Hot News
ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර ඒ මුදල් දියණියගේ වෙඩිමට වියදම් කරන්න අරන් ගිය නිලධාරිනියගේ වැඩ තහනම්

රුපියල් ලක්ෂ 51ක මුදලක් සභා ගිණුමට බැර නොකර දියණියගේ විවාහ මංගල උත්සවයකට වැය කරීමට රැගෙන ගිය බව කියන මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මහනුවර නගර සභාවේ නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා විසින් අදාළ සේවිකාවගේ වැඩ තමනම් කිරීම සඳහා වන නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා මගින් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා වෙත යොමුකර තිබේ. එම නිර්දේශ පදනම් කර ගනිමින් පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් වැඩ තහනම් කිරීමේ ලිපිය මහනුවර නාගරික කොමසාරිස් මගින් සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනිය වෙත එවා ඇත.
මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ තවත් ස්ථාන කිහිපයක ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයින්ට පෙරවරු කාලයේ 10 % ක පොලියකට මුදල් ලබා දී පස්වරුවේ පොලිය ද සමඟ අදාළ මුදල අයකර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර නගර සභාවේ ගිණුම් අංශයට එකතුවන මුදල් නගර සභා සේවකයින් ඒ ආකාරයෙන් පොළියට ලබා දීම සඳහා යොදා ගත්තේ ද යන බරපතළ සැකය විමර්ශන නිලධාරීන්ට මතුව ඇත.
පසුගිය දිනවල වාර්තා වූ වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත කරනු ලබන සියලු ගෙවීම් කටයුතු අවශ්‍යය නම් තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීමට හැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කළ බව මහනුවර නාගරික කොමාසාරිස් ඉෂාන් විජේතිලක මහතා කීය.
සිදුව තිබෙන වංචා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා අතරතුර නැවත ඒ ආකාර වංචා හා දූෂණ සිදු නොවීම සඳහා වැඩපිළිවෙළක් දියත් කළ යුතුව තිබෙන බවත් එහි එක් පියවරක් ලෙස වරිපනම්, ජල බිල්පත් ඇතුළු සියලු ගෙවීම් තැපැල් කාර්යාල මගින් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බවත් කී ඒ මහතා ගිණුම් අංශය කාර්යාලය වෙත දෛනිකව එකතු වන මුදල් ප්‍රමාණය අවම කිරීම මෙහි අරමුණ බව ද අවධාරණය කළේය.
(කේ.එල්. සුරවීර මහනුවර )
Hot News
තම දියණියගේ නිරුවත් ඡායාරූප විකිණීමට ඉල්ලූ සැමියාව බිරිඳ අවසන් ගමන් යවයි

මුදල් සෙවීමේ අරමුණින් සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූපයක් ලබාදෙන ලෙස බිරිඳ කළ ඉල්ලීමකට ඇති වූ ආරවුලක් මත බිරිඳ විසින් කඩුවකින් පහර දී සැමියා ඝාතනය කර තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයෙන්.
මීට පෙර ද සැමියාගේ විසින් මෙම ඉල්ලීම සිදුකර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් බිරිඳ සහ ඔහු අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිව තිබෙන බව සඳහන්.
ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිඳගෙන් සිය දියණියගේ ඡායාරූප ඉල්ලා බිරිඳ සමඟ බහින් බස් වී ඇති අතර, එය දුර දිග ගොස් බිරිඳට පහර දී තිබෙනවා.
එම අවස්ථාවේ දී බිරිඳ සැමියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර පසුව ඇය විසින් නිවසේ තිබූ කඩුවකින් සැමියාගේ බෙල්ල ප්‍රදේශයට සහ කකුලකට පහර දී ඝාතනය කර තිබෙන බවයි අනාවරණය වන්නේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අද (04) දිනයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Hot News
Watch : පුහුණුවීම් අතරතුර පාපැදිකරුවෙකු රිය අනතුරකින් මරුට

අනුරාධපුර ගෙවල් 55 ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද උදෑසන පාපැදිකරුවෙකු සිය පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටින අතරතුර එම පාපැදිකරු හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර බරපතල තුවාල ලැබූ පාපැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, මලියදේවපුර පදිංචි 59 හැවිරිදි තිදරු පියෙකි.
සැකපිට මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(ඉන්දික රංගජිව – අනුරාධපුරය)
Hot News
Watch : තරංගගේ ප්‍රධානත්වයෙන් නව තේරීම් කමිටුවක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
-
Hot News4 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports4 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports3 days ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
World2 days ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News3 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
Hot News3 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News4 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
World2 days ago
එක කාන්තාවකට අවම වශයෙන් දරුවන් 8ක් ඉන්න ඕන – මෙන්න විශේෂ තීරණයක්