙවැනි කැරැල්ලට පෙර සැගවී වැඩ කරන කාලයේදීත් ඉන් පසු දෙවැනි කැරැල්ල පැවති කාලයේදීත් මුදල් මංකොල්ල කෑම සඳහාම පවත්වා ගෙන ගිය විශේෂ ඒකකයක් ( රාගම සෝමෙගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ) එම පක්ෂයට තිබුණේය. ධර්මන් වික්‍රම රත්න ඔහුගේ පොතේ වාර්තා කර තිබෙන අකාරයට 1985-1990 දක්වා කාලය තුල රාජ්‍ය බැංකු ශාඛා 62 කක් බිඳ ඒවාහි තිබුණු මුදල් හා රන් භාණ්ඩ කොල්ල කෑවේය.සිදුවී තිබෙන වැටුප් මංකොල්ල කෑම් ගනන 131 3. (89 769)

ජේවීපී කාරයින් පමණක් නොව ඔවුන්ට පක්ෂපාතිව කල්පනා කරන ආධාර කරුවන් පවා කල්පනා කරන බව පෙනෙන්නේ කැරැල්ල කාලයේදී ජේවීපිය අතින් බරපතල වැරදි වෙන්නට ඇතත් ඉන්පසුව ගත වී තිබෙන දීර්ග කාලය තුළ ඔවුන් නැවත ඒ වැරදි සිදු කර නැති බැවින් දැන් එම වැරදි අල්ලාගෙන ඔවුන් විවේචනයට ලක් කිරීම සුදුසු නැති බවය. සාමාන්‍ය සමාජය පමණක් නොව ශාස්ත්‍රාලිය උගතුන් කල්පනා කරන බව පෙනෙන්නේද ඊට සමාන අකාරයකටය. එය ලංකාවේ ගොඩනැගී තිබෙන දේසපාලන ශිලාචාරත්වයට ආවේනික

දුප්පත් කම හා එම දුප්පත් කමේ තරම පෙන්නුම් කරන හොඳ දර්ශකයක් ලෙස සැලකිය හැකිය. පුද්ගලික හෝ පොදු ජන ජීවිතේ පැවැත්මට අහිත කර වන ක්‍රියා අපරාධ ලෙස නම් කොට සමාජ අරක්ෂාව සඳහා ඒ වැරදි කරන පුද්ගලයන්ට දඬුවම් කරන ක්‍රමයක් ඈත අතීතයේ සිටම ක්‍රියාත්මක වූ බව අපි දනිමු.

අපරාධ කරන අයට දඩුවම් කිරීම ආණ්ඩුව වෙත පැවරෙන වැදගත් වගකීමක් ලෙසද සලකන ලදී. මනුෂ්‍ය ඝාතනය මිනිසුන්ට එරෙහිව සිදු කෙරෙන අපරාධ අතරින් බරපතලම අපරාධය ලෙස සලකන ලදී. පුද්ගල දේපල අයිතියට එරෙහිව කරන මංකොල්ල කෑම, සොරකම හා සාවද්‍ය පරිහරණය වැනි වැරදිද අපරාධ ගනෙහි ලා සැලකිය හැකිය.

එහෙත් ජිවිතයක් නැති කරන්නාගේ ජීවිතය ද නැති කරන ක්‍රමයක් දීර්ග කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය. පසුව ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිරඳඬුවමකට යටත් කොට එ වැනි අපරාධ කරන පුද්ගලයන් සමාජයෙන් ඈත් කොට තබන ක්‍රමයක් ක්‍රියාත්මක විය. ජවිපෙ නායකයින් පමණක් නොව ඔවුන්ගේ සුවචක අනුගාමින් බවට පත්ව සිටින ලංකාවේ සමහර ශාස්ත්‍රාලිය උගතුන් පවා පොදු දේපල සොරකම් කල පුද්ගලයින්ට වඩා කැරැල්ලකදී මිනිසුන් මරා දැමු පුද්ගලයින් යහපත් හා ගරු කටයුතු පුද්ගලයින් ලෙස සලකන බව පෙනේ.

එහෙත් 1979 අපරාධ නීති සංග්‍රහයේ 456 වැනි වගන්තිය අනුව කල් ඉකුත් වීමෙන් නිෂ්ක්‍රීය නොවන අපරාධ දෙක ලෙස සැලකෙනුයේ මනුෂ්‍ය ඝාතනය හා රජය පෙරලීමට කුමන්ත්‍රණය කිරීමය. අනෙකුත් සියළු අපරාධ විසි අවුරුද්දක් ගත වීමෙන් පසු නඩු පැවරිය නොහැකි නිෂ්ක්‍රීය

අපරාධ බවට පත් වේ.ජේවීපිය කර තබා ගෙන තිබෙන අපරාධ පොදිය ඊටත් වඩා භයානකය. දෙවන ලෝක යුද්ධයෙන් පසු හිට්ලර්ගේ නාසි වියාපාරය කරන ලද බිහිසුණු අපරාධ අත කථනය කෙරුනේ මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපාරාධ (Crimes Against Humanity) වශයෙනි.ජේවී පිය දෙවැනි කැරැල්ලේදී තොග ගනනින් කර තිබන අපරාධ වැටෙන්නේද ඒ ගනයටය.

