ඉදිරියේදී මෙරට පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වී තිබෙනවා
එහිදී ඇය මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා ඇති බවයි වාර්තා වෙන්නේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පවසා ඇත්තේ, ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බවයි.
මේ අතර, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවුරුදු දෙකකට කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් හා මන්ත්‍රීවරුන් ඊයේ (28) ඉල්ලීමක් කළා.
කෙසේවෙතත්, මෙම යෝජනාවෙන් අනතුරුව බොහෝ දේශපාලන කණ්ඩායම් ඊට විරුද්ධව මත පළ කර තිබුණා.
Very interesting info!Perfect just what I was
searching for!Raise blog range