පුද්ගලික වත්තක ගබඩා කර තිබූ ලක්ෂ හතකට ආසනන් වටිනාකමකින් යුත් ලෙලි කජු ගෝනි දහසයක් ඇතුළු එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වනාතවිල්ලුව පොලිසිය සමත්ව තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි බිසෝවත්ත නැමති පුද්ගලික වතු යායේ ආරක්ෂාව සදහා සේවයේ යෙදී සිටි මුරකාර අඹුසැමි යුවළගේ ඥාති සහෝදරයකු බව කියයි.
මීට මසකට පමණ ඉහතදී අදාල වතු යායේ ගබඩා කර තිබූ ලෙලි කජු තොගයක් සහ එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාකරණ (ඩී.වී.ආර්) යන්ත්‍රය ඇතුළු තවත් උපකරණ රැසක් සොරා ගෙන වත්තේ මුරසේවයේ යෙදී සිටි අඹු සැමි යුවළ ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි.
පසුව වනාතවිල්ලුව පොලිසිය මගින් පුළුල් විමර්ශණයක් ආරම්භ කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් කල දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ වතු යායේ ආරක්ෂකයින් ලෙස කටයුතු කල අඹු සැමි යුවළගේ මෙහෙයවීමෙන් මෙම සොරකම සිදු කල බවත්, එසේ සොරකම් කරන ලද කජු තොගය පොල්පිතිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අලෙවි කර මුදල් ලබා ගැනීමට කටයුතු කල බවයි.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු (50) හැවිරිදි වියේ පසුවන පොල්පිතිගම පදිංචිකරුවකු බවත්, මොහු සිද්ධියට සම්බන්ධ වතු යායේ මුරකාර අඹුසැමි යුවළගේ සහෝදරයකු බවත්, මොහුගේ සම්බන්ධිකරණයෙන් සොරා ගත් කජු අලෙවිය සිදුවී ඇතැයි පරික්ෂණ පවත්වන පොලිසිය සදහන් කරනවා.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර අඹුසැමි යුවළ ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර තිබෙන අතර, අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට පුත්තලම මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය නියෝග කර තිබුණි.
වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමුදු සේනානයක මහතාගේ උපදෙස් මත වැඩබලන පොලිස් පරික්ෂක දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියසේන බණ්ඩාර, පොලිස් සැරයන් (33433) සෝමරත්න, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන (10927) සදුනි, (12096) මලීනා, පොලිස් කොස්තාපල් වරුන්වන (10273) ආරියසිංහ, (98973) චින්තක යන නිළධාරින් විමර්ශණ සදහා එක්ව තිබුණි.
(පුත්තලම ප්‍රියංකර කළුපහන)