එම පක්ෂය මුලු මහත් සමාජයම මරණ බියෙන් ජීවත් විය යුතු තත්වයකට බවට පත් කළේය. පුංචු තුන්ඩු කෑල්ලකින් ඕනෑම ප්‍රදේශයක සියළු කටයුතු ක්‍රියා විරහිත කිරීමේ හැකියාව ඔවුන් හිමිකරගෙන තිබුණි. මිනිස්සු ඔවුන්ට අවනත වූයේ ඔවුන් කෙරෙහි ඇති කරගෙන තිබු ගෞරවය හෝ විස්වාසය නිසා නොව ඔවුන් කෙරෙහි ඇති කරගෙන තිබු අති විශාල බිය නිසාය.

බොහෝ වමාංශිකයින් ජීවිතාරක්ෂාව සඳහා ආයුධ අතට ගන්නා තැනකට තල්ලු වුයේද ඒ සියළු දෙනාගේ ජීවිත වලට එම පක්ෂයෙන් එල්ලවී තිබුණු ජිවිත තර්ජන නිසාය. සමහර අය එම ප්‍රස්නය මා සමගද සාකච්චා කර තිබුණි.ඔවුන් විසින් මාද මරා දමනු ඇතැයි මා හමු වීමට මගේ කාර්‍යාලයට පැමිණි සමහරෙක් මා සමඟ කීවේය. මා 71 කැරැල්ලෙන් පසු කවර හේතුවක් නිසා හෝ ආයුධ අතට නොගැනීමට ස්තීර තීරණයක් ගෙන ඇති බැවින් ජිවත් වන්නට සිදු වී තිබෙන පරිසරය කොතරම් රළු පරුෂ හා ප්‍රචන්ඩ වුව ද නිරායුධව ජීවත්වනවා මිස නැවත ආයුධ අතට ගන්නේ නැති බව මම ඔවුන්ට කීවෙමි.

මා එම කැරැල්ල කාලයේදී ආයුධ අතට ගත්තේවත් සැඟවුන ජීවිතයක් ගත කලේ වත් නැත. නොසැඟවී රාවය සඟරාවේ කටයුතු කරගෙන ගියෙමි. මම ජේවීපිය සමග අනවශ්‍ය ලෙස රන්ඩු කරන තැකට ගියේ නැතත් අවස්තා ගනනාවකදී ඔවුන්ගේ කටයුතු මා දැඩි ලෙස විවේචනය කලද ඔවුන් මා මැරුවේ නැති බවද කිවයුතුය. මට වරදක් සිදුවූයේ නැතත් ඔවුන් අතින් සේම ඔවුන්ට එරෙහිව සටන් කල ආරක්ෂක හමුදා අතින්ද මිනිසුන්ට සිදු වූ බිහිසුණු හා අවලස්සන දේවල් මම

දැක්කෙමි නන්දන මාරසිංහ මරා දමන්නට දින තුනකට පෙර ඔහු රංජිත් දිසානායක (කළු රංජි) සමග මා හමුවන්නට ගල්කිස්සේ පරණ ගල්වල පාරේ පිහිටි රාවය කාර්‍යාලයට ආවේය.මාරසිංහ ජේවීපී ඉලක්කයක් වී තිබෙන බව මට දැනගන්නට ලැබී තිබුණ අතර මා ඒ ගැන ඔහුට කී විට ඔහු ඊට දක්වන ලද ප්‍රතිචාරය මෙසේය.”.

ඔව් මට විතරක් නෙමෙයි. ඔබටත් ජිවිත තර්ජනයක් තිබෙනවා.ජිවිත තර්ජනයක් තිබුණා කියා සහෝදරයා තමන්ගේ සියළු වැඩ අතහැරලා සැඟවුන ජිවිතයකට ගියේ නැහැ මමත් එහෙමයි. ” ඔහු කීවේය. මාරසිංහ මා මෙන් නොව ජවිපෙ උන්නතිය පිනිස සුවිශාල කාර්‍යභාරයක් ඉටු කළ කෙනෙකු විය 71 කැරැල්ලේදී විජේවීර බේරා ගැනීම පිනිස යාපනේට ගිය 60 දෙනාගෙ කණ්ඩායමේ කෙනෙකු විය. එම උත්සහාය අසාර්තක වීමෙන් පසු අත් අඩංගුවට පත් නොවී ආපසු පලා ඒමට සමත් විය.

1972 ජූලි 23 වනදා ඔහු අනුරාධපුර බන්ධනාගාරයට පහර දී එහි රඳවා සිටි 71 කැරලිකරුවන් 31 දෙනෙකු මුදා ගැනීමට සමත් විය. එසේ මුදාගත් අය අතර දෙවැනි කැරැල්ලේ හතර වැනි නායකයා වූ පියදාස රණසිංහද විය.ඉන් පසු නැවත 1972 සැප්තැම්බර් 29 දා රාත්‍රී එම බන්ධනාගාරයටම පහරදි එහි රඳවා ගෙන සිටි කැරැල්ලේ සැකකරුවන් 134 ක් මුදා ගත්තේය. 1973 දී අත් අඩංගුවට ගැනීමෙන් පසුද 1975 දී නැවත සිරගෙයින් පලා යාමට සමත් වුවද නැවත අත් අඩංගුවට ගැනීමෙන් පසු සිරගෙදරින් නිදහස් වන තෙක් සංසුන් ජීවිතයක් ගත කළේය. ඔහු දක්ෂ තබලා වාදකයෙකු විය. සිරගෙදරින් නිදහස් වීමෙන් පසු ජවිපෙ පවත්වා ගෙන ගිය විමුක්ති ගී සන්දර්ශනට ප්‍රභල දායකත්වයක් ලබා දුන්නේය. 1981 දී මතවාදී වශයෙන් ජේවීපියෙන් ඉවත් වී “ජනතා කලා කේන්ද්‍රය “නමින් සංවිදානයක් ඇති කර ගනිමින් සාහිත්‍යට හා කලාවට බර තබන ජිවිතයකට මාරු විය.1987 නොවැම්බර් 27 වනදා අනුරාධපුර පොළ භූමියේදී වෙඩි තබා මරා දමන ලදී. එය සැලකෙන්නේ විජේවීරගේ ඇනවුමක් මත සිදු කෙරුණු ඝාතනයක් ලෙසය.

