ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් (23) දින උදැසන සිදු වු අනතුරකින් බස් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකාරු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (23) දින උදැසන 7 ට පමණ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදිය.

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු ලොරි රථය ලිස්සාගොස් බස් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් බස් රථයට සහ ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

පවතින අධික වර්ෂාව සහ එම මාර්ගයේ පවතින ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසට ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

රිය අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

ff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here