Politics
ලබන වසර වනවිට විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කරනවා

එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 4672 ක් බඳවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලයේ පැවැති පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
අධ්‍යාපන ක්ෂේත්‍රය අඛණ්ඩ ව සහ ක්‍රමවත් ව පවත්වාගෙන යාමට ක්ෂේත්‍රයේ පවත්නා පුරප්පාඩු සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් පවතින බවත් භාණ්ඩාගාරයෙන් එයින්50%ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට දැනට අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව එම පුරප්පාඩු 404 නුදුරේ දී ම සම්පූර්ණ කරන බවත් පැවසීය.
එමෙන්ම ගුරු උපදේශන සේවයේ ද සිටිය යුතු සංඛ්‍යාව 4200 ක් වන නමුත් දැනට සේවයේ සිටින්නේ 1100 කට ආසන්න පිරිසක් බව ද අමාත්‍යවරයා, පෙන්වා දුන්නේය.
එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ද මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් පිළියෙළ කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් 1800ක් සිටිය යුතු වුවත් දැනට නිලධාරීන් 800 කට වඩා නොමැති බවත,් ඉදිරියේ දී නිලධාරීන් 707 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
නවක විදුහල්පති පත්වීම් ලබන මෙම විදුහල්පතිවරුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග මීට වසර කිහිපයකට පෙර විදුහල්පතිවරුන් මුහුණ දුන් අත්දැකීම් සහ අභියෝගවලට වඩා හාත්පසින්ම වෙනස් වන බවත් ඩිජිටල් තාක්ෂණය සමග අනාගතයට මුහුණ දෙන දරුවන්ගේ අවශ්‍යතා නිවැරදි ව හඳුනා ගනිමින් ඔවුන් වෙනුවෙන් පාසල සූදානම් කිරීමට මෙම විදුහල්පතිවරුන් සමත් විය යුතු බවත් නුදුරේදී ම ඔවුන් වෙනුවෙන් ලබාදෙන පුහුණුවේ දී ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරවීමට පුහුණුකරුවන් වෙත තමා උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2019 වර්ෂයෙන් පසු මෙරට පාසල් පද්ධතිය වෙත එකවර මෙවන් විදුහල්පතිවරුන් සංඛ්‍යාවක් බඳවා ගැනෙන ප්‍රථම අවස්ථාව මෙය බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි වසර තුළ 1AB සහ 1C පාසල් සියල්ල ම ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඊට ගැළපෙන පරිදි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා වෘත්තීය සංවර්ධන අවස්ථා ලබාදෙන බවත්, කලට වේලාවට ක්‍රමවත්ව විභාග පවත්වමින් පාසල කෙරෙහි දරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීමට හැකි සියලු පියවර ගන්නා බවත් අවධාරණය කළේය.
විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මෙවර අමාත්‍යධූරය භාරගන්නා මොහොත වන විට පෙළපොත් බෙදා දීම, නිල ඇඳුම් බෙදා දීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක අභියෝග පැවති බව ද මේ වන විට ඒවාට විසඳුම් ලබා දී ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේ දී පාසල් දිවා ආහාර වේල සියලු ම ප්‍රාථමික ශ්‍රේණි සිසුන් වෙත ලබාදීමට ද වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව පැවසීය. පාසල් සංවර්ධන සමිති ගාස්තුව 50% කින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බවට තොරතුරක් මේ දිනවල සමාජගත ව ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි තීරණයක් කිසිසේත්ම ලබා දී නොමැති බව ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
Politics
ජනපති දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී අද (03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
පැරිස් සම්මුතිය සමඟ ලෝකයේ රටවල් අනුගතව සිටියද, එහිදී එකඟ වූ ඉලක්ක සපුරා ගැනීමට එම රටවලට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු ආයතනික වෙනස්කම් කිසිවක් ක්‍රියාත්මක නොවු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එම කඩිනම් අවශ්‍යතාව හඳුනා ගනිමින් දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ තීරණාත්මක ප්‍රයත්නයන්ට දායක වීමට අවශ්‍ය ධාරිතා ගොඩනැගීම සහ පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් (ICCU) පිහිටුවීමට තමා යෝජනා කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දැනටමත් වෙන් කරන ලද අක්කර 600 ක ඉඩමක ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවන බවත් එය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා ලෝකයේ සෑම රටකම සහය සහ දායකත්වයට ඊට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
බංග්ලාදේශය, සීෂෙල්ස් සහ මෝල්ඩෝවා වැනි රටවල් දැනටමත් මෙහි කටයුතු සඳහා සහාය පළ කර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන එක් ජාතියක පමණක් වගකීමක් නොවන අතර සමස්ත ලෝකයම ඒ සමඟ අත්වැල් බැඳගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.
Politics
“නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනපති COP28 සමුළුවට ඉදිරිපත් කරයි