ජේවීපිය එම කැරැල්ලේදී තමන්ට පක්ෂ පාත නැතිකම හේතුවක් කරගනිමින් මිනිසුන් විශාල සංඛීයාවක් ඝාතනය කළේය. කැරැල්ල හැම තැනකටම ගලා යමින් තිබෙන දෙයක් බව පෙන්නුම් කිරීම සදහා වෙනත් කිසිදු සාධාරණ හේතුවක් නැතිව පවා රටට ප්‍රයෝජවත් ලොකු වටිනාකමක් තිබුණු මිනිසුන් ඝාතනය කලේය.කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දර හා මොරටුව සරසවියේ උප කුලපති මහාචාර්‍ය චන්ද්‍රරත්න පටු විතාන ඝාතනයන් ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයන් ය.

ඉතාමත් පුංචි සරල වැරදිවලට පවා මිනිසුන් තොග ගනනින් ඝාතනය කළේය. ධර්මන් වික්‍රමරත්න ඔහුගේ ජවිපෙ දෙවැනි 11 කැරැල්ල” නැමැති පොතේ ගෙන හැර දක්වා තිබෙන අකාරයට රූපවාහිනිය නැරබීම හා ගුවන් විදුලියට සවන්දීම තහනම් කර තිබිය දී එම වැරදි සිදු කිරීම නිසා මරාදමන ලද පුද්ගලයින් සංඛියාව 219 කි.ආණ්ඩුවේ පුවත් පත් විකිනීම තහනම් කර තිබියදී එම තහනම නොතකා පුවත්පත් විකිනීමේ වරදට පුවත් පත් වෙළදුන් 27 දෙනෙකු ඝාතනය කරන ලද බව

සදහන් වන අතර එම තහනම් නිගෝගය නොසලකා ක්‍රියා කල ඒ ජන්සි ගනනාවකට බෝම්බ ගැසූ බවද සදහන්වේ (එම පොත පිටුව 854) ජන්දය පාවිච්චි කිරීමේ වරදට මරාදන ලද අයගේ ගනනව සිය ගනනකි. ජන්ද රාජකාරිවල යෙදීමේ වරදට ද රජයේ සේවකයින් ද සිය ගනනක් මරා දැම්මේය.

ජවිපෙ මිනිසුන් ඝාතනය කළේද ඔවුන් කෙරෙහි අවඤ්ඥාවක් ඇති කිරීමට හේතු වන අකාරයටය. ඔවුන් විසින් මරාදමන අයගේ අවසන් කටයුතු පැවැත්විය යුතු අකාරය සදහා පවා

පනවන ලද කොන්දේසි තිබුණි. දේහය ඔසවාගෙන යාමේදී එය පොළොවේ මට්ටමෙන් අඩියකට වඩා ඉහලට එසවීම තහනම් විය. අවසාන අවස්තාවට සහභාගි කරගත හැක්කේ 10 කට අඩු සංඛියාවකි. සුදු කොඩි එසවීම සේම දේහය අවමංගල්‍යය රථයකින් ගෙන යාම ද තහනම් විය.

දේහය දැවීම තහනම් වූ අතර මිනියේ වල වැසූ පසු එය පොළොව මට්ටමට තිබිය යුතු විය. මරා දැමීමට හේතුව සඳහන් දැන්වීමක් බොහෝ විය මලමිනිය අසල ප්‍රදර්ශනය කළේය. සමහර මිනිසුන් ඝාතනය කළේ උපරිම මට්ටමේ අවඤ්ඥාවක් මරනකරුවා කෙරෙහි ඇති කිරීමට හේතු වන අකාරටය.

ඔවුන් ඒ සඳහා යොදාගත් මාදිලි සඳහා දැක්විය හැකි නිදර්ශන කිහිපයක් මෙසේය. විජේ කුමාරතුංගට වෙඩි තබන ලද තුවක්කු කරු ඔහුට වෙඩි තැබීමෙන් පසු ආපසු යන්නට හැරී නැවත මතක් වී ඔහුගේ මුහුණ කුඩු පට්ටම් කිරීම සඳහාම ඔහුගේ මුහුණට ද වෙඩි තැබීය. එම විශේෂ තත්වය විග්‍රහ කරමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා කීවේ එය අවලස්සන මුහුණක් ඇති කෙනෙකුගේ අනකිරීමක් අනුව සිදු වුවක් වූ බවය.

