Hot News
ලක්මව රනින් සැරසූ තරුෂි කරුණාරත්න ජනපති හමුවෙයි(ඡායාරූප)

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම අද (05) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් වෙත අක්තපත්‍ර ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සව අවස්ථාවේදීම තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවද උත්සවාකාරයෙන් ජනාධිපති මන්දිරය වෙත පිළිගැනීම සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් සිසුවියව නව තානාපතිවරු වෙත හඳුන්වාදීම ද සිදු කරනු ලැබිණ.
තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පාසලේ මලල ක්‍රීඩා කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 76 දෙනාට ද ඇය සමග මෙම අවස්ථාවට එක්වීමට ආරාධනා කර තිබිණි.
ඒ අනුව එම සිසු සිසුවියන් සියලුදෙනා ද, විදුහල්පතිවරයා සහ තරුෂිගේ ක්‍රීඩා පුහුණුකරු ඇතුළු ක්‍රීඩා පාසලේ ගුරුවරුන් 06 දෙනාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී තරුෂි කරුණාරත්න සිසුවියගේ දක්ෂතා අගයමින් සිය සුබ පැතුම් පළ කළ ජනාධිපතිවරයා වසර 21 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම සම්බන්ධයෙන් ස්තූතිය පිරිනැමීය.
අනතුරුව ජනාධිපතිවරයා තරුෂි ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමග සුහද කථාබහකට ද එක් විය.
ක්‍රීඩා පාසල් සංකල්පය අනුව 1995 වසරේදී මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ස්ථාපිත කෙරිණි. මෙම විදුහල ක්‍රීඩා අංශයෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ රැසක් අත්කරගෙන සිටින අතර දකුණු ආසියානු කණිෂ්ඨ මට්ටමේ සිට ඔලිම්පික් ක්‍රීඩා දක්වා සියලුම ජාත්‍යන්තර තරග නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවූ එකම පාසල ද වෙයි.
මෙම සිසු සිසුවියන්ගේ මලල ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී බලධාරින්ගෙන් විමසා සිටියේය.
මංතීරු 08ක් සහිත මීටර් 200ක ධාවන පථයක්, මීටර් 300ක එක් පුහුණු මංතීරුවක්, මීටර් 130ක සෘජු ධාවන මංතිරු 04ක් ඉදිකිරීම ඇතුළු ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 220ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තුගත කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරිණි.
අදියර දෙකක් යටතේ වසර දෙකක් තුළදී මෙහි ඉදිකිරීම් සම්පුර්ණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත උපදෙස් දුන් අතර අවශ්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජය මඟින් වෙන් කිරීමට කටයුතු කරන බවද පැවසීය.
එසේම ක්‍රීඩා පසලේ අවශ්‍ය කඩිනම් ප්‍රතිසංස්කරණ සහ අවශ්‍යතා සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ මෙම වර්ෂයේ දී රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබේ.
ක්‍රීඩාවෙන් පමණක් නොව අධ්‍යාපනයෙන්ද ඉදිරියට යාමට කටයුතු කරන ලෙස මෙහිදී සිසු සිසුවියන්ට ඔවදන් දුන් ජනාධිපතිවරයා ඔවුන් සියලුදෙනාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළේය.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇතුළු ක්‍රීඩා පාසලේ සිසු සිසුවියන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එතුමිය ද තරුෂි සමග සුහද කථා බහක නිරතවෙමින් ඇයගේ ඉදිරි අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ආශිර්වාදය පළ කළාය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු ගමගේ, වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේරත් යන මහත්වරුන්ද තරුෂි කරුණාරත්න සිසුවියගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර සිසු සිසුවියන්ට මහනුවර ජනාධිපති මන්දිරය දැකබලා ගැනීමට ද අවස්ථාව උදා කර දී තිබිණි.







Hot News
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි

මුදල් සෙවීමේ අරමුණින් සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූපයක් ලබාදෙන ලෙස බිරිඳ කළ ඉල්ලීමකට ඇති වූ ආරවුලක් මත බිරිඳ විසින් කඩුවකින් පහර දී සැමියා ඝාතනය කර තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයෙන්.
මීට පෙර ද සැමියාගේ විසින් මෙම ඉල්ලීම සිදුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් බිරිඳ සහ ඔහු අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිව තිබෙන බව සඳහන්.
ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිඳගෙන් සිය දියණියගේ ඡායාරූප ඉල්ලා බිරිඳ සමඟ බහින් බස් වී ඇති අතර, එය දුර දිග ගොස් බිරිඳට පහර දී තිබෙනවා.
එම අවස්ථාවේ දී බිරිඳ සැමියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර පසුව ඇය විසින් නිවසේ තිබූ කඩුවකින් සැමියාගේ බෙල්ල ප්‍රදේශයට සහ කකුලකට පහර දී ඝාතනය කර තිබෙන බවයි අනාවරණය වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අද (04) දිනයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Hot News
Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන පාපැදිකරුවෙකු සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතරතුර එම පාපැදිකරු හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර බරපතල තුවාල ලැබූ පාපැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, මලියදේවපුර පදිංචි 59 හැවිරිදි තිදරු පියෙකි.
සැකපිට මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)
Hot News
Watch : තරංගගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports3 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්