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීම සහ නිවර්තන කලාපීය ජාතීන් සඳහා තිරසර සංවර්ධනයක් සහතික කිරීම අරමුණු කරගත් අනාගතවාදී වැඩපිළිවෙළක් වන “නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (02) COP28 සමුළුව වෙත ඉදිරිපත් කළේය.
දේශගුණික අරමුදල්වල ආකෘතිමය වෙනසක් සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශයක අවශ්‍යතාව මෙම සැලැස්ම කඩිනම් කිරීමට හේතු වූ බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වසර 2030 වන විට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේ ඉලක්කය ඉටුකර ගැනීමේ අවිනිශ්චිතතා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශනය ආරම්භ කළේය. මෙම තීරණාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇති 50%ක අවස්ථාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අනෙකුත් රටවලින් මූල්‍යධාර ලැබීම අපේක්ෂා කළ නොහැකි බවද කියා සිටියේය.
එබැවින් මෙම අරමුදල් සපයා ගැනීමට නිවර්තන සහ නිවර්තන නොවන රටවල් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම වනාන්තර, වගුරු බිම් සහ කඩොලාන වැනි අත්‍යවශ්‍ය ස්වභාවික සම්පත් කේන්ද්‍ර කර ගත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඉලක්ක කර ඇති බවත්, ගෝලීය උණුසුම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට මෙම ආයෝජන අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශගුණික විපර්යාසවලට මහුණදීමේ දී වාර්ෂිකව වැය කරන ඩොලර් ට්‍රිලියන ගනණක මුදල් ඉතිරි කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙනු ඇති බවද පැවසූ ජනාධිපතිවරයා පෞද්ගිලක අංශයේ දායක්තවය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාවද පෙන්වා දුන්නේය.
නීල ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර ඉන්දියානු සාගරයක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු සාගර වට අද්දර සංගමය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම සහ තිරසාර ඉන්දියන් සාගරයක් පිළිබඳ ප්‍රයත්නයන් ලොව විශාලතම කාබන් අවශෝෂකය නිර්මාණය කරනු ඇති බවද සඳහන් කළේය.
මාලදිවයින, කෙන්යාව, බ්‍රසීලය යන රටවල ජනාධිපතිවරුන් මෙන්ම එමානුවෙල් සහ ප්‍රංශ ජනපති මැක්‍රොන් ඇතුළු ලෝක නායකයන් සමඟ සිදු කළ සාකච්ඡාවලදී, ඔවුන් මෙම වැඩපිළිවෙළ පිළිබඳ දැඩි උනන්දුවක් දැක් වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය .
නිවර්තන කලාප දේශගුණික අභිලාෂ පිළිබඳ සැලැස්ම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ සොයා ගැනීම් බ්‍රසීලයේ COP30 හි ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යෝජිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (ICCU) සඳහා වන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී එළිදක්වනු ලැබීය. මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ වනුයේ දේශගුණක විපර්යාස මැඩ පැවැත්වීම කෙරෙහි ධාරිතා ගොඩ නැංවීම සහ මධ්‍යගත පර්යේෂණ සඳහා අවකාශ සැළසීමයි.
දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවශ්‍ය අරමුදල් ඒකරාශී කර ගැනීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් මිදීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මෙම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගපෙන්වනු ඇති බවද සඳහන් කළේය.
ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාද මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පිහිටුවීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ප්‍රශංසාව පළ කළ මැල්කම් ටර්න්බුල් මහතා ඉන්දියානු සාගර කලාපය ආරක්ෂා කර ගැනීම එම රටවල් ඉදිරියේ ඇති විශාලතම අභියෝගය බවද පැවසීය.
Politics
ජනපති රනිල් සහ බිල් ගේට්ස් අතර හමුවක්

ඩුබායි හි පැවැත්වෙන COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව බිලියනපතියෙකු වන බිල් ගේට්ස් හමුවී තිබෙනවා.
ඒ අනුව කෘෂිකාර්මික නවීකරණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර ශ්‍රී ලංකාව දියත් කර ඇති හරිත වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පෙන්වාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් COP28 සමුළුවේදී ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය (ICCU) නිල වශයෙන් එළිදැක්වීම සිදුකර තිබෙනවා.
-
Hot News3 days ago
මුළු කළුතරම පැයක් තුළ භීතියට පත්කල දොඩංගොඩ පූස්කොටා සහ ගෝලයා අත්අඩංගුවට
-
Sports3 days ago
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
-
Sports1 day ago
සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට IPL වෙන්දේසියේ ඉහළම ලංසුවක්
-
Hot News2 days ago
සුරාසැල් විවෘතව තබන වේලාව වෙනස් වෙයි ?
-
World13 hours ago
සුනාමි අවදානම ගැන විශේෂ නිවේදනයක්
-
Hot News2 days ago
Watch : ඩ්‍රෝන් යොදාගෙන ගුවනින් වල්නාශක ඉසින කවුඩුලු ගොවියෝ
-
Hot News3 days ago
Watch : ආයුධත් අරගෙන තෙල් ගහන්න ආපු මැරයෝ දෙන්නා
-
Hot News3 days ago
වික්ටෝරියා පාලමෙන් කැලණි ගඟට වැටුණු පොලිස් සැරයන් අතුරුදන්