දෙවැනි නිර්දර්ශනය මාතරිනි. ජේවීපිය 1988 අප්‍රේල් 26 වනදා මාතර පස්ගොඩ බෙන්ගමුවේ එජාප යට සම්බන්ද ඉඩම් හිමි වැවිලි කරුවකු වූ බුද්ධදාස රූපසිංහ ජයසේකර හා ඔහුගේ සහෝදරයා වූ විලයාය විදුහලේ විදුහල්පති ජී. ආර් ජයසේකර යන දෙදෙනා මරා දමන ලද්දේ දරුණු වධ හිංසාවන්ට ලක්කොට ඔවුන් දෙදෙනාගේ ශරීරයේ ස්තාන රාශියකට පිහියෙන් ඇන ශරීර නිරුවත් කොට ගසක බැඳ නිවසේ පාපිසි ඔවුන්ගේ හිස් වලට දමා ශරීර පිලිස්සීමෙනි. තුන්වනි

නිර්දර්ශනය මොණරාගලිනි.39 හැවිරිදි ගොරකානේ නන්දසිරි සිල්වා 71 කැරැල්ලේ ක්‍රියාධරයෙකි. ජුලි වර්ජනයෙන් රැකියාව අහිමිකරගත් නිදහස් ගෘහ නිර්මාණ සැලසුම්කරුවෙකි.ඔහු ජනතා සංගමයේ ප්‍රධාන නායකයකු වූ වසන්ත දිසානායකගේ සහෝදරයෙකු වූ 27 හැවිරිදි මොරටුව සරසවියේ දෙවැනි වසරේ සිසුවෙකු වූ දිසනායක එම්. ජයවර්ධන හා තවත් කිහිප දෙනෙකු සමග මොණරාගල ගොවි පළක් පවත්වාගෙන ගියේය.

1988 නොවැම්බර් 08 වනදා රෑ මේ ගොවිපළට කඩා වැදුණු ජේවීපී කැරලිකරුවන් කණ්ඩායමක් එම ගොවි පළේ නිවෙස් තුනක ජීවත් වුණු නන්දසිරි හා දිසානායක ඇතුළු 05 දෙනෙකු වෙඩි තබා මරා දමා ඒ සියළු දෙනාගේ ශරීර කැබලි වලට කපා ඔවුන් ජීවත් වූ නිවෙස් තුනට ද ගිනි තබා නන්දසිරිගේ වෙන් වෙන්න කපන ලද අත් දෙකද දිසානායකගේ වෙන් වෙන්න කපන ලද බෙල්ලද ඒ අසල ගසක අත්තක ප්‍රදර්ශනය පිනිස එල්ලා තබන ලදී. හතර වැනි නිදර්ශනය ගාල්ලෙනි.

ගාල්ලේ උඩුගම ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයෙක් වූ රණසිංහ ජවිපෙ පනවන ලද ඇඳිරි නීතියකදී පනවා තිබූ කොන්දේසි උල්ලංගනය කිරීමේ වරදට ඔහුගේ බෙල්ල කපා මරා දමන ලද අතර ඉන් පසු එම මිනී මරුවන් ඔහුගේ කපන ලද එම බෙල්ල පිඟානක තබා ඔහුගේ නිවසට යවන ලදී. පස්වැනි නිර්දර්ශනය කතරගමෙනි. හම්බන්තොට ලංගම ඩිපෝවේ වැඩ කළ වීරසේකර ජේවීපී කැරලි කරුවන් විසින් මරාදමන ලද්දේ පල්ලෙමළල ඔහුගේ මනාලියගේ නිවසේ පැවති විවාහ මංගල උත්සවයේදී මනාලයා වශයෙන් ඔහු මඟුල් පෝරුවට

නඟින්නට සුළු මොහොතකට පෙරය.මේ නිර්දර්ශන ආශ්‍රයෙන් ජේවීපියෙ මෙලේච්ච සොභාවය තේරුම් ගත හැකිය. එහිදී ප්‍රති පක්ෂයේ (ජේවීපියට එරෙහිව සටන් කල ආණ්ඩුව හා අරක්ෂක හමුදා) සොභාවය කුමක්දැයි කෙනෙකුට ප්‍රස්න කළ හැකිය. ඊට දිය හැකි පිළිතුර වනුයේ ඔවුන් හේ හැසිරීම ද ජේවීපිය තරම්ම සමහර විට ඊටත් වඩා අසීලාචාර වූ බවය. එහෙත් ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ජේවීපිය මිස ආණ්ඩුව හෝ ආරක්ෂක හමුදා නොවන බවද කිව යුතුය.

එම විශේෂ තත්වය මෙසේ පැහැදිලි කළ හැකිය. ඉංදියානු නිදහස් අරගලයේ මුල් අධියරයේදී බ්‍රිතාන්‍ය හමුදා සටන් කළේ දියුණු සීලාචාර රාමුවක පිහිටා නොව රළු පරුෂ අසීලාචාර රාමුවක පිහිටය. එහෙත් මහත්මා ගාන්ධි නිදහස් අරගලයේ නායකත්වය ගැනීමෙන් පසු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය විරෝධි අරගලය ඊට පෙර ලෝකයේ අන් කවර රටකවත් සිදුවී නැති අකාරයකට අහිංසාවාදය පදනම් වූ දියුණු සීලාචාර රාමුවකට ගෙනාවේය.

