ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු මාර්තු මාසය තුළ ගෙවන ලෙසත් එසේ නොකළහොත් ඔවුන්ගේ තැන්පත් මුදලින් අදාළ මුදල අඩු කරගන්නා බව දන්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නිකුත්කර ඇති ලිපියක් ක්රියාත්මක වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (04) අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.
ඛනිජ තෙල් බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සංගමය විසින් අදාල පෙත්සම යොමු කර තිබුණා.
අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් අදාල පෙත්සම සලකා බැලීමෙන් මෙම අතුරු නියෝගය නිකුත් කළා.
මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන්.