එම විශේෂ තත්වය පෙරළා නිදහස් අරගලය කෙරෙහි බ්‍රිතාන්‍ය ආණ්ඩුව හා හමුදා දක්වන ප්‍රතිචාරද දියුණු සීලාචාර මට්ටමකට ගෙන ඒමට හේතු විය. විජේවීරගේ ජේවීපිය පාලන බලය අල්ලා ගැනීමට අවශ්‍ය වී නම් ඒ සදහා යොදාගත යුතුව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ලැබී තිබුණ ඉඩ ප්‍රස්තාය.

1977 නොවැම්බර් වලදී නිදහස ලැබීමෙන් පසු විජේවීර සිය පක්ෂය වූ ජවිපෙ සමඟ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට මාරුවුවද විජේවීරගේ ත්‍රස්තවාදි ආත්මය මුළු මනින් වෙනස් වී තිබුනේ නැත. ඔහුට අසමාන්‍ය තරම් වේගයකින් ශ්‍රීලනිප හිමි කරගෙන තිබුණ දෙවැනි තැන හිමිකර ගැනීමට අවශ්‍ය වී තිබුණි.ඔහු එම ස්තානය අල්ලාගැනීමට අවුරුදු හයක්ම උත්සහා කලද සම්ප්‍රදායි වම පසු කර යෑමට සමත් වුවද ශ්‍රීලනිපට ලංවීමටවත් හැකි වුයේ නැත.

ඔහු 1982 ජනාධිපති වරණයට තරඟ කළේය. එහිදී ශ්‍රීලනිපයෙන් තරඟ කල හෙක්ටර් කොබ්බෑකඩුව අභිභවා ගිය ප්‍රතිපලයක් නොවේ නම් ලඟ ලඟ තරඟයක් පෙන්නුම් කරන ප්‍රතිඵලයක් ඔහු බලා පොරොත්තු වූද විජේවීරට එම ජන්දයේදී ලබා ගත හැකි වුයේ හෙක්ටර් කොබ්බෑකඩුව ජන්ද 2,548,438

ක් ලබාගන්නා විට ජන්ද 273,428 ක් පමණය. වෙනස නව ගුණයකි. එම ප්‍රතිඵලයෙන් විජේවීර කොතරම් ඇද වැටීමකට ලක්වූවාද කියතොත් තමන්ට ජන්දය දුන් ජන්ද දායකයින්ට ස්තූති කරන්නටවත් ඔහු නිල ප්‍රතිඵල ප්‍රකාශ කරන තැනට ආවේ නැත.

ඒ වන විට ඔහුට සිටි විස්වාසවන්තම සගයා වූ ලයනල් බෝපගේ එම ජනාධිපති වරණයේදී විජේවීර හා පක්ෂය ඇති කරගෙන තිබු බලාපොරොත්තු ගැන ලියා තිබෙන්නෙ මෙසේය.” ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්දයෙන් ඔහු ඇති කරගෙන තිබුණු සහ පක්ෂයේ සමාන්‍ය සාමාජිකත්වය තුළ ඇති කොට තිබුණු බලාපොරොත්තු කොතරම් ඉහළ මට්ටමක වූයේද යන්න ජානාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දින තුනක් ගත වන තෙක් රෝහණ සහෝදරයා ඇඳෙන් නැගිට්ටුවා ගැනීමට නොහැකි වීමෙන් ම පෙනී ගියේය.

( රුවන් එම් ජයතුංග” 71 කැරැල්ල” පිටුව 95) පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර වාදය යටතේ පළමු ස්තානයට එනවා තබා දෙවැනි ස්තානයවත් හිමිකර ගැනීම පහසු නැති බව විජේවීර එම අත් දැකීම් ආශ්‍රයෙන් තේරුම් ගෙන තිබුණි. ඒ නිසා 83 කළු ජුලියේදී ජවිපෙට එරෙහිව පනවන ලද පක්ෂ තහනම හේතුවක් කර ගනිමින් නැවත ත්‍රස්තවාදයට මාරුවීමට විජේවීර එය අවස්තාවක් කර ගත්තේය.

83 කළු ජූලියට ජේවීපියේ කිසිදු සම්බන්දයක් තිබුනේ නැත. ජේ වී පියට පනවන ලද පක්ෂ තහනම අසාධාරනය. එහෙත් එම පක්ෂ තහනම කැරලි ගැසීමට ඔවුන්ට ලැබුණු අවසර පතක් වන්නේ නැත. තහනම් කර තිබූ අනෙක් පක්ෂ දෙක තහනම ඉවත් කර ගැනීම සඳහා ක්‍රියා කල මුත් විජේවීර එසේ නොකොට එම අවස්තාව නැවත ත්‍රස්තවාදයට මාරු වීමට අවස්තාවක් කර ගත්තේය.

තමන්ට පනවන ලද පක්ෂ තහනම ගැන මහා ලොකුවට කතා කරන විජේවීර හා එම පක්ෂය කැරැල්ල පැවති කාලයේදී රටේ තිබුණ අන් පක්ෂ තහනම් කලේය.කැරැලකට මාරු වීමේදීද විජේවීර තෝරා ගත්තේ ද ඒ සදහා තිබෙන විකල්ප ක්‍රම අතරින් අසීලාචාරම විකල්පයකි. පිළිගත් සමාන්‍ය ක්‍රමයකට බලය අල්ලා ගැනීමේ අරමුණින් කරන සන්නද්ධ කැරැල්ල කදී යොදා ගැනන සටන් ක්‍රමය වනුයේ රජයේ ආරක්ෂක හමුදා සමග සටන් කොට ආක්ෂක හමුදා පරාජය කොට බලය අල්ලා ගැනීමය.

එහෙත් ජේවීපී දෙවැනි කැරැල්ලට තිබුනේ ඊට වෙනස් අසම්මත මෙලේච්ච උපාය මාර්ගික වැඩ සටහනකි. ඒ අනුව රජයේ ආරක්ෂක හමුදා සමඟ සටන් කොට බලය අල්ලා ගැනීම ඔවුන් ගේ අපේක්ෂාව නොවීය. ඒ වෙනුවට යොදා ගත්තේ රජයේ පරිපාලන පදනමද ආණ්ඩුවට පක්ෂ හා ජේවීපියට විරුද්ධ මතවාදී පදනමද විනාශ කිරීමට හේතු වන ලෙස ඒවාට සම්බන්ද ලොකු පිරිසක් මරාදමන ප්‍රතිපත්තියක් මගින් රාජ්‍ය යන්ත්‍රය හා දේසපාලන ක්‍රමය අක්‍රීය කොට සිය බලය පතුරුවා බලය අල්ලා ගැනීමය.එවැනි ක්‍රමයකට බලය අල්ලාගත් රටක් ගැන මා නම් අසා නැත. එහෙත් විජේවීරගේ එම සටන් ක්‍රමය

මුහුණ දිය හැකි ප්‍රතිවැඩ සටහනක් ආරක්ෂක හමුදාවන්ට නොතිබීම නිසා කැරැල්ලේ ආරම්බක මාස තුනේදී රාජ්‍යයේ පැවැත්ම ලොකු අර්බුදයකට ගොස් තිබුණි. කැරලිකරුවන් ගේ එම වැඩ සටහනට මුහුණ දිය හැකි ප්‍රති සටන් ක්‍රමයක් පොලීසියට හා ආරක්ෂක හමුදාවන්ට හඳුන්වා දෙන ලද්දේ දකුණේ ත්‍රස්ත විරෝධි කටයුතු භාර ප්‍රධාන පොලිස් නිලදාරියා ලෙස ක්‍රියා කළ ප්‍රේමදාස උඩුගම්පොළය.

” සතුරා හා කරන සටන් උන් කරන ලෙසටම ” යන්න ඔහු යෝජනා කල ප්‍රති සටන් ක්‍රමය විය. ජේවීපිය යොදාගත් ක්‍රමය වූ යේ ආරක්ෂක හමුදා සමග සටන් කිරීමෙන් වැලකී රාජ්‍යයේ පරිපාලන තලය හා මතවාදී තලය බිඳ දැමීමට හේතුවන පුද්ගලයින් තෝරාගෙන ඔවුන් මරා දැමීමය. එවැනි මරා දැමීම සඳහා යොදාගන්නා පුද්ගලයින් පිටස්තරින් ගෙන්වාගත් පුද්ගලයින් වීම නිසා ඔවුන් හඳුනා ගැනීම ද ඉතා දුෂ්කර විය. උඩුගම්පොළ යෝජනා කල ප්‍රති සටන් ක්‍රමය වූයේ ජේවීපියට සම්බන්ද සියළු දෙනාද මරා දැමිය යුතු බවය.ජේවීපිය අශීලාචාර සටන් ක්‍රමයක් තෝරාගත් විට ප්‍රති පක්ෂයද අශීලාචාර ලෙස ක්‍රියා කරන තැනකට තල්ලු විය.ජේවීපී දෙවැනි කැරැල්ල රටේ සමාජ – දේසපාලන ක්‍රමයට හා ආර්ථිකයට ඇති කල විනාශය අති විශාලය. සිදු වූ බිහිසුණුම දේ වනුයේ එම අසීලාචාර කැරැල්ල හා එල්ටීටීඊ කැරැල්ල රටේ ශිලාචාරත්වයේ වියමන විශාල ප්‍රමාණයකට ලිහා දැමීමය. ජේවීපිය දෙවැනි කැරැල්ලේදී ඔවුන් කල බිහිසුනු අපරාධ වලට ඔවුන් අවංකව සමාව ගන්නා තෙක් ඔවුන් පිලි නොගන්නා දැඩි ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය වී තිබෙන්නේ ජේවීපියෙන් පලි ගැනීම සදහා නොව එවැනි අශිලාචාරත්වයක් නැවත කවදා හෝ කා අතින් හෝ ඇති වීම වැලකීම සඳහාය.මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජේවීපී දෙවැනි කැරැල්ල ගැන ලියා තිඛෙන ලිපියකින් ලබාගත් උද්ධෘතයකින් මෙම ලිපිය අවසන් කිරීම සුදුසුය.”

ජවිපෙ කාර්යධරයින් තුළ දේසපාලන බලයේ මධ්‍යයට ප්‍රවිශ්ඨ වීම සඳහා ප්‍රචන්ඩත්වය හා භීෂණය කෙරෙහි තිබූ කැපවීම ඉතාමත් පුදුමාකාරය. ඔවුන් වූ කලී පැහැර ගැනීම්, සමූහ ඝාතන සහ හතුරන්ගේ ශරීර කපා කොටා දැමීම සිදුකල, දොහින් මරා දැමීමට පෙර වියාජ නඩු විභාග පැවැත්වූ, ජවිපෙ නියෝග හා අණ ක්‍රියාත්මක කරමින් ගෙයින් ගෙට ගිය, දේසපාලන රැස්වීම් හා ඡන්ද මධ්‍යස්තාන වලට කඩා පැනීම කල නාසි ප්‍රහාරක කණ්ඩාටම්වල කාර්‍යය මෙරට ඉටු කළ කොටස් ය.”

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

විදුලි ගාස්තු අඩු කිරීමේ සංශෝධිත යෝජනාව අද මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට අද (22) භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිල ඒ ප්‍රමාණයෙන්ම අඩු කරන බවයි ඒ අනුව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

Continue Reading

Hot News

දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂිත ගේට්ටු

දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ සඳහා සේවකයින් 1200ක් බඳවා ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේ.

රජයේ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවා ගත් පුද්ගලයින් ඒ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇත.

මුදල් අමාත්‍යාංශය සමග ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම බඳවා ගැනීම් සඳහා එකඟතාව හිමි වූ බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.

ආරක්ෂිත ගේට්ටු නොමැති වැඩිම හරස් මාර්ග සංඛ්‍යාවක් පවතින්නේ පුත්තලම මාර්ගයේ හා මුහුදුබඩ දුම්රිය මාර්ගයේයි.

Continue Reading

Hot News

Watch : මේ දවස්වල උණුසුම ඉතාම අවදානම්

දිස්ත්‍රික්ක 6කට අද (22) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, කුරුණෑගල, පුත්තලම, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහායි.

එම පළාතේ සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වයෙන් ආරක්ෂාවීමට එම දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම,අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම,සුදු හෝ ලා පැහැති ඇඳුම් ඇඳීම මෙන්ම සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම එම උපදෙස්වලට ඇතුළත් ය.

උෂ්ණාධික කාලගුණය හමුවේ ළමුන් හා වැඩිහිටියන් වැඩිපුර ජලය පානය කළ යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ.

Continue Reading
Advertisement
Hot News14 mins ago

විදුලි ගාස්තු අඩු කිරීමේ සංශෝධිත යෝජනාව අද මහජන උපයෝගිතා කොමිසමට

Hot News24 mins ago

දුම්රිය හරස් මාර්ග 400ක් සඳහා ආරක්ෂිත ගේට්ටු

Hot News2 hours ago

Watch : මේ දවස්වල උණුසුම ඉතාම අවදානම්

Hot News3 hours ago

ප්‍රාථමික අංශයේ සෑම සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් 

Sports3 hours ago

Watch : ඒ නෝ බෝල් එක පේන්නේ නැති අම්පයර් වෙන ජොබ් එකක් හොයාගත්තා නම් හරි

Hot News4 hours ago

රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද

Weather4 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්

Sports14 hours ago

ශ්‍රී ලංකාවට ලකුණු 3ක පරාජයක්

Sports16 hours ago

ශ්‍රී ලංකාවට ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක්

Hot News16 hours ago

මල්වානේ නිවස ගැන ඇමති විජයදාසගෙන් තීරණයක්

Politics16 hours ago

මොන බලපෑම ආවත් දියත්කර ඇති කිසිඳු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ – ටිරාන් අලස්

Hot News17 hours ago

නුදුරේදීම ඉරාන ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි – ඉරාන විදේශ අමාත්‍ය

Hot News17 hours ago

ශිෂ්‍යභට පුහුණුවට ගිය සිසුන් දෙපිරිසක් ගුටි කෙළියක – 17ක් රෝහලට

Sports18 hours ago

අවසන් තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Hot News18 hours ago

උද්ධමනය යළිත් ඉහළට

Hot News19 hours ago

ළමයින්ට පාඩම් කරන්න විදුලිය ඕන නෑ, කුප්පි ලාම්පුවෙන් පුළුවන් – විදුලිබල මණ්ඩලේ මාධ්‍ය ප්‍රකාශක

Politics19 hours ago

ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි – ජනපති

Hot News19 hours ago

සත්‍ය සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ප්‍රසාදයට

Hot News21 hours ago

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

Hot News21 hours ago

ක්‍රිකට් පිත්තකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකළ පිය පුතු දෙදෙනා අත්අඩංගුවට

Hot News22 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Politics23 hours ago

කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහය දෙන්න – සජිත්

Hot News24 hours ago

භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දමයි

World1 day ago

අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

Hot News1 day ago

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණයට සක්‍රීය යාන්ත්‍රණයක්

Hot News1 day ago

Online පනතට එරෙහි පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා

Politics1 day ago

රට හදන තැන අදත් රැස්වෙයි

Hot News1 day ago

මහබාගේ වෙඩිතැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Sports1 day ago

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන අවසන් 20-20 තරගය අද

Weather1 day ago

අද ප්‍රදේශ රැසකට පොඩි පොඩි වැසි

Hot News2 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports4 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News3 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports3 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News2 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News1 month ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local4 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local4 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News4 weeks ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News2 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World1 month ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News3 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World4 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News2 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports4 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World4 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World3 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 weeks ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

Hot News4 weeks ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News3 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News2 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News2 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News4 months ago

නුවරඑලිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතුවලින් ඉවත් වෙයි

Uncategorized2 months ago

කහවත්තේ මව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දියණිය නිදහස්

Sports4 months ago

ආබාධයක් හේතුවෙන් ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

Hot News2 months ago

තම ජීවිතය ගැන නොසිතා මහ රෑ පූඩලු ඔයට පැන එක් දරු මවකගේ ජීවිතය බේරාගත් පොලිස් නිළධාරියා

Hot News4 weeks ago

Watch: මාරක රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට

Hot News2 weeks ago

දේපොළ කොල්ල කෑමට ආ පුද්ගලයකු නිවැසියන්ගේ ප්‍රහාරයකින් මරුට

Hot News2 hours ago

Watch : මේ දවස්වල උණුසුම ඉතාම අවදානම්

Hot News22 hours ago

Watch : හරීන්ගේ ඉන්දියා කතාවට සද්දේ දාපු විමල්ට හරීන් හොඳට අමතයි

Hot News2 days ago

Watch : වීසා නැතුව පොලිසියට සද්දේ දැමු චීන කාන්තාව පොලිසියෙන් කුදලගෙන යයි

Sports2 days ago

Watch : මතීෂට නෙට් එකේ බැට් කරන එක තමයි අමාරුම් වැඩේ

Hot News3 days ago

රටම කැළඹූ කොටකෙතන මව සහ දියණිය අවසන් ගමන් යැවූ සැකකරුට මරණ දඬුවම

Hot News3 days ago

Watch : ටිකට් ඉවරයි කියද්දීත් මිනිස්සු වැටවල් කඩාගෙන ටිකට් ගන්න එයි

Politics4 days ago

Watch : ගැහැණු සියල්ල එක මිටට අරන් අනුර කුරුණෑගලට

Hot News4 days ago

Watch : මුහුණේ තුවාල සහිතව මියගොස් සිටි තිදරු මවගේ සිරුර හමුවෙයි

Politics5 days ago

Watch : මේ රටට ගොඩක් මහන්සියි , ගොඩක් අමාරුයි ඔබගේ ජීවිතවලට දැනෙන වෙනසක් අවශ්‍යයි

Hot News5 days ago

මම හැමදාම ඉන්නේ කාර්යාල අඩස්සියේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Hot News5 days ago

Watch : ප්‍රසිද්ධ පාසලක ගුරු – විදුහල්පති කඹ ඇදිල්ල නිසා බණ්ඩාරවෙලම උණුසුම් වෙයි

Hot News6 days ago

Watch : හදවතේ ගායකයා චාමර වීරසිංහ බැලීමට සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට යයි

Hot News6 days ago

Watch : සැමියාගේ මන්න මිටි පහරින් 21 හැවිරිදි බිරිඳ ජීවිතක්ෂයට

Politics7 days ago

Watch : කෙහෙළිය අසනීප නිසා අද උසාවියට එන්න බෑ කියලා , කෙහෙළිය නැතුවම නඩුව ඉදිරියට යයි

Hot News7 days ago

Watch : බස්වල සිංදු කියලා ත්‍රීවීල් එක උකස් තියලා ජෝතිගේ නමට බස් හෝල්ට් තුනක් හදපු රසිකයා

Hot News7 days ago

Watch : සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල ඇඟට දැනෙන ලෙස අඩු කරයි

Politics1 week ago

Watch : වතුකරයේ ජනතාව කම්කරුවන් ලෙස නොව ව්‍යවසායකයන් කිරීමේ අරමුණින් සජබෙ සාමුහික ප්‍රඥප්තියකට අත්සන් කරයි

Hot News1 week ago

Watch : තම නැගණිය දුක් මහන්සියෙන් වගා කළ කුඹුර , අයියයි අක්කයි විෂ නාශක තෙල් ගසා විනාශ කරලා

Hot News1 week ago

Watch : ගිලන් රථයට යන්න නවත්තපු දුම්රිය ගමන

Hot News1 week ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Hot News2 weeks ago

Watch : රෙදි කෑල්ල ගසක ගැට ගසා සෙල්ලම් කරමින් සිටි දරුවා ගෙල සිර වී අවාසනාවන්ත ලෙස මියයයි

Hot News2 weeks ago

Watch : නිවසක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙක් නිවැසියන්ගේ ගුටි කා අවසන් ගමන් යයි

Hot News2 weeks ago

Watch : තමන් විදුහල්පති බව අමතක කරලා වේදිකාව දෙවනත් කරමින් විදුහල්පතිවරයා දාපු ලස්සන නර්තනය මෙන්න

Politics2 weeks ago

Watch : ඉන්දීය සංචාරය ගැන එල්ල වූ චෝදනාවලට අනුර කුමාරගෙන් සැර උත්තරයක්

Politics2 weeks ago

Watch : නාමල් සහ ලිමිණිගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න රාම් කෝවිලෙන් ආශිර්වාද

Politics2 weeks ago

Watch : සනත් නිශාන්ත වෙනුවට ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

Entertainment2 weeks ago

Watch : දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥ හරිහරන් යාපනයට පැමිණෙයි

Politics2 weeks ago

Watch : අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 20ක් ලබා දෙනවා – ජනපති

Politics2 weeks ago

Watch : සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් සජබෙට

Hot News2 weeks ago

Watch : තිලිණි ප්‍රියමාලි තවත් නඩුවකින් නිදොස්කොට නිදහස් කරයි

Advertisement

Categories

Trending